Saturday, August 31, 2013

මට මගේ නොවන.. මගේම ආදරයක් තිබුනා!!

සංගීතය!
හදවත් වෙණ තත් ප්‍රකම්පිත කළ හැකි ප්‍රබලතම නමුත් සොඳුරුතම මාධ්‍යය!
හිතට කතා කරලා හිත අස්සෙ හංගන් තියාගත්ත මතකයන්,ඒ අතීතයට ආපහු බලහත්කාරෙන් ඇදන් යන්න තරම් හැකියාවකින් යුක්ත මහා සුවිසල් කලාවක්!
මම දකින විදියට සංගීතය කියන විශ්ව භාශාව ඇතුලෙ හැංගිච්ච විභවය මහා පුළුල් පරාසයක් පුරා පැතිර යන, අතිශයින්ම ප්‍රබල ශක්තියක්!
අමරසිරි පීරිස් කියන ප්‍රතිභාපූර්ණ කලාකරුවාගේ ගැඹුරු මානුශීය හඬට මුසු වෙච්ච අමිල තේනුවරයන්ගේ භාවයන්, දර්ශන නුවන්ගේ තනුවකට පසුබිම් වෙලා දෙසවනට රිංගද්දි ඒ සංකලනයට සංවේදී නොවන්නෙක් වේ නම් සැබැවින්ම අරුමයක්!
අනේක විධ වූ ගීත රචනයන් මැද්දෙ මම මේ ගීතය ගැනම ලියන්නෙ වෙන කිසි හේතුවක් නිසා නෙමෙයි, පුද්ගලිකව මේ ගීතය මහ පුදුම භාවනාවක්ම උනු නිසා!

මේ ගීතය වාදනය වෙන්නට හැර දෙනෙත් පියාගන්න.. ඔබ වරක් හෝ ආදරයෙන් පැරදුන කෙනෙක්නම් සැබැවින්ම ඔබ සමාධිගත වේවි! ඔබටම වැටහේවි..විරහව හැමෝටම පොදු, සොඳුරුතම වේදනාවක් බව!

ඉකිගසා හඬන 
අතීතයක...
කඳුලු එක්ක ගනුදෙනු කරනා...
මට මගේ නොවන 
මගේම ආදරයක් තිබුනා...

හීනෙන් හිනැහී තුන්යම මා රවටා
මැදියම් මහ රෑ
අදටත් හිත ඉගිලෙනවා
නින්දෙන් ඇහැරී කළුවරේම යලි සොයනා
මට මගේ නොවන...
මගේම ආදරයක් තිබුනා...

රිදුමක් වාගේ කිසිදා සුව නොවනා...
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා...
උහුලනු බැරි තැන උනු කඳුලුම වගුරුවනා
මට මගේ නොවන...
මගේම ආදරයක් තිබුනා...

ගායනය - අමරසිරි පීරිස්
තනුව - දර්ශන රුවන්
පද රචනය - අමිල තේනුවර




10 comments:

  1. රිදුමක් වාගේ කිසිදා සුව නොවනා...
    සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා...
    උහුලනු බැරි තැන උනු කඳුලුම වගුරුවනා
    මට මගේ නොවන...
    මගේම ආදරයක් තිබුනා...

    ReplyDelete
    Replies
    1. හිත මහ පුදුමාකාර විදියට සමාධිගත වෙනව ඔමා අක්කෙ.. මම ආයෙම කවදාවත් නොයනවයි කියල හිතාගෙන හිටපු දිහාවකට මේ වචන ටික මාව ඇදන් ගියා..

      Delete
    2. හ්ම් මාත් එහෙමයි මල්ලි

      Delete
  2. ඉකිගසා හඬන
    අතීතයක...
    කඳුලු එක්ක ගනුදෙනු කරනා...
    මට මගේ නොවන
    මගේම ආදරයක් තිබුනා...මේ හැම වචනයක් එක්කම පුරුදු ලෙන්ගතු කමක් තියනවාද මන්දා.......

    ReplyDelete
    Replies
    1. ඒ ලෙන්ගතුකම ආදරය විඳපු, විඳවපු අපි හැමෝටම දැනෙන දෙයක් වෙන්නැති ශානු! ඒකයි මම කිවුවෙත් මේක මහ පුදුම පද රචනයක් කියලා.. :)

      Delete
  3. මට බෑ.. මං අහන්නෙ නෑ මේක.. ආපහු පරණ මතකයන් අවදි කරල විඳවන්නෙ මොකටද. ඊට හොඳයි මේ පැත්තෙන් තියන මාලු ටැංකියට කෑම දදා ඉන්නව :)

    (මොබයිල් ටෙම්ප්ලේට් එකක් මේකට දාන්න. නැත්නම් ෆෝන් වලින් එන්න බෑ)

    ReplyDelete
    Replies
    1. එක අතකින් හැබැයි ඒකත් හොඳයි..පරණ කුණු කන්දල් ආයෙ අවුස්සගන්නෙ මොකටද? හැබැයි විරහව විඳින්න ඕනෙනම් මෙහෙම දේකටත් ටිකක් ඇහුම්කන් දෙන්න..
      අනිවා කරන්නම්! :) බොහොම ස්තූතියි මග පෙන්වීමට!

      Delete
  4. හිතට තදින්ම දැනුනා

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete

නිදහස් අදහස්....