හිත මිතුරු සුළඟකට කියා එක රහසක්
හදවතින් බැන්ද පෙම තරම් වූ අහසක්
දිවි සමව රකින්නට ගත් විසල් වෙහෙසක්
දුහුවිලිව වියකිලා තියා එක කුකුසක්!
සුවහසක් කම් කටොළු මැද කළ නමුත් පෙම්
තිබුණි සිත පෙම් හැඟුම් පිරී ඉතිරී ඉම්
අහේතුක වෙන්වීම කළා ලොව දෙදරුම්
දනිමි යළි නේන බව කෙළෙස ඉවසම් මම්?
ත්‍රිලක්‍ෂණේ සහෝදරයා, ත්‍රිලක්‍ෂණේ... සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුලුය. නොපමාව කුසල් රැස් කරන්න... Anyways උඹේ සිතිවිලි සාහිත්‍ය මිශ්‍ර කරලා වචන වලට හරවන එකට මං හෙන ආසයි... සහෝ මොන හිතිවිල්ලකින් ඕක ලිව්වද කියන්න නම් දන්නෑ. ඒත් මට හෙන ආසයි මේව කියවන්න...
ReplyDeleteබොහොම ස්තූතියි!
Delete