Saturday, August 25, 2012

ෆිසික්ස් ඔක්කාරෙට විත් ළමුන් දෙදහසක් මැද ලැජ්ජාව අමතක කර කන්නට සිදුවූ දුක් ගැහැට සියල්ල වමනය කළෙමි.. (සමාවෙන්න නිලන්ත සෑර්!! :D)

මම හිටියෙ නිශ්චලව..ඔව්..මගෙ හිතට කිසිම ප්‍රවේගයක් තිබුනෙ නෑ.ඒ මගේ හිතට ත්වරණයක් දෙන්න කෙනෙක් නොහිටිය නිසා.මම ඔහේ මගේ පාඩුවේඅනික් අය මාව පහුකරන් ඉස්සරහට විස්ථාපනය වෙන දිහා බලන් හිටියා.ඒත් එක පාරටම මහ විසාල ත්වරණයක් එක්ක ඔයා මගේ ජීවිතේට ආව මතකද?ඊට පස්සෙ මම ගණනය කරන්න බැරි තරම් ප්‍රවේගයෙන් අනාගතය කියන දෛශිකය දිගේ විස්ථාපනය උනා.අනාගතයේම ජීවත් වෙච්ච නිසාදෝමට සාපේක්ශ චලිතය කියන සංකල්පය ඔලුවෙ තිබුණෙම නෑ.සත්තකයි..මම ඒ අවස්ථිතික රාමුවෙන් මිදෙන්න කවදාවත් හිතුවෙ නෑ..
ඒත් දැන්..මම ඕනෙවටත් වඩා සාපේක්ශ චලිතය දකිනවා.මගේ ජීවිතයට පුංචි හරි ත්වරණයක් ඕනෙම කාලෙ මගේ ත්වරණකාරකය වෙච්ච ඔයා මගෙ මුළු ජීවිතේම සීඝ්‍ර මන්දනයකට ඇදල දාලා මගේ ජීවිතෙන් ඌර්ධෝවපාතනය වුනා මතකයේ පුංචි අවක්ෂේපයක් විතරක් ශේෂ කරලා.මගේ ජීවිත ප්‍රස්තාරය දැන් විචලනය වෙන්න ශ්‍රිතයක් නැතුව ඔහේ බලන් ඉන්නවා.එකක් කියන්න ඕනෙ.උඹ නයිට්‍රස් දාල මගෙ ජීවිතේ එකසිය ගාණට ත්වරණය කරනවා කිවුවත් වඳින්නං ආයෙනම් මගෙ දෑහට පේන්න එන්න එපා.දැන් මට සාපේක්ශ චලිතය අත්දැකලා තිත්ත වෙලා..අනෙක් අයගේ ජීවිත ඒ අයගේ ත්වරණකාරකත් එක්ක අධික ප්‍රවේගෙකින් ජීවිතේ හොයාගෙන මගෙන් ඈතට විස්ථාපනය වෙද්දි මම නිශ්චලතාවයේ ඉඳන් උන් දිහා බලන් ඉන්නවා.සමහර අයනම් කියන්නෙ බන්ධන තිබුණමයි, ඒ බන්ධනේ ස්ථාවර වෙන්න වෙන්නයි අස්ථායි බව වැඩිළු!!ඒ නිසා දිගටම ස්ථායි විදියට තනි පරමාණුවක් විදියටම ඉන්නළු..එක එක මූලද්‍රව්‍යවල ගුණ විවිධාකාරයිනෙ.මම ලෝහ ගුණය වැඩි කාණ්ඩෙක මූලද්‍රව්‍යයක් වෙන්න ඇති..මට මගේ ජීවිත ඉලෙක්ට්‍රෝන බෙදා ගන්න බන්ධනයක් ඕන..වැඩේ කියන්නෙ මට ගැළපෙන සංයුජතා සහිත පරමාණු  නැති එක!!
මගෙ ජීවිතේට දැන් තියෙන්නෙ තත්පර ගණන්වල පුංචි ත්වරණයන් විතරයි.ප්‍රවේග කාල ප්‍රස්තාරයක් ඇන්දොත් පෙනෙයි අනුක්‍රමණයක්වත් නැති මෙලෝ රහක් නැති ජීවිතයක් දැන් මට තියෙන්නෙ කියලා.මට ඕනෙ මගෙ ජීවිතේට ඍජු ත්වරණයක් දීල මාව ඒකාකාර ප්‍රවේගෙන්ම ගෙනියන්න පුළුවන් බාහිර බලයක්..ඒ බලය කවදහරි මගේ සංතුලනය බිඳිනකං,නිවුටන් දෙවෙනි නියමෙන් කිවුව වගේ මම නිශ්චලවම නිශ්චල වස්තුවල ගුරුත්ව කේන්ද්‍ර ගැන හිත හිත ඉන්නං...

8 comments:

  1. Replies
    1. ඔයත් ගෝලයෙක්ද ඈ අපෙ සෑර්ගෙ?? :O

      Delete
  2. "ඍජු ත්වරණයක් දීල මාව ඒකාකාර ප්‍රවේගෙන්ම ගෙනියන්න පුළුවන් බාහිර බලයක්"

    =P Thota physics igannuwe kawda yako? uba patta modayek wage penne....

    ReplyDelete
    Replies
    1. ඉහත කොමෙන්ටුව පළ කරන ලද හිතවත් ඇනියා වෙතයි, :)
      සෘජු ත්වරණයක් දීලා ඒ ලබාගත්ත ප්‍රවේගය ඒකාකාරව පවත්වා ගනිමින් ඉදිරියට ගෙන යා හැකි බාහිර බලයක් (විශය අනුව බැලුවොත්නම් බාහිර බලයක් ඕනෙ වෙන්නෙ ත්වරණය දෙන්න විතරයි මෙතන!) ඕනෙයි කියන එකයි මෙතන කියලා තියෙන්නෙ! :) දැන් තේරුණාද ඔබතුමාගෙ චුට්ටං මොළේට? ස්තූතියි කොමෙන්ටුවට ඈ! :)

      Delete

නිදහස් අදහස්....