Saturday, August 25, 2012

ෆිසික්ස් ඔක්කාරෙට විත් ළමුන් දෙදහසක් මැද ලැජ්ජාව අමතක කර කන්නට සිදුවූ දුක් ගැහැට සියල්ල වමනය කළෙමි.. (සමාවෙන්න නිලන්ත සෑර්!! :D)

මම හිටියෙ නිශ්චලව..ඔව්..මගෙ හිතට කිසිම ප්‍රවේගයක් තිබුනෙ නෑ.ඒ මගේ හිතට ත්වරණයක් දෙන්න කෙනෙක් නොහිටිය නිසා.මම ඔහේ මගේ පාඩුවේඅනික් අය මාව පහුකරන් ඉස්සරහට විස්ථාපනය වෙන දිහා බලන් හිටියා.ඒත් එක පාරටම මහ විසාල ත්වරණයක් එක්ක ඔයා මගේ ජීවිතේට ආව මතකද?ඊට පස්සෙ මම ගණනය කරන්න බැරි තරම් ප්‍රවේගයෙන් අනාගතය කියන දෛශිකය දිගේ විස්ථාපනය උනා.අනාගතයේම ජීවත් වෙච්ච නිසාදෝමට සාපේක්ශ චලිතය කියන සංකල්පය ඔලුවෙ තිබුණෙම නෑ.සත්තකයි..මම ඒ අවස්ථිතික රාමුවෙන් මිදෙන්න කවදාවත් හිතුවෙ නෑ..
ඒත් දැන්..මම ඕනෙවටත් වඩා සාපේක්ශ චලිතය දකිනවා.මගේ ජීවිතයට පුංචි හරි ත්වරණයක් ඕනෙම කාලෙ මගේ ත්වරණකාරකය වෙච්ච ඔයා මගෙ මුළු ජීවිතේම සීඝ්‍ර මන්දනයකට ඇදල දාලා මගේ ජීවිතෙන් ඌර්ධෝවපාතනය වුනා මතකයේ පුංචි අවක්ෂේපයක් විතරක් ශේෂ කරලා.මගේ ජීවිත ප්‍රස්තාරය දැන් විචලනය වෙන්න ශ්‍රිතයක් නැතුව ඔහේ බලන් ඉන්නවා.එකක් කියන්න ඕනෙ.උඹ නයිට්‍රස් දාල මගෙ ජීවිතේ එකසිය ගාණට ත්වරණය කරනවා කිවුවත් වඳින්නං ආයෙනම් මගෙ දෑහට පේන්න එන්න එපා.දැන් මට සාපේක්ශ චලිතය අත්දැකලා තිත්ත වෙලා..අනෙක් අයගේ ජීවිත ඒ අයගේ ත්වරණකාරකත් එක්ක අධික ප්‍රවේගෙකින් ජීවිතේ හොයාගෙන මගෙන් ඈතට විස්ථාපනය වෙද්දි මම නිශ්චලතාවයේ ඉඳන් උන් දිහා බලන් ඉන්නවා.සමහර අයනම් කියන්නෙ බන්ධන තිබුණමයි, ඒ බන්ධනේ ස්ථාවර වෙන්න වෙන්නයි අස්ථායි බව වැඩිළු!!ඒ නිසා දිගටම ස්ථායි විදියට තනි පරමාණුවක් විදියටම ඉන්නළු..එක එක මූලද්‍රව්‍යවල ගුණ විවිධාකාරයිනෙ.මම ලෝහ ගුණය වැඩි කාණ්ඩෙක මූලද්‍රව්‍යයක් වෙන්න ඇති..මට මගේ ජීවිත ඉලෙක්ට්‍රෝන බෙදා ගන්න බන්ධනයක් ඕන..වැඩේ කියන්නෙ මට ගැළපෙන සංයුජතා සහිත පරමාණු  නැති එක!!
මගෙ ජීවිතේට දැන් තියෙන්නෙ තත්පර ගණන්වල පුංචි ත්වරණයන් විතරයි.ප්‍රවේග කාල ප්‍රස්තාරයක් ඇන්දොත් පෙනෙයි අනුක්‍රමණයක්වත් නැති මෙලෝ රහක් නැති ජීවිතයක් දැන් මට තියෙන්නෙ කියලා.මට ඕනෙ මගෙ ජීවිතේට ඍජු ත්වරණයක් දීල මාව ඒකාකාර ප්‍රවේගෙන්ම ගෙනියන්න පුළුවන් බාහිර බලයක්..ඒ බලය කවදහරි මගේ සංතුලනය බිඳිනකං,නිවුටන් දෙවෙනි නියමෙන් කිවුව වගේ මම නිශ්චලවම නිශ්චල වස්තුවල ගුරුත්ව කේන්ද්‍ර ගැන හිත හිත ඉන්නං...

Sunday, August 12, 2012

මගේ අදහස්..


ජීවිතේ විෂමයි..ඒක හරියට මහා මිරිඟුවක් වගේ..අපිත් වැල්ලෙ අතරමං වෙලා ජීවත් වෙන්න දිය පොදක් වෙනුවෙන් සටන් කරන අසරණ මුවො රංචුවක් වගේ ඔහේ ඉබාගාතේ යනවා.ජීවිතේ කියන්නෙ මහා ආතල් ගුහාවක් කියල හිතන් උන්නට..මේක මහ ගඳ ගහන ගූ ගොඩක් විතරයි..

කාර්මීකරණය වෙලා මුළු ලෝකෙම..සංස්කෘතිය,හැදිච්චකම,කොටින්ම කිවුවොත් අඳින ඇඳුම පැළඳුම පවා කාර්මීකරණය වෙලා..දැන් සමහර කෙල්ලන්ගෙ ඇඳුම් ඇඳීමේ පරමාර්ථය විළි වහගැනීම නෙමෙයි.ලෝකෙට සොබ්බෙ දාන එක..කියන්නෙනම් දැන් සමාජය රැඩිකල් විදියට හිතන උන්ගෙන් පිරිච්ච තැනක්ය කියලා..ඒත් ඒ රැඩිකල්කමම තමයි අපේ සදාචාරෙට හෙනහුරා වෙලා තියෙන්නෙ.අඳින්න පුළුවන් උපරිම කොටට ඇඳුම් ඇඳල තමන් කරන්නෙ මොඩ් විල්ලක් කියල හිතනවනං නංගියේ,අක්කේ,ඇන්ටියේ උඹලට වැරදිලා..


එක පැත්තකින් නෙමෙයි.දැන් අපේ රටේ හැම පැත්තකින්ම වගේ පේන්නෙ පිරිහීම.මෙහෙම ගියොත් රටම මකබෑවිලා යයි.දැන් උදාවෙලා තියෙන්නෙ පන්සල්වල් වහලවලින් ටී-56 මතුවෙන,කෙල්ලො 400ක් ගෑණු කරපු එක සමරන්න පාටි තියන නරකාදි ඉන්න කාලයක්.මේවා අපේම උන්ගෙ වැරදි..ඕන දෙයක් වෙච්චාවෙ කියල කට ඇරන් බලන් ඉන්න එක නවත්තන්න දැන් කල් හරි.දැන් වැඩේට නොබැස්සොත් අනාගතේ අපේ රටේ සංස්කෘතිය,සදාචාරය වගේ වචනවත් අහන්න නැතිවෙයි..යකුනේ මේ දළදා හාමුදුරුවො වැඩ ඉන්න රට..5000ක් වස් බුදු දහම පවතිනවයි කියපු රට..හැදියල්ලා දැන්වත්..නැත්තම් ජාතිය,ආගම විනාස කරපු පවට අපිට ගහන්න හෙණ අහසෙ මදි වෙයි..රචනාවක ලියල තිබුණ වාක්‍යයක් මතක් උනා..ඒකත් ලියලම මේක අහවර කරන්නම්..

"මනුදම්,ගුණදම් ලේශමාත්‍ර වී ගිය ජන සමාජයක යළි මනුස්සකම විශද කරනු වස් තිලෝගුරු අමාමෑණී ශාන්තිනායකයන් වහන්ස,මේ යළිත් වඩින්නට කාලයයි.. "

Friday, August 3, 2012

සදාදර පට්ට වේ*යට පසුව ලියමි..


උඹට මම ආදරේ කරා වැඩි උනා..ඒක වෙන්න ඇති උඹ මට මෙහෙම කරේ..කමක් නෑ..ඔහොම කරගෙන යමන්කො..දවසක් එයි..මම හිනාවෙලා මගෙ ජීවිතේ විඳිද්දි උඹ ඇනගෙන ජීවිතේ විඳවන!!එදාට මාව මතක් උනොත් ඒ ඇති..අඩුම තරමෙ මේකා මට මෙච්චර ආදරේ කරානෙ දෙයියනේ කියල හිතුනොත් මට ඒ ඇති..ඒත් පරිස්සමෙන්..ඔහොම හැම එකා එක්කම යන්න ගියාම අන්තිමට හම්බෙන ළමයට හරිහමං තාත්ත කෙනෙක් නැතිවෙයි...බුදු සරණයි උඹට!!


ලොවම නිදි
මම අවදියෙන් හිඳ
සිනාසෙමි..
මෝඩියේ උඹට..
සැබෑ ආදරයට නිගාකර
මිරිඟුවට බහ දුන්නාට
විඳවාවි උඹ දිනක..
හිතාපන් එදාට
උඹ කරපු
ගොන් වැඩ ගැන..!! 

Thursday, August 2, 2012

සිතිවිලි සක්මන වෙනුවෙන් සමාව ඉල්ලා සිටිමි...

පහුගිය දින කීපය තුල බ්ලොග් අඩවිය හා සම්බන්ධ නොවූ අතරතුරේ යම් කිසි අමාරුකාරයෙකු විසින් මෙම අඩවිය හැක් කර අසභ්‍ය ඡායාරූප පළ කර තිබුනි..හැකි ඉක්මනින් ඒවා ඉවත් කිරීමට කටයුතු කළ අතර සිදුවූ අපහසුතාවය පිළිබඳව අපගේ බලවත් කණගාටුව පළ කර සිටිමු..