Tuesday, December 11, 2012

ලෝක විනාසේ

කාලෙකට පස්සේ ලියන්න ආවේ..... අදින් පස්සේ නම් දිගටම ඔයාලව හමුවෙන්න මොනවා හරි අරන් එන්න තමයි හිතන් ඉන්නේ.....
ඇත්තටම කියනවනම් අපි අපිට තියෙන මොලේ අමාරුවටද නැත්තම් පශ්චාත් බාගේ අමාරුවකටද මන්දා මැත්ස් කරන්න ගත්තනේ...// වෙලාව හරීම අඩුයි මේ පැත්තේ අඩිය තියන්න...

                              බයිලා වැඩක් නැ දැන් ඉතින් අපි මොනවා හරි ලියමුකෝ.... මේ දවස් වල හරී ප්‍රසිද්ධ උණු උණු හොට් ම්ම්ම්ම්... තව නම දරා ගිය මාතෘකාවක්නේ මේ ලෝකේ විනාසේ කියන්නේ... මටත් මේ නිකන් ඉන්නකොට එ කිව්වේ ඇදුම් ඇදගෙන වැඩක් නැතුව මනෝ පාරක් දාගෙන ඉන්නකොට තමා මේක ගැන හිතුනේ.....


           දැන් අපි හිතමු ඔය කියන දවසේ ලෝකේ විනාස උනා කියල... ඉතින් දන්නවද මට මොකක්ද හිතෙන්නේ කියලා.... මේක ඇත්තටම විනාස වෙනවනම් මොනවා වෙයිද කියලා.... එදාට ඊට කලින් දවසේ අනේ මන්දා කොටු කොටුද මන්දා.... කෝම හරී ඔයාලා මොකෝ කියන්නේ මේක වෙයිද නොවෙයිද  ???















Saturday, August 25, 2012

ෆිසික්ස් ඔක්කාරෙට විත් ළමුන් දෙදහසක් මැද ලැජ්ජාව අමතක කර කන්නට සිදුවූ දුක් ගැහැට සියල්ල වමනය කළෙමි.. (සමාවෙන්න නිලන්ත සෑර්!! :D)

මම හිටියෙ නිශ්චලව..ඔව්..මගෙ හිතට කිසිම ප්‍රවේගයක් තිබුනෙ නෑ.ඒ මගේ හිතට ත්වරණයක් දෙන්න කෙනෙක් නොහිටිය නිසා.මම ඔහේ මගේ පාඩුවේඅනික් අය මාව පහුකරන් ඉස්සරහට විස්ථාපනය වෙන දිහා බලන් හිටියා.ඒත් එක පාරටම මහ විසාල ත්වරණයක් එක්ක ඔයා මගේ ජීවිතේට ආව මතකද?ඊට පස්සෙ මම ගණනය කරන්න බැරි තරම් ප්‍රවේගයෙන් අනාගතය කියන දෛශිකය දිගේ විස්ථාපනය උනා.අනාගතයේම ජීවත් වෙච්ච නිසාදෝමට සාපේක්ශ චලිතය කියන සංකල්පය ඔලුවෙ තිබුණෙම නෑ.සත්තකයි..මම ඒ අවස්ථිතික රාමුවෙන් මිදෙන්න කවදාවත් හිතුවෙ නෑ..
ඒත් දැන්..මම ඕනෙවටත් වඩා සාපේක්ශ චලිතය දකිනවා.මගේ ජීවිතයට පුංචි හරි ත්වරණයක් ඕනෙම කාලෙ මගේ ත්වරණකාරකය වෙච්ච ඔයා මගෙ මුළු ජීවිතේම සීඝ්‍ර මන්දනයකට ඇදල දාලා මගේ ජීවිතෙන් ඌර්ධෝවපාතනය වුනා මතකයේ පුංචි අවක්ෂේපයක් විතරක් ශේෂ කරලා.මගේ ජීවිත ප්‍රස්තාරය දැන් විචලනය වෙන්න ශ්‍රිතයක් නැතුව ඔහේ බලන් ඉන්නවා.එකක් කියන්න ඕනෙ.උඹ නයිට්‍රස් දාල මගෙ ජීවිතේ එකසිය ගාණට ත්වරණය කරනවා කිවුවත් වඳින්නං ආයෙනම් මගෙ දෑහට පේන්න එන්න එපා.දැන් මට සාපේක්ශ චලිතය අත්දැකලා තිත්ත වෙලා..අනෙක් අයගේ ජීවිත ඒ අයගේ ත්වරණකාරකත් එක්ක අධික ප්‍රවේගෙකින් ජීවිතේ හොයාගෙන මගෙන් ඈතට විස්ථාපනය වෙද්දි මම නිශ්චලතාවයේ ඉඳන් උන් දිහා බලන් ඉන්නවා.සමහර අයනම් කියන්නෙ බන්ධන තිබුණමයි, ඒ බන්ධනේ ස්ථාවර වෙන්න වෙන්නයි අස්ථායි බව වැඩිළු!!ඒ නිසා දිගටම ස්ථායි විදියට තනි පරමාණුවක් විදියටම ඉන්නළු..එක එක මූලද්‍රව්‍යවල ගුණ විවිධාකාරයිනෙ.මම ලෝහ ගුණය වැඩි කාණ්ඩෙක මූලද්‍රව්‍යයක් වෙන්න ඇති..මට මගේ ජීවිත ඉලෙක්ට්‍රෝන බෙදා ගන්න බන්ධනයක් ඕන..වැඩේ කියන්නෙ මට ගැළපෙන සංයුජතා සහිත පරමාණු  නැති එක!!
මගෙ ජීවිතේට දැන් තියෙන්නෙ තත්පර ගණන්වල පුංචි ත්වරණයන් විතරයි.ප්‍රවේග කාල ප්‍රස්තාරයක් ඇන්දොත් පෙනෙයි අනුක්‍රමණයක්වත් නැති මෙලෝ රහක් නැති ජීවිතයක් දැන් මට තියෙන්නෙ කියලා.මට ඕනෙ මගෙ ජීවිතේට ඍජු ත්වරණයක් දීල මාව ඒකාකාර ප්‍රවේගෙන්ම ගෙනියන්න පුළුවන් බාහිර බලයක්..ඒ බලය කවදහරි මගේ සංතුලනය බිඳිනකං,නිවුටන් දෙවෙනි නියමෙන් කිවුව වගේ මම නිශ්චලවම නිශ්චල වස්තුවල ගුරුත්ව කේන්ද්‍ර ගැන හිත හිත ඉන්නං...

Sunday, August 12, 2012

මගේ අදහස්..


ජීවිතේ විෂමයි..ඒක හරියට මහා මිරිඟුවක් වගේ..අපිත් වැල්ලෙ අතරමං වෙලා ජීවත් වෙන්න දිය පොදක් වෙනුවෙන් සටන් කරන අසරණ මුවො රංචුවක් වගේ ඔහේ ඉබාගාතේ යනවා.ජීවිතේ කියන්නෙ මහා ආතල් ගුහාවක් කියල හිතන් උන්නට..මේක මහ ගඳ ගහන ගූ ගොඩක් විතරයි..

කාර්මීකරණය වෙලා මුළු ලෝකෙම..සංස්කෘතිය,හැදිච්චකම,කොටින්ම කිවුවොත් අඳින ඇඳුම පැළඳුම පවා කාර්මීකරණය වෙලා..දැන් සමහර කෙල්ලන්ගෙ ඇඳුම් ඇඳීමේ පරමාර්ථය විළි වහගැනීම නෙමෙයි.ලෝකෙට සොබ්බෙ දාන එක..කියන්නෙනම් දැන් සමාජය රැඩිකල් විදියට හිතන උන්ගෙන් පිරිච්ච තැනක්ය කියලා..ඒත් ඒ රැඩිකල්කමම තමයි අපේ සදාචාරෙට හෙනහුරා වෙලා තියෙන්නෙ.අඳින්න පුළුවන් උපරිම කොටට ඇඳුම් ඇඳල තමන් කරන්නෙ මොඩ් විල්ලක් කියල හිතනවනං නංගියේ,අක්කේ,ඇන්ටියේ උඹලට වැරදිලා..


එක පැත්තකින් නෙමෙයි.දැන් අපේ රටේ හැම පැත්තකින්ම වගේ පේන්නෙ පිරිහීම.මෙහෙම ගියොත් රටම මකබෑවිලා යයි.දැන් උදාවෙලා තියෙන්නෙ පන්සල්වල් වහලවලින් ටී-56 මතුවෙන,කෙල්ලො 400ක් ගෑණු කරපු එක සමරන්න පාටි තියන නරකාදි ඉන්න කාලයක්.මේවා අපේම උන්ගෙ වැරදි..ඕන දෙයක් වෙච්චාවෙ කියල කට ඇරන් බලන් ඉන්න එක නවත්තන්න දැන් කල් හරි.දැන් වැඩේට නොබැස්සොත් අනාගතේ අපේ රටේ සංස්කෘතිය,සදාචාරය වගේ වචනවත් අහන්න නැතිවෙයි..යකුනේ මේ දළදා හාමුදුරුවො වැඩ ඉන්න රට..5000ක් වස් බුදු දහම පවතිනවයි කියපු රට..හැදියල්ලා දැන්වත්..නැත්තම් ජාතිය,ආගම විනාස කරපු පවට අපිට ගහන්න හෙණ අහසෙ මදි වෙයි..රචනාවක ලියල තිබුණ වාක්‍යයක් මතක් උනා..ඒකත් ලියලම මේක අහවර කරන්නම්..

"මනුදම්,ගුණදම් ලේශමාත්‍ර වී ගිය ජන සමාජයක යළි මනුස්සකම විශද කරනු වස් තිලෝගුරු අමාමෑණී ශාන්තිනායකයන් වහන්ස,මේ යළිත් වඩින්නට කාලයයි.. "

Friday, August 3, 2012

සදාදර පට්ට වේ*යට පසුව ලියමි..


උඹට මම ආදරේ කරා වැඩි උනා..ඒක වෙන්න ඇති උඹ මට මෙහෙම කරේ..කමක් නෑ..ඔහොම කරගෙන යමන්කො..දවසක් එයි..මම හිනාවෙලා මගෙ ජීවිතේ විඳිද්දි උඹ ඇනගෙන ජීවිතේ විඳවන!!එදාට මාව මතක් උනොත් ඒ ඇති..අඩුම තරමෙ මේකා මට මෙච්චර ආදරේ කරානෙ දෙයියනේ කියල හිතුනොත් මට ඒ ඇති..ඒත් පරිස්සමෙන්..ඔහොම හැම එකා එක්කම යන්න ගියාම අන්තිමට හම්බෙන ළමයට හරිහමං තාත්ත කෙනෙක් නැතිවෙයි...බුදු සරණයි උඹට!!


ලොවම නිදි
මම අවදියෙන් හිඳ
සිනාසෙමි..
මෝඩියේ උඹට..
සැබෑ ආදරයට නිගාකර
මිරිඟුවට බහ දුන්නාට
විඳවාවි උඹ දිනක..
හිතාපන් එදාට
උඹ කරපු
ගොන් වැඩ ගැන..!! 

Thursday, August 2, 2012

සිතිවිලි සක්මන වෙනුවෙන් සමාව ඉල්ලා සිටිමි...

පහුගිය දින කීපය තුල බ්ලොග් අඩවිය හා සම්බන්ධ නොවූ අතරතුරේ යම් කිසි අමාරුකාරයෙකු විසින් මෙම අඩවිය හැක් කර අසභ්‍ය ඡායාරූප පළ කර තිබුනි..හැකි ඉක්මනින් ඒවා ඉවත් කිරීමට කටයුතු කළ අතර සිදුවූ අපහසුතාවය පිළිබඳව අපගේ බලවත් කණගාටුව පළ කර සිටිමු..

Friday, June 15, 2012

ඉබි යතුරයි කොලු කෙල්ලොයි.....

දවසක් කෙල්ලෙක් කොල්ලෙක්ට චෝදනා කලාලු...
“හ්ම්... කොල්ලන්ට ඔන තරම් දඩාවතේ යන්න පුලුවන්...කෙල්ලො ගොඩක් එක්ක යාලු වෙන්න පුලුවන්.... එහෙම යන කොල්ලෝ “මාර පොර“ වල්.....
කෙල්ලෙක් නිකන් හරි වෙන කෙනෙක් එක්ක යාළු උනොත් කෙල්ල “මාර බඩුව“.....
මේක හරි ආසාධාරණයක්......
කොල්ලා උත්තර දුන්නලු මෙහෙම.....
දැන් බලන්න සුදු.....
එක යතුරකින් ඉබ්බෝ ගොඩක් ඇරෙනවා නම් අපි මොකක්ද ඒ යතුරට කියන්නේ...
ෂා මේක මාර යතුරක් නේ කියලා....
ඕනම යතුරකින් ඇරෙන ඉබ්බාට අපි මොකද කියන්නේ.....
මේක මහ බාල ඉබ්බෙක් කියලා....
ඒකනේ... ඒකනේ.....
කොල්ලා කිව්වලු..

බුකියෙන් උස්සන ලදී...

                                                                                                                                                (ඡායාරූපය : මින්දද රත්නායක)

Friday, May 18, 2012

ඇස් ඇරල බලපියවු යකුනේ!!



නායකයාද?සෙන්පතියාද?
මොකා උනාම මොකද බොල?
නිදහසේ හුස්ම ටික වැටෙනවනං..
නවත්තපියවු ඔය මළ සමයම..
යකුනේ මේ අපේ රට!!
තේරුම් ගනිල්ලකො!
සුදු පුකවල් තටමන්නෙ
කෙළවන්න ඒ නිදහසට!!
මැරුම්කාපු අපේ කොල්ලො
සාප කරාවි තොපිට..
මේ අපේ රට!!
 සෙල්ලමට ගන්න එපා යකුනේ!!
නායකකමට මරාගන්න කලියෙන්..
බොලවු..
කරපියවු උපන් බිමට ආදරේ!!

Monday, May 14, 2012

ජංගි සීන්......

                                                      ඇටෙන් පොත්තෙන් වැටිලා රැවුල් කෑල්ලක් දෙකක් එලියට එනකොට සමහරක් කොල්ලෝ කෙල්ලො හිතන් ඉන්නේ උන් තාමා පකීර් කියලා... දැන් අර O/L කියන එක ඉවර කරලා A/L කියල තවත් කට්ටක් කන්න මේ දවස් වල පන්ති ගානේ රස්තියාදු වෙනවනේ....ඕන් ඉතින් ගණන් කාරයෙක් වෙන්න කට්ට කන ගමන් වෙච්ච දෙකයි පනහේ සීන් එකක් තමයි මේ...

දන්නවනේ ඉතින් කොල්ලෝ ගැන.. class ඉවර වෙල ගෙදර එද්දි bus එකේ නැගල ඉන්න කෙල්ලන්ට දස වද දිදි ආතල් එක ගන්න ගමන්නේ ගෙදර එන්නේ.. අපිත් ස්වාභවික මිනිස්සු හින්දා අපේ bus එකේ කෙල්ලෙක් එකට නැගපුත් හින්දා පොඩි බයිටක් දෙන්න සෙට් උනා.. කෝම හරි කෙල්ලගේ ඇස් රතු වෙන්නම අපේ සෙට් එක වැඩේ දුන්නා.

සෙට් එක කිව්වේ මායි තව යාලුවො තුන් දෙනෙකුයි... අම්මට හිකේ කිව්වලු මේන්න ඊලග සතියේ එකිගේ කොල්ලයි තව පඟර නැට්ටෝ ටිකකුයි අපිට ගහන්න සෙට් වෙලා. මොනා කරන්නද අපිත් සේනාව සංවිධානය කරලා ගේමට බැස්සම  වැඩේ සාකච්චා මාර්ගයෙන් විසදුනා. ඒ වෙලෙනම් ඒ පො*** කිවේ කොහෙවත් යන කිම්*** අපි ගහගන්න ඔනේ නැනේ කියලා. ඒත් මුන් අපේ සෙට් එක නැති තැන අයෙත් අපිට ගේම ඇද්දා.. පුලු පුලුවන් විදිහට එකා එකා බලාගත්තා.... වරෙන්කො ඊලඟ සතියේ කියලා අපි ආවත් උන් ඊලඟ සතියේ ඉදන් පන්ති ආවේ නැ....



මොනව කියල කරන්නද උන් එන්නේ නැත්තම් අපි අල කන්නද.... ආයෙත් අවොත් නම් *කවල යවනවා කියල හිතගෙන උන්ගේ අම්මලයි තාත්තලයි හත්මුතු පරම්පරාවමයි මතක් කර කර හැමදාම පන්ති ඉවර වෙලා උන් එනකන් නුගේගොඩ බස් halt එකේ බලන් ඉන්නවා...බලන් ඉදල bus එකක් ආවම ඒකෙ නැගලා ගෙදර යනවා...

ප. ලි.

කොහෙවත් ඉන්න වේ* කෙල්ලෝ හින්දා අහිංසක සුකුමාල අපි වගේ කොල්ලොනේ ඔය වගේ චාටර් ජංගි වලට පැටලෙන්නේ..... බල්ලොත් හු** කෙල්ලෝ කිව්වලු.

Friday, May 11, 2012

මොහොතකට සුපර්මෑන් වුනෙමි!!


මැයි පළවෙනිදා..
මම ගෙදරින් එලියට බැස්සෙ තාත්තට පොඩි උදවුවක් දෙන්න හිතාගෙන කඩේට යන්න..හැමදාම පාගන සයිකල් පැඩල් දෙක එදත් මගේ සෙරෙප්පු දෙකට යටින් තිබුනා..විසිල් පාරකුත් ගහගෙන මමත් කඩේ පැත්තට ආවයි කියමුකෝ..අඳුනන දෙතුන් දෙනෙකුත් හම්බුනා..උන්ටත් පනාව දාගෙන එනකොට සයිකල් රේස් එකක් හන්දිය පහු කරගෙන යනව..යකෝ මුන්ට කම්කරු දිනේ දවසෙත් අවුරුදුනේ..
ඔහේ සුපුරුදු ප්‍රවේගයෙන්ම හන්දියට ලඟා වෙනකොට සයිකල් රේස් එක ගිහින් ඉවරයි..මමත් වැඩර් වගේ කඩේ පැත්තට හරෝල පාගන්න ගත්තා..හුටා..මෙන්න පිටිපස්සෙන් මහා ජන ගංගාවක් ගලනව!!පස්සෙ බැලින්නම් සයිකල් රේස් එකේ දෙවෙනි කාණ්ඩය ඇවිල්ලා..
නයි කයිද ට්‍රැෆික් පොලිස් කිවුවලු..මම පාර මැද්දෙ හිරවෙලා දැන් දැඩි අර්බුදයක..වම් පැත්තෙ කෙරෝලට බයික් එක ගන්න ගියානම් බයිසිකල් රේස් එකම යන්නෙ මගේ ඇඟ උඩින්..වෙන විකල්පයක් නොමැති වූ කල්හි මමත් පිටිපස්ස බලුවා..එතකොට මම ලාවට වගේ දැක්ක කුලප්පු වෙච්ච මී හරකෙක් මෝටර් සයිකලයක් උඩ නැගල එනවා.එවෙලෙ පරිසර වාතාවරණයත් එක්ක ඒ පින්වතා ගැන මනස යොමු කරන්න හැකියාවක් තිබුනේ නෑ..ඉතින් මට මූණ දාල ඒ වෙලාවෙ වාහන තිබුනේ නැති නිසා මම දෙයියනේ කියල අර පාරෙ මැද්දෙ තියෙන සුදු ඉරත් තරණය කරලා කඩේ පැත්තට හැරෙවුවා..
එකපාරටම හෝ හෝ ගල මොකෙද්ද එකෙක් කෑ ගහනව ඇහුනා..කණ ගාව තුන් හුලස් බට්ටෙක් පිපිරුව වගේ සුමිහිරි නාදයක්....යකෝ මම පාවෙනවා!!
අම්මටහුඩු..සුපර්මෑන් ෆිල්ම් එක බලල තිබුනට උඩින් යනකොට මෙච්චර ආතල් කියල මම දැනන් උන්නෙ නෑනෙ!!

හැමදේම අනිත්‍යයි කිවුවලුනේ..
ඔන්න වැටුනා ගෙම්බා ගැහුවා වගේ..වෙලාවට පාර කාපට් කරල තිබුනේ..ඒ හින්දා ඇබින්දක්වත් රිදුනෙ එහෙම නෑ..
මම කොච්චර වාසනාවන්තද..මීටර් 4ක් උඩිනුයි මීටර් 3ක් විතර බිම දිගෙයි විස්ථාපනය වෙලා එක පාරට නැවතුනේ ආදරණීය පියාණන් හා සරල රේඛීයව මගේ මූණත් තහඩුව පිහිටන විදියට..
අම්මප..මට එවෙලෙ මතකෙ තිබුනෙ ඒ මූණ විතරයි..

මම දැක්ක තාත්ත කඩෙන් එලියට එනවා..එයා හිතල තියෙන්නෙ සයිකල් රේස් එක පස්සෙන් ගිය මෝටර් සයිකල් දෙකක් හැප්පුනා කියලා..මම දන්නව තාත්ත කොච්චර අකමැතිද කියලා එහෙම යනවට..ඒත් තාත්තෙ මම එවෙලෙ හැප්පුනු එක හොඳයි..ඒ මොකද මම එදා තමයි ඔයාගේ හිතේ මං ගැන තියෙන ආදර කැක්කුම දැක්කෙ..

"ලොක්කො මට නිදාගන්න ඇස් වහගත්තට නින්ද යන්නෙත් නෑ බං..පේන්නෙම තමුසෙව හැප්පෙන හැටි.."

තාත්තෙ මම ඔයාව හොඳටම අඳුනගත්තෙ මාව එහෙම හැප්පිච්ච නිසා..ඔයාට මාව හැප්පෙන විදිය පේනව වගේම මටත් තවමත් ඇස් ඉස්සරහ දිග ඇරෙන්නෙ ඔයාගේ මූනේ හැඟීම් වෙනස් වෙච්ච හැටි..ඒ තප්පරයක් තුළදි මම ඔයාගේ මූනෙන් අසීමිත ආදරයක් දැක්කා..කම්පනය,බය,ආදරය වගේ හැඟීම් ගොඩක් ඒ මොහොත තුල ඔයාගේ මූනේ අකුණු ගැහුවා..

මම හිටියේ අන්දෝසංසාර වෙලා..එවෙලෙ උනු මෙලෝ දෙයක් මට තේරුනේ නෑ..අහ්..ටිකක්...හෙල්මට් එකක් විසිවුනා..එකෙක්ට අම්මව මතක් වෙලා කෑගහුවා..මට නැගිටගන්න බැරිඋනා..
අඳුනන නාඳුනන මූනු ගොඩයි!!
ඔහෙන් අල්ලපන්..උස්සල අයිනට ගනින්කො..
මල්ලි උඹට අමාරුද?(මූ මේ මගුලක් කතා කරනව..)
ඇති යන්තම්..තාත්තයි බාප්පයි...
පුතේ උඹට අමාරුද?
(කතා කරන්න හැදුවට වචන එන්නෙ නෑනෙ..)
මොකද මට උනේ?අප්පටසිරි මාව හැප්පිලා..
තුවාලද?අන්න බාප්ප ටිකක් වැදගත් ප්‍රශ්නයක් ඇහුවා..අතක් ලෙලිගිහින්..කකුලත් එහෙමයි..යකෝ අතින් ලේ ගලනව...යන්තම් බාප්පලගෙ ගෙදරට බඩගාගත්තා..
අම්මව එක්කගෙන එන්නද?
එපෝ...
ඊලඟට අම්මට බෙහෙත් කරන්න වෙයි..
දැන් ටිකක් හරි..වෙලාවට විසිවෙලා ගිහින් වැටුනේ..
නැත්තම් මගේ හිත මිත්‍ර සියලු දෙනාට අප නිවසේ මළබතක් සෙට් වෙනවා..
ඔන්න පටන් ගත්තා දේශනාව..හත් ඉළවුවයි!! දැන්නම් මට මෝටර්සයිකලේ හෝදන්නවත් එලියට ගන්න දෙන එකක් නෑ..
ඒකට මොකද බොලවු!!! මමත් දැන් එක පාරක් හැප්පුනු මිනිහෙක්!! හිකි හිකි..

ප:ලි: 
මා හා ඝට්ඨනය වූ අනික් සහෝදරයාද ලයිසන් නොමැත්තෙකුය..ඔහුගේනම් සරුවාන්ගයම ලෙලිගොස් ඇති බව දැනගන්නට ලැබුනි..
ඒත් සමඟම මගේ දුක සැප බෙදාගන්නට පැමිණි,මා ඇමතූ සියළු දෙනාට මගේ හද පිරි තුතිමල් පුදමි..
එසේම මළබත කෑමට මග බලන් සිටි අය සිටීනම් ඔවුන්ට මාගේ බලවත් කනගාටුව පුද දෙමි... :පි



පොලීසියත් කම්පිත කළ ඔවුන්..


නම නම් ටිකක් විතර වෙනස් වෙයි..ඒත් ගම,ආගම,ඉපදුනු දවස,තැන,අම්මගෙ නම,තාත්තගෙ නම,හැඩරුව,ගතිගුණ,හැසිරෙන විදිය වගේ මේ හැමදෙයක්ම සමාන අයට කියන තනි නම තමයි නිඹුල්ලු කියන්නෙ..ඒත් ඉතින් අපි නිවුන්නු කියල කියන්නෙත් ඒගොල්ලන්ටම තමයි..මොකද මහප්‍රාණෙන් වචන කියන්න ගියාම ටිකක් ටැපළෙන හින්දා..
මේක මම බුකියෙ දැක්ක වීඩියො කෑල්ලක්..මේකෙන් කියන්නෙ වෙන මොකුත් නෙමෙයි..හැම අතින්ම සමාන නිවුන්නු අතරෙ මොවුන් සිතිවිලි අතිනුත් සමානයි කියන එක..පොලීසිය ඉදිරියේ වරදකරුවන් උනු මේ සොහොයුරියන් දෙදෙනාගේ හැසිරීම මදකට අධ්‍යයනය කරන්නකො..දෙන්නටම එකම මොහොතෙදි එකම දෙයක් හිතිල එකම තීරණයක් ගන්න හැටි...



Friday, April 27, 2012

පුනරාවර්ජනය 2

             පළවෙනි කොටස මම නැවැත්තුවෙ ඔයාව මට හම්බුන තැනින්..මගෙ ඒ කවි ටික මම ඔයාට එවුවෙ ඔයා මගෙන් ඒක ඉල්ලපු හින්දා..ඔයාට එවපු ඒ කවි පංතියට පිං සිද්ද වෙන්න මට කන්න වුනු බයිට්නං අනන්තයි අප්‍රමාණයි.මගේ යාළුවංගෙනුත් නෙමෙයි.ඔයාගෙම යෙහෙළියන්ගෙන්.තවමත් මගෙ ළඟ ඒ කැලෑ පත්තර පරිස්සමට තියෙනව..ඉල්ලන ඉල්ලන හැම කෙනාටම කවි ලියන්න ගියොත් ඒවයේ වටිනාකම අඩු වෙනව කියල උන් දන්නෙ නැතුව ඇති සමහරක් විට..මට සාමාන්‍යයෙන් ඉස්සර විහිළු කරද්දි ඉක්මනට කේන්ති යනවා..ඒත් මටම පුදුමයි මම ඒ කැළෑ පත්තර සේරම හිනාවෙලා බාර ගෙන පරිස්සමෙන් අරන් තිබ්බ එක ගැන.මටත් ඒ කැළෑ පත්තරවලට ඕනෙතරම් උත්තර තිබුණා..ඒත් මම ඒව ආපහු එවුවෙ නෑ.මොකද ඒව හරි හුරතල් බොළඳ වැඩ කියල මට හිතුන.ඒ බොළඳකමට මම ආදරේ කළා.
ඔයා දන්නවද?මම ඒවට ආදරේ කරපු එක ගැන අද සතුටු වෙන තරමටම දුක් වෙනව කියලත්?සතුටු වෙන්නේ වෙන මොකුත් නිසා නෙමෙයි.ඒ මතක සැමරුම් දකිද්දි මාව ඉබේම ඒ අතීතයට ඇදිල යන නිසා.ඒත් ඒ පුනරාවර්ජනයෙ අවසානයට මම ගොඩාක් වෛර කරනව..මොකද ඒක හැමදාමත් අවසානය දකින්නෙ ඔයා තවත් මගේ ළඟ නැහැ කියන තිත්ත ඇත්ත මහ අකාරුණික විදියට මට මතක් කරල දීල නිසා.එහෙම මතක් වෙනකොට මාව ආගාධයක පතුලටම ඇද වැටෙනව වගේ තේරෙනවා.එතකොට මම ප්‍රාර්ථනා කරන්නෙ ඒ ඇද වැටෙන වේගෙන්ම දිගටම ගිහින් කොහේ හරි පතුලක වැදිල මාව මැරිල ගියදෙන් කියලා..ඒත් මම මහ පවුකාරයෙක්..ඇයි දන්නවද?මෙහෙම දුක් නොවිඳ ඒ විදියෙ දෙයක් වෙලාවත් මැරෙන්නෙත් නැති වෙන තරමටම මම පවු කරල තියෙන නිසා.. මගේ පවුකාරකමට එහෙම දෙයක්වත් වෙන්නෙ නැහැ.

              හ්ම්...මගෙන් ගොඩක් අය අහන සහ මට කියන දෙයක් තමයි මම ලියන්නෙම විරහව ගැන විතරයි කියන එක..හැබැයි තව එක්කෙනෙක් දෙන්නෙක් කිවුව මම ලියන අනික් දේවල්වලට වඩා මගේ විරහව ගැන ලියවෙන දේවල් හුඟක් හොඳයි කියලා..අනේ ඒකට හේතුවනම් මම දන්නේ නෑ..මම යමක් ලියද්දි පුළුවන් තරම් ඒකට අනුවර්තනය වෙන්න උත්සහ කරනව..විරහව කියන මාතෘකාවෙදි මට හොඳ නිර්මාන කරන්න පුළුවන් වෙන්නෙ මට ඒකට අළුතින් අනුවර්තනය වෙන්න දෙයක් නැති නිසා වෙන්න ඇති..
   
         මට ඔයාව නැති උනා..මගෙ පණ වගේ උන්නු යාළුවො නැතිවුනා..හිතේ සතුට නැතිවුනා..තවත් මොනවද දෙයියනේ මට නැතිවෙන්න තියෙන්නෙ??එහෙම තියෙද්දිත් මම හිනාවෙවී අනාගතේ ගැන හොඳ බලාපොරොත්තු තියාගෙන ඉන්නව..ඔයා දන්නවද ඒක කොච්චර අමාරු වැඩක්ද කියලා?අහනකොටනම් ලේසියි වගේ තමයි..ඒත් ඒක කරන්න ගියාම පුදුමාකාර අමාරුයි..

               මාත් එක්ක තවමත් ඉන්න එක යාලුවෙක් මට ලඟදි දවසක කිවුවා මම දැන් ඉස්සර හිටිය එකාට වඩා ගොඩාක් වෙනස් කියලා..ඌ මගෙන් ඉල්ලුවෙ ආයෙත් පරණ පිස්සාම වෙයන් කියලා..මටත් ඕනෙ ඒ පිස්සාම වෙලා ඉන්න තමයි...ඒ ඉස්සර හිටපු ජොලි පිස්සා වෙන්නම තමයි..ඒත් මචෝ උඹ අහලා තියෙනවද වෙනස්වීමෙන් තොර පැවැත්මක් නෑ කියලා?මටත් දැන් ඒ න්‍යාය පොදු වෙලා තියෙන්නෙ..ආදරේ,යාළුවො,සතුට වගේ ගොඩාක් දේවල් නැතිවුනාම මම ඇත්තටම පිස්සෙක් වෙන්න තමයි ගියෙ..ඒත් මගේ පෙර පිනකට මට හැමදේකම හොඳ පැත්තක් පේන්න ගත්තා..ඒක හින්දා හදවතින් මැරි මැරි හරි ලෝකෙට පේන්න හිනා වෙලා ඉන්න මට පුළුවන්..


(අප්පේ...මේ පාර වැල් වටාරම් වැඩි උනා...ඒ වගේමයි මේ කොටස පළකරන්න මෙච්චර පරක්කු උනු එකටත් හදවතින්ම සමාව ඉල්ලනව..)

Saturday, April 21, 2012

ගණිතයෙන් ආදරය කීම !!

මේක කාගෙ නිර්මාණයක්ද කියන්නනම් මම දන්නෙ නෑ.මොකද මමත් මේක දැක්කෙ අහම්බෙන් නිසා.ඇත්තටම බැලුවොත් මේ හැමතැනම පවතින්නෙ ගණිතය..කොටින්ම ගණිතය කියන්නේ හැමදෙයක්ම විස්තර කරන්න පුළුවන් මාධ්‍යයක්.හැමදෙයක්ම විස්තර කරන්න පුළුවන්නම් හිතේ තියෙන ආදරෙත් කියන්න පුළුවන් වෙන්න එපැයි ගණිතයෙන්..හිකිස්..මෙන්න ඒකට නියම විදියක්..හැබැයි මමනං මේක තවම අත්හදා බැලුවෙ නෑ..හැබැයි ඉතින් වැඩේ හරියයි කියල මට හිතෙනව..

                   

Sunday, April 15, 2012

අභද්‍ර වචන තෙපළු සුභද්‍රගේ පුනරාගමනය...


එදා බුද්ධ කාලෙත් මේ වගේ චරිත උන්නු කොට වර්තමානය ගැන කුමන කතාද??මේ පුද්ගලයාගේ (පුද්ගලයා යන පදය යෙදුවේ මොහු භික්ෂූ භූමිකාවට ඉටු කරනුයේ සාධාරනයක්ද යන්න ගැන සිතේ කුකුසක් පවතින නිසා බව සලකන්න.)මොහු මානසික ව්‍යාධියකින් පෙළෙන්නෙක් යන්න මගේ පෞද්ගලික මතයයි...ඔබේ අදහස් සඳහාත් මේ සංවාදය විවර බැවින් ඔබේ අදහස්ද ඉදිරිපත් කරන මෙන් ආරාධනා කරන්නේ මේ ප්‍රශ්නය පිළිබන්දව පැහැදිලි මතයක් ගොඩ නගා ගන්න අවැසි නිසාවෙන්...
මෑත කාලීනව තමන් මාර්ග ඵල ලාභියෙක් බව පවසමින් මහා ආන්දෝලනයක් ඇති කල මේ චීවරධාරියාගේ සැබෑ තත්වය තමන් විසින්ම හෙළි කරගන්නා ආකාරය දැක්වෙන පහත වීඩියෝ පටය දෙස බැලූ කල්හි මොහුගේ මානසික තත්වය ඔබටම වැටහේවි ..නමුත් අවධාරනය කරගන්න...මේ මඩ ගැසීමේ පටු චේතනාවක් මුදුන් පත් කරගැනීමේ ප්‍රයත්නයක් නොවේ...
නරඹන්න මේ වීඩියෝව..ඔබේ සිතට නැගෙන නිදහස් අදහස් සටහන් කරන්න...
මෙම වීඩියෝව උපුටා ගනු ලැබූයේ ගොසිප් ලංකා වෙබ් අඩවියෙන් බව සලකන්න.

       

Friday, April 13, 2012

හැමෝම දකින අවුරුද්ද කවුරුත් නොදකින විදිහට......

"පේන්ට්. බුරුසු. තීන්ත ගාමු. තීන්ත නෑවා. අයියෝ සල්ලි. දුන්නා තීන්ත පාර. මල්ලි.. #$%@^&. බුරුසු. රෙදි. වතුර. මකුළු දැල්. දැල් කඩනවා. පව්. පිහිදානවා. හොදටම දූවිලි.  වතුර බකට්. මොප් එක. හොදට අතුල්ලන්න. ඔන්න හේදුවා. බලාගෙන ලිස්සයි. හූ ඇද්ද වැටුනා. හෝව් හෝව්. අන්න අම්මා කතා කරනවා. මුං කැවුම්. ශා...කොකිස්. හරිම රසයි. කන්න එපා. කැවුම් සුවදයි. බලාගෙන පිච්චෙයි. අන්න තාත්තා. කෝ නිලා. අරන් තියන්න. හෙට නේද.
ඉක්මනට කන්න. වෙලාව ලගයි. නොනැගතේ. එන්න. පන්සල් යමු. වැන්දා. පිඟන් යැව්වා. කෑම නාලා. මෙන්න හලලා. රතිඤ්ඤා. මාර සද්දේ. සුබ අළුත් අවුරුද්දක්. දිගට හරහට කෝල්. අක්කා රිසෙප්ශන්. අම්මා උයනවා. කෝ අක්කා. දුව කැම මේසේ හදන්න. ඔන්න වෙලාව ලගයි. පොතක් පාඩම් කරන්න. තාත්තා ගහක් ඉන්දුවා. මෙන්න කන්න. අක්කා ගානේ කිරිබත්. මෝඩයා. ඌ දයියා. වදින්න. අක්කට වදින්න. අපෝ.... ගනුදෙනු. අක්කට සතයයි. හූ හූ.  යමු යමු.
අන්න නැන්දලා. අක්කේ.ශෝක්. අවුරුදු උත්සවේ. අම්මට මුට්ටිය දාමු.(අයිඩියා) කොට්ට පොර. ගැහුවා කුනු වෙන්න. අම්මෝ. ලිස්සනවා. ලෙල්ලටම ගියා. අන්න ගැහුවා මුට්ටියට. කඹේ අල්ලගන්න. යමු ගමේ. ආච්චිට වදින්න. ඔන්න මාමලා. කට්ටියම ඉන්නේ. කැට ගහමු. අනේ බැ. පංච.එන්න. එන්න. කෝ බොන්න. කන්න කන්න අනේ. අන්න. වැනෙනවා. තාලයක් අල්ලමු. දැම්මා කබරයා. හික්ස්. ඔන්න වැටෙයි. අල්ලගන්න. එන්න වදින්න. යනවා. තෙල් ගාමු. තෙල් මුට්ටිය ඔලුවේ(නැ ලිපේ). තෙල් බේරෙනවා. නාන්න. බාප්පා. මල්ලිත් ඇවිත්. සන්තෝසයි. ගෙදර. මෙන්න. නිලා. බමර චක්‍ර. අහස් කූරු. බලගෙන හොදේ. ආව්. කෝ.
මම යනවා. පරිස්සමින් ගිහින් එන්න. වැඩ ඉවර වෙද්දි හවස් වෙයි."
 

එන්න අළුත් විදිහට දකින්න.
උදාවන මේ නව වසර,
ඔබ සැමට....
හිතේ තියෙන පැතුම් ඉටුවෙන....
කෙල්ලො නැති කොල්ලන්ට, කෙල්ලො සෙට් වෙන....
කොල්ලො නැති කෙල්ලන්ට, කොල්ලො සෙට් වෙන....
අතේ මිටේ වැඩිපුර සල්ලි ගැවසෙන....
කරන කියන රැකී රක්ෂා දිනෙන් දිනම දියුණුවන....
දුක් කරදර වලින් තොර....
කිරියෙන් පැණියෙන් ඉතිරෙන....
මැසි මදුරු කරදරවලින් තොර....
සාමය, සතුට, සෞභාග්‍යය සපිරි....
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....!!





Thursday, April 12, 2012

ගැබෙන් මිදුනු අලි බිළිඳෙකු..

අම්මා..
මේ ලොකේ තියෙන උත්තරීතරම පදවිය..මව් සෙනෙහස කියන්නෙ මිනිසාට විතරක් දැනෙන දෙයක් නෙමෙයි..සතුන්ටත් ඒ සෙනෙහස,ඒ ආධ්‍යාත්මික බැඳීම පොදුයි..මේකත් බුද්ධිමත් ජීවීන් වර්ගයක් කියල පිළිගැනෙන "අලි" ගැන කතාවක්..මිනිස් මවකගෙ ගැබ් කාලය මාස නවයයි..ඒත් අලි මවකගෙ ඒක ඒ වගේ දෙගුණයකටත් වැඩි කාලයක්..එවන් දුකක් උහුලගෙන ආදරයෙන් රැක බලා ගත්ත තමන්ගේ දරුවා මෙලොව එලිය දකින්න වෙර දරන වෙලාව,හැම අම්ම කෙනෙක්ගෙම ඇස්කෙවෙනි වලට  කඳුලු ගෙන්නන අවස්ථාවක්..ඒ වේදනාව නිසාවට වඩා ඒ වෙලාවට දැනෙන  දාරක ස්නේහය නිසා..බලන්න...මේත් එවන් අවස්ථාවක්..මවකගේ ගැබින් මිදී ලෝකය දකින මොහොතයි මේ...



Friday, April 6, 2012

බස් ජැක්.......

මේ ලගදි blog එකක් කියවද්දි දැක්ක කතාවක් හින්දා අමතක වෙලා තිබ්බ පට්ට කතාවක් මතක් උනා. ප්‍රේමය විරහව වේදනාව ගැනම ලියවුනු post වලින් ටිකක් වෙනසකටත් එක්ක මේ කතාව ලියන්න හිතුනා. මේ වගේ සීන් ඕන තරම් ඔය පොදු ප්‍රවාහනයේදි වෙනවා. බස් වල කෝච්චි වල එහෙම ඇති තරම්.... මේක මට උන කතාවක් එහෙම නෙමෙයි. මගේම යාලුවෙක්ට වෙච්ච දෙයක්. හැබයි යාලුවගේ පැත්තෙන් නම් මාරම චාටර් සීන් එක. ආයි නෝන්ඩි හතයි.

                               කෝම හරි මගේ මේ යාලුවා ජැක් ෆ්‍රෙඩෙක්...(හේත්තු දාන්නෙක්) ඕනම ෆ්‍රෙඩෙක් වැදගත් මචන් කිව්වලුනේ අර මොකක්ද එකකින්... ඉතින් ඔන්න ඉවර වෙලා මායි තව යාලුවෝ දෙන්නෙකුයි ඔයා වැඩෙට සම්බන්ද කොල්ලයි ඔන්න එකේ නැගල දැන් දෙහිවලට එනවා. ඔන්න අපේ බස් එකට කළුබෝවිලෙන් නැග්ගා ගින්දර වගේ කෑල්ලක්. කෑල්ලක් කිව්වට වැඩ ඉවර වෙලා ගෙදර යන අක්කා කෙනෙක්. දන්නේ නැද්ද ඉතින් මේ ගෑනු ගැන අහිංසක මල් වගේ ඉන්න අපේ හිත් වල මෙව්ව ඇති කරනවා. කෝම හරි මෙකි හිරට හිරේ කොට ගවුම් කැල්ලකුත් ඇදලා එකත් තව ටිකක් පලලා තමා ඇදන් හිටියේ. අපෙ ඩයල් එක එකිට හෙමින් හෙමින් ලං වෙලා උගේ සුපුරුදු ආතල් එක ගන්න සෙට් උනා.


 

                                                         මුත් ගානට position එකට ඇවිත් බස් එක පැද්දෙන තලෙට පැද්දි පැද්දි ශේප් එකේ අක්කට ජැක ගැහුවා. මෙන්න එක පාරටම අක්කා හැරිලා බැලුවා. අපි නම් හිතුවේ රෙදි ගැලවුනා තමා කියලා. අපේ එකා luck කාරයා එයත් ගානක් නැතුව ආයි ඉස්සරහ බලා ගත්තා. (මේකිත් වැඩේට කැමතිද කොහෙද ) කෝම හරි ටික වෙලවක් ගියා. ගෑනු චපලයි නේ.. කවුද එහෙම කිව්වා නේද ?? කොහොම හරි මේ වේ* පට්ට චාටර් වැඩේ කලේ. ගත්ත ගමන් කිව්වනේ
                      
                                " මල්ලි ඔය පොඩි එව්වට නිකන් කිචි වගේ " කියලා......

                                       අයියෝ සල්ලි කිව්වලු අපේ එකාගේ කනට ගැහුවා වගේ. (ඇත්තටම මුගේ පොඩිද දන්නේ නැ... මොකො මම බලල නම් නෑ ඔන්න) මොන චාටර් සීන් එකක්ද...... මුත් දන්නේ නැ වගේ ටක් ගාල ඊලග halt එකෙන් බැහලා වෙන බස් එකක ආවා. මොක උනත් අරකි කලෙත් මහා චාටර්ම වැඩේ....ඒ මොනවා උනත් අපිනම් තාම ඔය කතාව කියල ඌව බයිට් කරනවා.  හික්ස් .......

Saturday, March 31, 2012

Why this කොලවෙරි කොලවෙරි කොලවෙරි Di.......

මේ දවස් වල ලෝකේ පුරාම හිට් වෙච්ච සින්දුවක් වුන Why This Kolaveri Kolaveri Kolaveri di ගීතයේ ඇතුලේ ඇති සැඟවුණු ගැඹුරු අර්ථය පිලිබදව මම දැක්ක article එකක් ඔයාලටත් දැනගන්නත් එක්ක මේන් post මං කලා...... 
Kolaveri Di ගීතයේ තේරුම දන්නවද?
කාලෙන් කාලෙ‍ට හමා බසින රැළි අතරෙ කොලවරි රැල්ල හමන්නට වුණා. මේක ලංකාවෙත් ජනප්‍රිය වූ තරම කිව්වොත් විවිධ නාලිකා පවා මෙය අනුකරණය කරමින් තේරැමක් නැති වචන යොදා ගී නිර්මාණය කරා. බීල කියපු තේරැමක් නැති වචන සෙට් එකක් කියල අවබෝධයක් නැතුව හිතුවට පොඩ්ඩක් අපි මෙහෙම හිතල බලමුද???

කොලවරි කියන්නෙ දෙමළ බසින් මිනීමරැ ආවේගය.

Why This Kolaveri Kolaveri Kolaveri di???

තරැණයෙක් එහෙම අහනවා. ඇයි? ඔහුගෙ පෙම්වතිය ඔහුව අමතක කරල. කොල්ලා මේක දරැණු වැඩක් විදියට දකිනවා. ඌට මේකට අම්බානක තදවෙනවා. ආවේගයක් ඇතිවෙනවා.

Why This Kolavari Kolavari Kolaveri di???

කෙල්ලෙ ඇයි මේ තරම් දරැණු ආවේගයක්. මේ ආදර ගීතය විරහවින් ඔබ්බට ගිහින්.

Distancela Moon nu Moon un
Moon un Colour ru White tu

ඩෝප් එකෙන් කියන මේකෙ තේරැම ඈත හද තියෙනවා. හදේ වර්ණය සුදුයි. මෙතනදි විශ්ව සත්‍යයක් පද රචකයා අපට කියනවා. මිනිස් ස්වභාවය ගැන.

White tu Background nighter to night tu
night to Colour ru black ku

ඒ කියාපු සුදු හඳේ තියෙන වර්ණය සුදු වුණාට සුදු හඳ තියෙන රාත්‍රියේ වර්ණය කලුයි. ඇයි මේ තරම් දරුණු ආවේගයක් කෙල්ලෙ?
හඳ සුදුයි. ලස්සනයි. ඒත් ඒ හඳ තියෙන පසුබිම කලුයි. කලු රාත්‍රියෙදි තමයි සුදු හඳ මතුවන්නෙ.

Whitu Skin nu Girl lu Girl lu
Girl lu Heart to Black lu

සුදු හම තියෙන කෙල්ලෙක් ඉන්නවා. ඒත් ඒ කෙල්ලගෙ හදවත කලුයි.

කලුම කලු රාත්‍රිය නිසා සුද හඳ අපිට පෙනුනට අර කෙල්ලගෙ සුදු හින්දා ඇයගෙ කලු හදවත අපිට දකින්නට බැරි වෙනවා. එත් ඔහු ඒ කලු හදවත දැකල තියෙන්නෙ ප්‍රමාද වෙලයි. ඕක ඔහුට පුදුමයි. ඔහු එය පුදුමයක් නොවන බව සොබාවය දිහා බලල තේරුම් ගන්නවා. ප්‍රතිවිරැද්ධ කාරණා අපූරැ ලෙස කළ ගැලපීමක්. යින් යැංග් ලාංඡනය වගේ. ආසියානු දාර්ශනිකත්වය තුළ සුදු හා කලු අතර තිබෙන අන්‍යෝන්‍ය සබදතාව එයින් කියැවෙනවා.

Eyes su eyesu Met tu meet to... My yu future dark ru dark ku
Oh....Why this Kolavery di?

නෙතට නෙතක් මුණ ගැසුණා. ඒකෙං වුණේ මගේ අනාගතය අදුරැ වුණු එකයි. ඇයි මෙතරම් රිදුම් දෙන්නෙ? ඊට පස්සෙ කොල්ලා බොන්න ගන්නවා දුකට.

Hand la glass su
Glass li Scotch chu
Eyes su Full la Tear ru

අතේ තියෙන වීදුරැවෙ විස්කි පිරී ඇත. ඒ වගේම දෑසේ කදුලු පිරී ඇත.

Empty life fu Girl lu come mu
Life fu reverse su gear ru

හිස් ජීවිතයක් වෙතට කෙල්ලක් පැමිණ, ජීවිතය ආපස්සට හැරවුණා.

Love vu love vu
Oh my lovu
U Showed me bow wu..

ආදරය ආදරය, ඔබ මගේ ආදරය. ඔබ මගෙන් සමුගත්තා. පසුව ඔහු දෙවියන් අමතමින් කියයි. මෙහි දෙවියන් Cow ලෙස හැගවේ. හින්දු ආගමේ ගවයා දෙවියෙක් සේ සළකයි.

Cow wu Cow wu holy Cow wu
I want you hear no wu
God I am dying now wu
She is Happy how wu

උතුම් දෙවියනි. මා දැන් මියෙන්ටයි සූදානම. ඒත් ඇය සතුටින් සිටින්නේ කොහොමද?

පැත්තක ඉදන් හිතල බැලුවාම මේක මහා ගීතයක්. ඔබත් හිතල බලන්න.

Saturday, March 24, 2012

පුනරාවර්ජනය... (01)


ඇයි මේ? අමුත්තක්?
මහ පුදුම විදියට වෙනස් වෙලා.හිත විතරක් නෙමෙයි...හැමතැනක්ම.. හැමදෙයක්ම වෙනස් වෙලා.
ඔයාගෙ ඔය අහිංසක හිත මගෙන් මාවම උදුරගත්ත දවස මතකද?ඔයාටනම් අල්ප මාත්‍රයක්වත් මතක නැතුව ඇති..ඒත් එදා මගෙ ෆෝන් එකට ඔයාගෙන් ආව පළවෙනි කෙටි පණිවිඩයෙ වචනවලින් පටන්ගත්ත හැම කතාවක්ම මට හොඳට මතකයි,අදටත්..
පන්තියේ සෙට් එකත් එක්ක ට්‍රින්කො ගිය ට්‍රිප් එක දවසේ මට ඔයාගෙ යාළුවෙක්ගෙන් මිස්ඩ් කෝල් එකක් ආවා.ඒක තමයි මගේ දෛවය වෙනස් වෙන්න පටන් ගත්ත දවස.
ඔව්..ඇත්තටම..එදා මට අළුත් යාළුවෙක් හම්බ වුනා.ඒ යාලුවගේ මාර්ගෙන් තමයි ඔයා මාව අඳුනගන්නෙ..මතකද දියතලාවේ ගිය ට්‍රිප් එක ඔයාල?එදා මුළු දවසම ඔයා උන්නෙ ෆෝන් එකේ එල්ලිලා..පැය ගණන් කතා කළා.කූඩුවෙන් ඇරපු කිරිල්ලියක් වගේ ඔයත් උපරිම නිදහසක් වින්දා..එහෙම නේද?

ඒ දවස මට අමරණීයයි..
big match එක බලන්න SSC එකට යන්න කලින් අපේ ඉස්කෝලෙ බාස්කට් බෝල් කෝට් එක ගාව ඉන්නකොට තමයි මට ඔයාගෙන් මුලින්ම message එක ආවෙ..එතන ඒ වෙනකොට හිටපු උන් සාක්කි කියාවි ඒකට..ඔව්..මම ඒකට reply කලා..අපි දිගට හරහට අදහස් හුවමාරු කරගත්තා..SSC එකට යන අතරමගදි මට ඔයාගේ අංකයෙන් කෝල් එකක් ආව.."hi,is this demintha?hei am naduni.."සත්තකයි මට අදහාගන්න බැරි උනා..නොකිවුවට මොකද මම ඒ වෙනකොට හිතන් උන්නේ මගේ යාළුවෙක් මාව අන්දනවා ඇති කියලා..ඒත්...ඒ ඇත්තටම ඔයා...ඒක නිකම් චිත්‍රපටියක තිර රචකයාට ඕනෙ විදියට ලියවුනු හමුවීමක් වගේ මට දැනුනේ.(ඒක නිසාම වෙන්න ඇති මම ඔයාට මේ තරමට ලෝබ වුනේ..)කොහොමින් හරි තප්පර විනාඩි වෙද්දි,විනාඩි පැය වෙද්දි,පැය දවස් වෙද්දි අපි සංසාරගත පෙමක් වගේම ළංවුනා...අන්තිමට ඒ කතාබහ නැවතුනේ ඔයා මගේම වෙන්න පොරොන්දු වෙලා...මතකද ඔයාට?
                                 
  අඳුරු මායා පටල  විනිවිද
මගේ ලොව වෙත පෑයු සඳ ඔබ
නෙතින් දැක හමු වී නොතිබුනද
කිමද මා සිත බැඳුනෙ ඔබ වෙත

දුරින් සිටියද ගතින් දෙදෙනම
සිතින් එක්තැන් වෙලා නොදැනිම
ආලයෙන් මා සිත උමතු  කල
කින්නරාවිය ඔබයි මගෙ ලොව

තොඳොල් වදනින් මහට අමතන
දෙව්දුවේ ඔබ පමණි මගෙ ලොව
අයැද සිටිනෙමි ඔබෙන් මම  අද
නොයන් හැරදා මගේ  ලෝකය

මතකද මේක?ඔයා වෙනුවෙන් මම ලියපු පළවෙනි කවිය..ඒත් අන්තිම එක නෙමෙයි..මොකද ඔයා මට දුන්නු ආදරය නිසා ලියපු කවි වගේම ඔයා මට දීපු විප්පයෝග ශෘංගාරයට පිං සිද්ද වෙන්න අදටත් මගෙන් කවි ලියවෙනවා..මේ කවි පෙළ හින්දා අපි දෙන්නට විඳින්න වුනු පීඩා ගොඩයි..ඒත් අද..මම ඒ පීඩා වලට ආසයි..මොකද ඒව තමයි අද මට මතක් කර කර විඳින්න(විඳවන්න )තියෙන මතකය..ඒ මතකය සුන්දරයි..ඒ වගෙම ගොඩාක් හිත රිදවනවා..ඔව්..ඒ මතකය මට මතක උනත් ඔබට අමතක බව මම දන්නව..ඒක නිසයි ඔයා කවදාම හරි මේක දකීවි කියන හීනේ පාවෙවී මම ඒ මතකය ආයිත් ඔයාට මතක් කරල දෙන්නෙ..ඔව්..අනිවාර්යයෙන්ම ඒක මම කරනව..මොකද මම දන්නව ඔයා ආයෙත් මගේ ලඟටම එනව කියලා..එතකන් අපේ මතක සැමරුම මේ විදියටම පළවේවි...


අහෝ ඛේදයකි හුටා මෙහි කෙල්ලෙකි

                                            මට මේ ලගදි පට්ට දුක සීන් එකක් උනා... මම ලගින්ම ආශ්‍රය කරපු පට්ට ජොලි මගෙ යාලුවෙක් මාත් එක්ක තරහ උනා. යාලුවෙක් කිව්වේ යෙහෙලියක්...
                                                    එයයි මායි මාර ෆිට්.. ඒ ෆිට් කම මගේ හිතේ මෙව්වා එකක් විදිහට කන්වර්ට් උනා. ඒත් එක හරි ගියේ නෑ. එයා එයාගේ හිත වෙන කෙනෙක්ට දීලා තිබ්බේ. කෝම හරි මායි මගෙ යාලුවා හිත දීපු එක්කෙනයි පොඩි වචන හුවමාරුවක් උනා. කෝම හරි යාලුවට මල පැනලද කොහෙද. මම දන්නේ නෑ ඒ වැඩේ කලේ මගේ දයාබර මිත්‍රයද නැත්තම් එයාගේ සහකරුද කියලා. කොහොම හරි එයා මාව බුකියෙ අන්ෆ්‍රෙන්ඩ් කරලා බ්ලොක් කරලා. එයාගේ අන්තිම මැසේජ් එක මෙන්න මේක......

"එයා ඔයාව තඹ සත පහකට ගනන් ගත්තේ නැ. ඔයා තමා මෙතන සුපර් මෑන් වෙන්න යන්නේ....." 



                                           මේ වචන සෙට් එක කියෙව්වම නිකන් මට අකුනක් ගැහුවා වගේ. මාත් එක්ක මෙච්චර ෆිට් එකේ හිටපු යාලුවා මට මෙහෙම කිව්වද කියල හිතෙද්දිත් මට නිකන් මොකක්ද වගෙ.. කොහොම හරි ඕක දැක්කම මට මෙන්න මෙහෙම හිතුනා.


තොගේ දුක ඇහුවට
හොදයි මට ගැහුවට
හැබයි තඹ නොදිරන
බවත් ගනු මතකෙට

ෆේස් බුකියේ මාව
අන්ෆ්‍රෙන්ඩ් කලත් ඔබ
ඔහු හො ඔබම බව
මම දනි සොයුරිය

ඔහුගේ බෙර පදයට
පා තබා නටන ඔබ
වැරදි අඩි තැබු විට
ලිස්සා වැටෙයි ඔබ

නොවෙමි මම සුපර් මෑන්
ඔබ කිව්ව බොරු හෑල්
ඔබ වේ ජරා මෑන්
ඔහු වේ චන්ඩි මෑන්

ඕනි නැත වන්නට
බොරු කාඩ්බෝඩ් චරිතය
සුපිරි බල නැතුවට
මමයි ඔබේ මිත්‍රය

ඔබට වැරදුනු විට
කියූ දේ අසන්නට
සිටියේ හිත හොඳැති මම මිස
ඔබේ සුපිරි මිනිසා නොව

Tuesday, March 20, 2012

සහෘද මිතුරනි...ඔබටයි මේ තුති මල්!

                                       මේක මම ලිවුවෙ පහුගිය වසරෙ.ඇත්තටම මගෙ ජීවිතේ මට වැඩියෙන්ම සමීප වෙච්ච යාලුවො කාණ්ඩය දාල යන්න වෙච්ච වේදනාවට මගේ අතින් ලියවුනු පද පෙළක්.මේක විතරක්ම නෙමෙයි..තවත් එවන් කවි තියෙනව.ඒත් මේ කවි පන්තියට ලොකු ප්‍රතිචාරයක් ලැබුනා..ඒ වගේම මට දෙතුන් දෙනෙක්ම ඉල්ලීම් කලා මේක වැඩි දියුනු කරල සින්දුවක් කරන්න කියලත්..ඇත්ත..මගේ හිතෙත් ඒ අදහස තිබුනා..ඒත් පසු කාලීනව වෙච්ච සමහර දේවල් නිසා ඒ අදහස 'උපන් ගෙයි මළ' සිහිනයක් වුනා..කමක් නෑ..කොහොමින් කොහොමහරි මට ඊයෙ පොතක් අස්සෙ තිබිලා මේ කවි ටික ආයේ හම්බුනා..

   අදහස් දෙන්න මට ඔබගෙත්...අතීතය එසේ වීමුත් වර්තමානය වෙනස්ව ඇත..එනමුදු මම ඒ අතීතයේ මිහිරට ඇළුම් කරමි..ඒ වෙනස් වු වර්තමානයේ නොවෙනස්ව අතීතයේ මෙන් එකට එකාවන්ව සිටින මාගේ දයාබර මිතුරු කැලට මුළු හදවතින්ම පුදමි..




                 ගැමුණු මහසෙන් රජුන් පැරකුම්
                 අත තිබූ කගපත්
                 කැපෙනවා තව බොහෝකල්..
                 එවන් උරුමැති පරපුරක් ඇති
                 එවන් උරුමැති රුධිරයෙන් හෙබි
                 රාජකීයනි එකතු වව්..
                 රාජකීයව හඬ නගව්..

එක යායක පිපි එක මල් පොකුරක
පෙති ගැළවී යන උඩු සුළඟේ
කෙවෙනි අගින් නෙත් වැටෙනා කඳුලැලි
මිතුරුදමේ නාමෙට ලියැවේ

කිරුළු පැළැන්දෙමු සිහසුන් රන්දා
රජුන් රැසක් වී එකම බිමේ
යාය පුරා විසිරී යන මල්පෙති
මතු දින ලොවටම සුවඳ ගෙනේ

රාජකීය විදුමව් තුරුලේ ගෙව්
සය වසරක ඒ සොඳුරු මඟේ
ගෙව් දෙවසර ඔබ හා මා මිතුරේ 
දිවියේ සොඳුරුම මතකය වේ..

Friday, March 16, 2012

අනේ අපොයි !!!!!!

                             
                              ඔන්න ඉතින් මේක මටමත් නෙමෙයිද මන්දා උනේ. කෝම හරි ඉතින් ඔය අපි ඒ ලෙවල් කියල එකකට පන්ති යනවනේ.ඔන්න ඉතින් පන්තියකට ගියා. කෝමත් ඉතින් පලවෙනි දවසනේ ඔන්න ඉතින් ගියා ඉස්සරහම පේලියකට. අම්මට උඩු කිව්වලු එහා පැත්තේ ඉන්නවා ගින්දර වගේ කෑල්ලක්. රම්පෙට පොරි පොකුරු පොකුරු කිව්වලු ඉතින්. සර් කාරයත් වැඩියා පන්තියට ඉතින්. ඔන්න පලවෙනි දවසේ පොඩ්ඩක් වැඩ කරලා ගනන් වගයක් හදන්න දුන්නා ඉතින්. අඩෙ අප්පා මෙන්න මේකි නිකන් විදිල්ල වගේ හදාගෙන හදාගෙන යනවා. මාත් එකි දිහා බලන් ඉන්න එක නවත්තලා දඩ බඩ ගාලා ගනන් ටික හැදුවා.ඔන්න ඔය දවස ඉතින් පොඩ්ඩ පොඩ්ඩ ගියා.


                                                        ඔන්න තව දවසක් අර අනිත් සබ්ජෙක්ට් එකකට ඔන්න තව පන්තියකට ගියා. දෙයියෝ නිකන් මගේ මූන බැලුවා වගේ මෙන්න මේකි මම යන අනිත් පන්තියටත් එනවා. පට්ට පට පට. මටද ඉතින් මාර ෆන්. ඉතින් ඕම පන්ති දෙකකට සෙට් වෙන කෙල්ලව මට ෆේස්බුකියෙත් සෙට් උනා. දැන් ඉතින් ගොඩ වගේ තමා. කොච්චර මුන බැලුවත් අනේ මන්දා මටමයි වෙන්නේ කියන්නේ මේකිට කොල්ලෙක් ඉන්නවලු ඉතින්. ඇඩෙනවනෙ !!! ඔන්න කමක් නෑ මොනා කරන්නද කියලා පොඩි ආතල් එකක් දාලා ෆුල් ෆන් එකේ ඉන්නකොට ඉතින් මෙකිත් ඔන්න මෙයාගේ දුක මාත් එක්කම ඇද බාන්න ගත්තානේ.....

                                           මගෙ හිත කොච්චර ගල් වගේ උනත් කෙල්ලෙක්ගේ දුකක් අහනකොට ඉතින් බටර් වගේ දිය වෙනවා. ඒම තාමා ඕනම කොල්ලෙක්ගේ හිත. කෝම හරි ඉතින් මෙන්න මෙයාගෙ කොලුවා ජොලි නැලු, එයා හිතපු කොල්ලා නෙමෙයිලු. අනම් මනම් බයිලා. කාගෙවත් දුකෙදි සතුටු වෙන්න එපා කිව්වට මගේ හිතේ චුට්ටන් සතුටක් ආවා. ඇයි බොලේ මට මෙකිව සෙට් කරගන්න පුලුවන්නේ. මොකො නොකිව්වට  මාත් මෙකිට හිතෙන් මෙව්වා කලා. අන්තිමට ඉවසන් ඉන්න බැරි පාර මෙකිගේ දුක නෙමෙයි මගෙ දුක නැති කරගන්න කියලා මම මගෙ මෙව්වා එක එයාට කිව්වා. අයියෝ සල්ලි කිව්වලු එයා බැ කියනවනේ. ඒ උනාට කෙල්ලගේ හිතේ කොනක පොඩි මෙව්වා එකක් අනිවා තියෙනවා. ඒක ඉතින් කොල්ලගෙ මේ ටිකිරි මොලේට තේරුනා.




                                        එ හින්දා මාත් දත කාගෙන ට්‍රයි කලා කලා ඒත් මෙකි බයයි වැඩෙට. මොකො අර කොල්ලා මොන හරි කරයි කියලා. මොනා කරන්නද. අනුන්ගේ කුඩු කඩන්න ඔනේ නෑනේ.. මාත් ඉතින් කෙල්ලගේ කැමැත්තනේ මොනා කරන්නද කියලා දුකින් උනත් එකිගේ දුක අහගෙන හිටියා. තාමත් අහනවා. හපොයි කිව්වලු නේ........ එකි කොල්ලා එක්ක දුකේ මම එකි නැතුව දුකේ..... දැන් ඉතින් හිත ගිය කෙල්ලත් වෙන තැනකනේ. හිත යන කෙල්ලෙක් එනකම් මාත් ඉතින් ඔහේ ඩොටේට වෙලා ඉන්නවා.

                       ඩොටේ කියන්නේ කොහෙදැයි අනම් මනං බහු භුත හිතන්නේ නැතුව ඉක්මනට ඔය උඹලගේ හිතවල් වල මෙව්ව උන කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි ඉන්නවනම් ගිහින් ඔය මෙව්වා එක ටක් ගාලා කියපන්. නැත්තම් ඉතින් සොරි ඩොට් කොම්ම තමා.

දැනටමත් සේම් ස්ටොරියනම් ඉතින් හූල්ල හූල්ල ඉන්නේ නැතුව මෙන්න මේ සින්දුව වත් කියලා ෆන් එකේ ඉන්න. නැතුව වෙන මොනවා කියල කරන්නද ?  මම නම් ඉතින් මේ දවස් වල ඕකම තමා කියන්නේ...... හෙහෙහෙ......

ඔන්න එහෙනම් ඒකත් අහගෙනම යන්නකො කස්ටිය......








Monday, March 12, 2012

අතීතකාමී දුක්ඛන්ධකාරය...


වසරක් ඉක්ම ගොස්...
දැනුනාද ඔය හිතට?
කාලයේ රුදුරු බව...
අල්ප මාත්‍රයකින්වත්?

ළහිරු කිරණක් වී හිඳින්නෙමි
සදා ආදර ඔබේ සිත ලඟ
කියා බොලඳැති වදන් තෙපලා
මා අතැර ගියෙ නොසිතු විලසක

නොසිතු මොහොතක එළිය වී මට
සදා රැඳෙනට පිළින දී සිට
සදා අඳුරම උරුම කොට මට
වෙන්ව ගිය රන්සිලිය ඔබමය...

දොලොස් මසකුත් ගෙවුනු මොහොතේ
වීත් තවමත් කඳුලු වෑහේ
සිත දරන්නට නොහැකි වේගේ
කඳුලු වී නෙත් අගින් බේරේ...

Sunday, March 11, 2012

මෙලෝ රහක් නැති මගෙන් මෙලෝ රහක් නැති කම්මැලි කතාවක්.


මෙලෝ රහක් නැති මම මෙලෝ රහක් නැති කම්මැලි කතාවක් දෙන්න හිතුවෙ සාම්ප්‍රදායෙන් පිට යන්නත් සාම්ප්‍රදාය දැනන් ඉන්න එපැයි කියලා මම විස්වාස කරන නිසා සාම්ප්‍රදායික බ්ලොග් ලියන්නන් හා රචකයන් ලිඅයනාකාරයේ එකක් මමත් ලිවිය යුතු බවක් මහ පාරෙදි හිතුනු හෙයිනි. ඔන්න එහෙනම් පටන් ගත්තා. ගන්න ලේන්සුවක් හරි පොරි පැකට් එකක් හරි අතට අරං වාඩිවෙන එකයි තියෙන්නෙ.

අපි හැමෝගෙම ජීවිතය වෙන කාටවත් සමාන කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද කියනවනම් කොච්චර අපේ කිව්වත් ඒක මගේ/ උඹගෙ ජීවිතය නිසා. ඒක ජීවත් කරන්නෙත් මම / උඹ කියන කෙනා නිසා . ගොඩක් අය අහනවා ඇයි මටම වෙන්නෙ කියලා. "ඇයි මටම වෙන්නෙ?"  මම ඉස්සල්ලත් කිව්වනෙ "ගොඩක් අය අහනවා"කියලා. ඒ කියන්නෙ ඕක මටවත් තව කෙනෙක්ටවත් වෙන දෙයක් නෙමෙයි කියන එක. මිනිස්සු කොච්චර විවිධාකාර උනත් කාටවත් ලොවෙත් නැති කරදර වෙන්නෙ නෑ. සමහර විට බොහොම පොඩි දෙයක් වෙන්න පුළුවන්. නමුත් හුරතලේට හැදිච්ච අපිට, පොඩි කාලෙ බිම වැටිලා මූණ නරක් කරගත්තම අම්මා තාත්තා "හප්"කියලා පොලවට පාරක් ගහලා අපිව නලවල හැදුවම ඔහොම වෙන එක අහන්නත් දෙයක්ද? 

සමහරුන්ට යාලුවො නෑලු. සමහරු කියන ඒවා කාටවත් තේරෙන්නෙ නෑලු (ඒකනම් සිංහල නොදන්න කම වෙන්නැති), සමහරු හිනාවෙන්නෙ අඩන්න බැරි කමටලු. අනේද කියන්නෙ , මට නිකම් කොයිල් වගේ. කතාවට එමුකො, මමත් නොකිව්වට හරි දුක් විඳලා තියනවා. මටත් හෙටක් ගැන බයක් තියනවා. ඔව්,මමත් යමක් කරන්න උත්සහ කරනවා! කවදහරි කරල පෙන්නන්නම්.

අයියෝ පොඩ්ඩක් තේරුම් ගන්න. අපිට අපේ සතුටට වඩා දුක මතක හිටියට ඒ කියන්නෙ සතුට වටිනාකමක් නැති දෙයක් කියන එක නෙමෙයි. ජීවිතයට සතුටක්, වෙනසක් එන්නත් පින් කරන්න ඕන. නමුත් අපිට දුක මතක හිටින්නෙ "එක පාරක් වැටුනු වලේ ආපහු නොවැටෙන්න ඕනනම් දුක මතක තියාගනින්" කියනව වගේ දෙයකට වෙන්නත් ඇති කියන එක මතක තියාගන්න. මළාට පස්සෙ ස්වර්ගෙට යන්නයි කියලා මම ජීවත් වෙද්දි දුක් විඳින්නෙ නෑ. මට මේ මොහොත තමයි ස්වර්ගය, ආපාය. ඉන් එහා දෙයක් නෑ....

දැන් ඕගොල්ලො මොනවද එහෙනම් කරන්න ඕන?
මම කිව්වනෙ මේක සාම්ප්‍රදායික ටයිප් බ්ලොග් පෝස්ට් එකක් වගේ එකක් කියලා. ඒව වගේම තමයි ඉවර වෙන්නෙත්.
දැන් දාගෙන හිතපල්ලකො කරන්න දෙයක්! හූ හූ... ලොල් ලොල්... මම මාරු!

Monday, March 5, 2012

දින සටහන......


පාන්දර 3 ඒලාර්ම් එක වදිද්දි ගිය ආත්මෙ කරපු පව් මතක් වෙනවා.මොනවා කරන්නද?.කොහොම කොහොම හරි විනඩි 5න් නෑගිටිනව කියල ඈස් දෙක පියා ගත්තහම හරි කෙලියයි නෑගිට්ටෙද්දි හොන්දටම පරක්කුයි.දඩි බිඩි ගලා ලෙස්තිවෙල බොඩ්මෙ ඈන්ටිගෙ 5% හදන තෙකත් බීල බස් හොල්ට් එකට එද්දි එකෙ ඉන්න හෑමොම මගෙ දිහ අමුතු සතෙක් දෑක්කා වගේ බලන් ඉන්නවා.ඊට පස්සෙ ඉතින් කාන්තා පාසල් බස් ටික වන්දනවෙ යෙදේනව.බස් ක්රෲ මෙම්බර්ස්ලා ආවට පස්සෙ කට්ටියම ගිහින් හුන්ගක් වේගෙන් යන බස් එකකට නගිනවා.සමහර දවසට බස් එක අතුලෙ මල් පිරිලා.අනේ ඉතින් මලක් හිටියොත් අපි මුකුත් කියන්නෙ නෑ.එක හින්දමද කොහෙද,දෑන් අපිව දෑක්කහම ගෑනු ලමයි බස් එකට නගින්නෙ නෑ.අපි අපේ පඩුවෙ යන හින්දා ලන්ගදිම දවසක හොන්ද උදෙ කෑම වෙලක් නම් සෙට් වෙනවා හොන්දටම ශුවර්.
කොහොම කොහොම හරි යන්තමින් ස්කොලෙ ගාවට 7.40 වෙද්දි යනවා.නොදන්න එකා වගෙ පොඩි එඋන්ගෙ ගේට් එකෙන් යන්න හදද්දි සිකිය්යුරිටි මාමා ඈවිත් වඩේ දෙල් කරනවා.
"
කොහෙද යන්නෙ?"

එක තම්යි මේ මාත් බැලුවෙ කොහෙද යන්නෙ කියළ...
"
දන්නෙ නැද්ද මෙහෙන් ලොකු ළමයින්ට යන්න බෑ.."
දන්නෙ නෑ නෙ...
එකත් හරි කෙලිය තමයි අපෙ ඉස්කොලෙ අපිට ඕන තැනින් යන්න බෑ.දැන් ස්කූල් ඔෆ් අවර් ෆාදර්ස් නෙවෙයි,ස්කූල් ඔෆ් අවර් සෙකිය්යුරිටි....ඊට පස්සෙ ඉතින් මේන් ගෙට්ම තමයි.අනේ මාව පිලිගන්න කඩ්බෝඩ් බලකාය පෙල සැදිලා ඉන්නවා,දැක්කහම දුකේ බෑ..

"
ඕයි මෙහෙ එනවා..."
ඇයි අයියේ?
"
මොකද පරක්කු"
බස් එක කැඩුන අයියෙ...(මූණ ඇඹුල් කරගෙන )
"
යකෝ මාර විදියටනෙ ලන්කවේ බස් කැඩෙන්නෙ..."
අම්මට සිරි එතකොට තමයි දැක්කෙ තව හතලිහක් විතර පිටිපස්සෙ ඉන්නවා කියල...
(
එතකොටම පස්චාත් පැත්තෙ අමාරුව තියෙන එකෙක් අවිත් 'මචන් මූ ඊයෙත් පරක්කුයි')
"
ගන්නව තමුසෙගෙ එස්.අර්.බී එක.."
....
"
කෝ ඔයි තමුසෙගෙ පොටො එක"
අලවන්න බැරි උන අයියෙ...(හරි දැන් ඉතින් මුගෙ සමරු අත්සන ගහනව පොටො එක උඩ )
"
ලබන සතියෙ අලොගෙන එනවා...දැන් අතනට ගිහිහින් හිට ගන්නවා...."
කොන්ඩෙ,රැවුල්,වැවිල තිබ්බෙ නැත්තන් නියපොතු වැවිලා කියල හරි බනිනවා...එතනින් ලිස්සලා පන්තියට එද්දි අනෙ අපේ සර් ගිහිල්ලා.සර්ගෙ මූණ දැක්ක කාලයක් මතක නෑ...ඊට පස්සෙ ඉතින් මම මගෙ ශරීර සෞඛය් ගැන තමයි.(නිදා ගැනීම යහපත් ශරීර සෞඛ්ය්යක් උරුම කර දේ).යන්තමින් ස්කොලෙ ඇරෙන වෙලාවට නැගිටගෙන අමාරුවෙන් පසල් ගීය යනකල් හිටගෙන ඉන්නවා...
දැන් ඉතින් ක්ලාස්...


කොහොමත් ඉතින් මුල් පැය 2 3 ඉතින් නිදි තමයි...ඊට පස්සෙ දැන්නම් ඉගෙනගන්නවා කියලා හිතලා නගිටිනවා එතකොට කියලා දෙන එවා ග්රීක් වගේ...ඉතින් ඉතුරු පැය 2 3ත් නිදා ගන්නවා...සල්ලි දීලා ඇවිත් නිදා ගන්නෙ ඇයි කියලා හිතෙනවා...මොනවා කරන්නද? ගෙදර /සී නැ නේ...
අන්තිමට නගිටලා "මෙ රට ගොඩ ගන්නා මේ රටේ දුප්පත් කම නැති කරනා ගෞරවනීය පුරවැසියෙක් වෙනවාමයි කියළා ගෙදර ඇවිත් හෙට උදේ 3 නගිටිනව කියලා හිතගෙන එලර්ම් එක තියලා නිදා ගන්නවා....