Monday, March 12, 2012

අතීතකාමී දුක්ඛන්ධකාරය...


වසරක් ඉක්ම ගොස්...
දැනුනාද ඔය හිතට?
කාලයේ රුදුරු බව...
අල්ප මාත්‍රයකින්වත්?

ළහිරු කිරණක් වී හිඳින්නෙමි
සදා ආදර ඔබේ සිත ලඟ
කියා බොලඳැති වදන් තෙපලා
මා අතැර ගියෙ නොසිතු විලසක

නොසිතු මොහොතක එළිය වී මට
සදා රැඳෙනට පිළින දී සිට
සදා අඳුරම උරුම කොට මට
වෙන්ව ගිය රන්සිලිය ඔබමය...

දොලොස් මසකුත් ගෙවුනු මොහොතේ
වීත් තවමත් කඳුලු වෑහේ
සිත දරන්නට නොහැකි වේගේ
කඳුලු වී නෙත් අගින් බේරේ...

2 comments:

  1. ela suprbbbbbbbbbb!!!!!!!!! andure atha path gana lokaya thula alokaya soya yanna wuu kaviyata suba pathum!!!

    ReplyDelete
    Replies
    1. මේක ලිවුවෙ නම් හිත සතුටින් නෙමෙයි..හිතේ වේදනාව පිට කරගත්ත මිසක...බොහොම පිං පැසසුවට..

      Delete

නිදහස් අදහස්....