Tuesday, February 28, 2012

Road safety


තුන්සක කියන්නෙ මේක



හෝන් නෙමෙයි
ගහපන් ඛ්‍රේක්....
ජීවිතේට නෑනෙ රිවර්ස්!
නැතත් මොකෝ
රිදෙන්නෙ බොට.....
මම ලොරියෙ උඹ තුන්සක!









මගේ මුල්ම Post එක... ඇත්තටම මේක ලිව්වෙ ඔය මහ වාහන අස්සෙ පොඩි පොඩි එවුන් ගහන පිනුම් දැකලා. නමුත් කලක් යද්දි , අර සිස්ටම් එක කියන එකත් එක්ක ගැටෙද්දි මටත් දැනුනා මේක පාරට වඩා අපේ ජීවිතයට කොච්චර කිට්ටුද කියලා. මෙලෝ හසරක් නොදන්න පොඩ්ඩො ලොකු ලොකු සීන් දානවා. ජීවිතය හදුනාගත්ත ලොක්කො කට කොනකින් හිනාවෙලා උන්ට යන්න දෙනවා.
 බයට නෙමෙයි! හැප්පුනොතින් අර පොඩ්ඩන්ව එකතුකරන්න වෙන්නෙ "සවලෙන්" නිසා!

මෙහෙමත් කෙල්ලෝ....... !!!!

මේක මම බුකියේ දැක්ක කතාවක්. ඔගොල්ලොත් දැනගන්න එක හොදයි කියල හිතුන නිසා මේන් දැම්මා..............

                             
         ඒක මිශ්‍ර පාසලක්. අපි A/L කරන කාලෙ. පන්තියෙ ළමයි 50ක් වගේ හිටියා. හැමෝටම වගේ කෙල්ලො හිටියා. ඒත් අද වෙනකන් ආදර සම්බන්ධදතා පවත්වාගෙන එන්න පුලුවන් උනේ ඉන් එක් අයෙකුට පමණයි. යාළුවා හෙට අනිද්දා දිහාවට විවාහ වෙන්නයි බලාපොරොත්තුවෙන් ඉන්නෙ. අනිත් 49 දෙනාගෙම කාලෙ තිබිච්ච සම්බන්ධකම් අද වෙද්දි ලොවෙත් නෑ. මම මේ කියන්න යන්නෙ 49 දෙනාගෙන් එක යලුවෙක්ගෙ ජීවිත කතාවයි.


                                      ඔහු සාමාන්‍ය පවුලක කොල්ලෙක්. එකම පන්තියෙ කෙල්ලෙක් එක්ක යාලු උනා. ඔහු පනත් දීල ආදරය කරන ජාතියෙ පොරක් නිසා සේරම පැත්තක තියලා ආදරය කරන්න ගත්තා. කෙල්ල සෑහෙන දුප්පත්. ඔවුන් CLASS ගියේ නුගේගොඩ ප්‍රසිද්ධ ආයතනයකට. කෙල්ලට CLASS FEES ගෙවන්න සල්ලි නෑ කියල දැනගත්ත කොල්ලා තමන්ට ගෙදරින් දෙන සල්ලි කෙල්ලට දීල කෙල්ලව CLASS යැව්වා. උදේ ඉඳන් හවස් වෙනකන් CLASS එක තියෙන නිසා ඔහු CLASS ඉවර වෙන වේලාව වෙනකන් STATION එකට වෙලා ඉඳගෙන ඉන්නවා. CLASS ඇරුනම යාලුවෙක්ගෙන් TUTE එක ඉල්ලගන්නවා. මම ඇහුවා ඇයි බං උඹ කෙල්ලගෙන් ඉල්ලගන්නෙ නැත්තේ කියලා. එතකොට ඔහු කිව්වා "බෑ මචං එතකොට කෙල්ලට ගෙදර ගිහින් පාඩන් කරගන්න බැරි වෙනවා නේද" කියලා. ඕවට දෙන්න උත්තර අපි ළඟ තිබ්බේ නෑ. කොහොම කොහොම හරි අපි A/L කළා. කෙල්ල A 3k අරං CAMPUS ගියා. කොල්ලා එච්චර සාර්ථක උනේ නැ.. ඊට පස්සේ කෙල්ල Chartered වගේ courses කරන්න පටන් ගත්තා. ඒවටත් සල්ලි නැති නිසා කොල්ලා යකඩ පාස්සන තැනක රස්සාවක් කරන්න ගත්ත. ඒකෙ දත කාගෙන වැඩ කරලා හොයන සල්ලිවලින් කෙල්ලට තව තවත් ඉගැන්නුවා. අන්තිමට කෙල්ල chartered qualified accountant කෙනෙක් විදිහට සමාජයට බැස්සා. කොල්ලා සතුටු කඳුලු හෙලුවා. සතියකින් දෙකකින් වගේ කෙල්ලගෙන් වැඩි ප්‍රතිචාරයක් තිබ්බේ නෑ. පස්සෙ කතා කරලා බලද්දි කෙල්ල මෙහෙම කතාවක් කියනවා. "අපි දෙන්නා දැන් ගැලපෙන්නේ නෑ නේ. දැන් තත්වේ තේරුම් අරගෙන අපි දෙන්නා මේක නතර කරමු" කොල්ලාට එතනම සිහිය නැති උනා. කොච්චර පස්සේ කෙල්ලට ඇවිටිලි කරත් කෙල්ල තුට්ටුවකට මායිම් කරේ නැ.. කොල්ලාගේ සිහිය විකල් උනා. කෙල්ල දැන් ගණකාධිකාරිනියක්. කොල්ලා දැන් මානසික වාට්ටුවක ප්‍රතිකාර ලබනවා.




කලින් කෙල්ල නැති බැරිකම් කියද්දී "එහෙම කන්න හාල් නෑ ගෑණියේ" කියන්නේ නැතුව පියෙක් දරුවෙකුට උගන්නනවා වගේ තමන්ගෙ ආදරවන්තියට උගන්නලා ඇයව සමාජයේ ඉහලම තලයට ගෙනාපු කොල්ලාට අර විදිහේ තිරිසන් දෙයක් කරන්නට තරම් කෙල්ල මොන ජාතියේ **** වෙන්න ඕනැද?

ඔබත් හිතන්න. මේ එක් කතාවක් පමණක් උනාට තවත් මෙවන් කතා සිය දහස් ගනනක් අපට අසන්නට දකින්නට ලැබෙනවා. ආදරය අප සිතන තරම් සුන්දර නැහැ. රැවටිලි ගොඩයි. මිනිස්සු අප සිතන තරම් හිතවත් නැහැ. මායාවන් පසුපස සමහර දේ ලබාගැනීමට ගොස්, තිබෙන දේත් නැති කරගෙන කබලෙන් ලිපට වැටෙන්න එපා. සෑම දෙයකටම සීමාවක් තබාගන්න. ආදරයටත් එය අදාලයි :)

මිණි පොද මැද සැනහෙන ඇය.....


මම මේ පින්තූරය ගත්තේ ගල්කිස්ස මහා හෝටලයේදි. මේ පින්තුර ඇතුලේ ලොකු කතාවක් හැංගිලා තියෙනවා. ඒ කතාව ආදර කතාවක්. ටිකක් දුක හිතෙන ආදර කතාවක්.
ඒ කාලේ ශ්‍රි ලංකාව ඉංග්‍රිසින්ගේ යටත් විජිතයක්නේ. ඉතින් ඔන්න ඒ කාලේ සර් තෝමස් මෙට්ලන්ඩ් කියලා ආණ්ඩුකාරවරයෙක් ඉදල තියෙනවා. ඔහු කාලේ ලොවීනා කියලා සුන්දර කාන්තාවකට පෙම් බැදල තියෙනවා. ඉතින් ලොවීනාගේ නිවසේ ඉදන් ඔහුගේ නිවසට උමං මාර්ගයකුත් කාලේ තිබ්බලු. පස්සේ ඔහු ලංකාවත් ඇයවත් අත්හැරලා ආපහු එංගලන්තයටම ගියාලු. කොහොම හරි ඔහු මිය ගිහින් තියෙන්නෙත් තනිකඩයෙක් හැටියට. ඊට පස්සේ ඔහුගේ නිවස තමයි ගල්කිස්ස මහා හෝටලය බවට පත් කරලා තියෙන්නේ. ඉතින් ඒ ලොවීනා කියන තරුණියව සිහිපත් වෙන්න ඇගේ හැඩ රුවට සමාන වෙන පිලිරුවක් එහි නිම කොට තියෙනවා.
මේ මම ගත්ත ඡායාරූපය ෆේස්බුකියට දාපු වෙලවෙ මගේ යාලුවෙක් ඒකට ලස්සන පද වැලක් ලියල තිබ්බා. ඒ පද වැල මම මේ පින්තුරයටම එකතු කලා. මෙන්න බලන්නකෝ...........







Monday, February 27, 2012

තාරකාවියේ...


හිස් අහසක් මැද
දිළෙන්නේ ඇයි ඔබ
පාළු මකන්නට සදවතගේ..
සදටත් වැඩියෙන්
හැඩකාරයි ඔබ
තාරකාවියේ හිස් අහසේ...
සිතේ වැඩෙන මගේ
ආදර හැගුමන්
ඔබේ නමටයි දලුලා වැඩුනේ...
අත මානන්නට බැරි දුරකයි ඔබ
ඉදපන් හැමදා හිත් අහසේ...

සෙලෝටේප් ආදරය !

සෙලෝටේප් එකක් වූ 
ඔබේ ආදරය
කැඩුනු හිත එකතුකොට
ඇලෙවුවා මතකයි..
සමාවනු මැනවි මට
සෙලෝටේප් මදි සවිය
ඕනෙ මට දැන් හයිය
ගම්ටේප් 'කෑල්ලක්'ම !

Tuesday, February 14, 2012

සුභ වැලන්ටයින් එකක් වේවා!!!


ආදරවන්තයන්ගේ දිනය...අද..මම උදේ අවදි උනේ තවත් එක දවසක ආරම්භය සුපුරුදු විදියට සනිටුහන් කරමින්..ඒ උනත් අද දිනයේ මහා වැදගත්කමක් තියෙනවා..ඒ ආදරය කරන,ආදරය ලබන අයට...
මුලින්ම මම මුලු හදවතින්ම සුභ පතනව සකල ලෝකවාසී ආදරය හඳුනන්නන්ට ආදරය පිරුනු ආදරවන්තයින්ගේ දිනයක් වේවා කියලා..
ආදරය කරන්න...එක දවසකට විතරක් නෙමෙයි...හැමදාටම...හදවතට දැනෙන්න ආදරය කරන්න...හදවතට එකඟව ආදරය කරන්න...කොටින්ම කිවුවොත්  ආදරයට ආදරය කරන්න පුරුදු වෙන්න....අද දවස තියෙන්නේ එක්කෙනෙකුට විතරක් ආදරය කරන්න නෙමෙයි.."ආදරය" කියන්නෙ මහා විසල් පරාසයක් පුරා පැතිරෙන හැඟීමක්...අද පටන් අරඹන්න...ආදරය කරන්නෙක් වෙන්න...මුලු ලොවටම...එවිට ඒ ආදරය ඔබටත් පෙරලා ලැබේවි...

Tuesday, February 7, 2012

සීමා මායිම් නැති ප්‍රේමය....



                    ඇගේ නම කේටී ක'ර්ක්පැට්‍රික්(Katie  Kirkpatrick).. 21 හැවිරිදි ඇගේ පෙම්වතා 23 හැවිරිදි නික්(Nick)..ඔවුන්ගේ කතාව කොහෙත්ම සුඛාන්තයක් නම් වුනේ නෑ..ඒ හැම කතාවකම වගේ අවසානයෙදි "සතුටින් ගොඩාක් කල් ජීවත් වුනා"කියන වචන ටික මේ කතාවෙදි අහන්න නැති නිසා..ඒත් ඔවුන් සතුටින් උන්නා...මේ කතාව කියන්න හිතුවෙ සැබෑ ප්‍රේමයට කල නොහැක්කක් නොමැත කියන එක ආයෙත් මතක් කරන්න..ඇත්තමයි..ඔවුන්ගේ ආදරය ඒ තරම්ම ප්‍රබලයි...
මේ ඡායාරූපය අපේ කතා නායිකාවගෙ විවාහ මංගල්‍යයට කලින් ගත්තු එකක්..හරියටම දින වකවානු එක්ක කිවුවොත් 2005 වසරෙ ජනවාරි 11 වෙනිදා..කේටී ඒ වනවිටත් මාරාන්තික පිළිකාවක ගොදුරක් බවට පත් වෙලයි හිටියේ..මේ නිසාම ඇයට පැය ගණන් පිළිකා නාශක ප්‍රතිකාර වල යෙදෙන්න වුනා..මේ එවන් එක් අවස්ථාවක ස්වකීය පෙම්වතියගේ ප්‍රතිකාරයන් අවසන් වෙනතෙක් බලා සිටින නික්..




                ක්‍රමයෙන් මියයමින් පවතින ශරීරාංග වලින් නැගෙන වේදනාව මෝෆීන් නම් උත්තේජකයේ පිහිටෙන් යටපත් කරගත් කේටී තම විවාහ මංගල්‍යයේ හැම අවස්ථාවක්ම වගේ සැලසුම් කළා..ඇගේ මංගල ඇඳුම කිහිප විටක්ම යළි සකස් කරන්න වුනා...ඒ ඇයගේ ශරීරය දිනෙන් දින දරුනු විදියට වැහැරෙමින් තිබුනු නිසාවෙන්..



                    ඇගේ ප්‍රේමය මල්ඵල ගැන්වෙන දවස උදා වුනා..විවාහයට පැමිණි අමුත්තන් අතර අසාමාන්‍ය,නමුත් අත්‍යාවශ්‍ය එක් අමුත්තෙකුත් සහභාගී වුනා..ඒ ඔක්සිජන් වායු ටැංකියක්..එය කේටී අසලින්ම තබා තිබුනේ ඇයට නිතරම පාහේ එහි පිහිට පතන්නට වුනු නිසා..මේ ඡායාරූපයෙ  පැත්තකින් හිටගෙන ඉන්න අනික් යුවල නික්ගේ දෙමවුපියන්... ඔවුන් හැඟීම්බරව බලා ඉන්නේ තම පුතු යොවුන් වියේ බැඳි ආදරය තමන්ගේම කරගෙන සිනාසෙන ආකාරය දෙසයි..



                   ඇයත් යුවතියක්...අනික් යුවතියන්ගේ හිත්වල දෝරෙ ගලන දහසකුත් එකක් බලාපොරොත්තු කේටීගේ දහිරිය පිරිච්ච හිතටත් වලංගුයි..ඒ නිසාමයි මේ ඇගේ මුවින් වෑහෙන හිනා ගඟ අව්‍යාජ්‍ය වෙන්නෙත්..ඇය රෝද පුටුවකට වී වුවත් මේ සිනාසෙමින් බලා සිටින්නේ ඇගේ ආදරබර සැමියා හා ඔහුගේ මිතුරන් ගීත ගයමින් ඇය වටා නටන දිහායි..



කොතරම් සතුටින් හිටියත් ඇයට විටින් විටි මඳ විවේකයන් ගන්නම වුනා..වේදනාව ඇයට වැඩි වේලා සිටිගෙන සිටීමට ඉඩ දෙන්න තරම් කාරුණික වුනේ නෑ..


             කේටී තමන්ගේ විවාහයෙන් දවස් 5කට පස්සෙ මෙලොව හැර ගියා..මෙවන් දුර්වල ගැහැණියක් මනමාලියක වී මුව'ග රැඳුනි හසරැල්ලකින් යුතුව බලා හිටිද්දී හිතට ගලන හැඟීම් කෙසේ වදන් වලට පෙරළම්ද?




සතුට හැමවිටම ඔබ ළඟමයි..
සිනහව තමන් ළඟ තබා ගන්න කාලය ගැන මිස
එහි පැවැතුම් කාලය ගැන සිත වෙහෙසන්න එපා..
මේ ජීවිතේ හරිම කෙටියි..
ඒක නිසා ජීවිතේට ආදරය කරන්න..
ඒ වගේම හැකි උපරිමයෙන් වැඩ කරන්න..
අසීමාන්තිකව ආදරය කරන්න..
හැකි ඉක්මනින් සමාව දෙන්න..
අසීමිතව සිනාසෙන්න..
එපා හිනාවට වැට බඳින්න..

ඒ වගේම තවත් එකම එක පුංචි ඉල්ලීමක් තියෙනවා..
හැකි උපරිමයෙන් පිළිකාවලින් පෙළෙන්නන්ට උදවු කරන්න..අඩුම තරමින් ඔවුන්ට සෙතක් වේවා කියන සිතිවිල්ලෙන් කල් ගෙවන්න...

Monday, February 6, 2012

බලන්න ඔබේ දෙසම...සිතන්න...ඔබ කොතරම් වාසනාවන්තද කියා..



                                යෙහෙන් සිටිනට වාසනා..!!

            දින ගණන් මා හෙළු කඳුලැල්
    ඔබේ නෙතගට නොඒවා
          මගෙන් ගිලිහී ගිය සුසුම්වැල්
       ඔබට නම් නොම දැනේවා
         ඔබේ මතකය මා ලඟයි තව
       දිනෙක වියැකී නොයේවා
                 කොතැන සිටියත් තුටින් සිටිනට
     මගේ ආසිරි ලැබේවා !!!

ගුරු පූජා...දෙවැනි පද සිත්තම...


මේ කවි පන්තිය මගෙ අතින් හදිස්සියෙ ලියවුනු එකක්..ගිය අවුරුද්දෙ මගේ සා/පෙ පන්තියෙ අන්තිම දවස්වලින් එකක මගෙ පන්තියෙ සගයෙක් අවිල්ල මගෙන් පුංචි ඉල්ලීමක් කලා එයාගෙ ඉතිහාසය අමතර පන්තියෙ අන්තිම දවස එදා නිසා ඒ සර්ට දෙන්න කවියක් ලියල දෙන්න කියලා..ඔන්න ඔය විදියට තමයි මේ කවි පන්තිය ලියවුනේ..

                   ඉදින් අවසරයි සමුගන්නට....

මතුලොවක රජවරු තනන්නට
දිසාපාමොක් ඇදුරු වූ නුඹ
පෙර විකුම් කල රජුන්ගේ කග
ලෙසට පන්හිඳ අපට හුරු කළ

              ශිල්ප සයුරේ ගැඹුරු තැන් වෙත
              පාව යන්නට නැවක් වූ නුඹ
              වෙන්ව යන්නට කාලයයි මේ
              ගෙවූ දෙවසර නිමා වී ඇත..

රජුන් පරපුර නිමා වී මුත්
රාජකීයව ඔටුනු ලන්නට
ශිල්ප මනු දම් කියා දුන් ඔබ
සැබෑ ගුරු තරුවකී දිදුලන..

             සිතේ ගැඹුරුම තැනින් මතුවෙන
             සෙනේ දම් හා භක්ති මල් ගෙන
             නෙතේ කඳුලැලි තුළින් බොඳවුන
             ඔබේ පා වැඳ සමුගනිමි අද..        










Saturday, February 4, 2012

නිදහස !!

             නිදහස
 මගි මල් දම් පැලඳි ලක්මව
  හද මත් කරනා හඬින් සැර
  තට රත් වූ ලෙයට කා වැද
  මුරගායි සිහ නදින්.....   "නිදහස" !!

  නිබඳ සැම 
  නවු පිස
 මන මඳ පවනැල්ල වේවා..
 දා වැජඹේවා මෙ   " නිදහස " !!

Thursday, February 2, 2012

කඳුහෙල් වලින් ගලන මහ ඇළ දොළවල්වල තියෙන වතුර ගංගා දිගේ ඇවිත් මහ මුහුදට වෙනකම්ම ගලන්නෙ මුහුද ඒවට වඩා පහතින් ඉන්න නිසා.ඒ හින්දම මහ මුහුදට,ගංගාවලට පුළුවන්කම තියෙනවා ඇළ දොළවල් පාලනය කරන්න..ඒ වගේම නුවණක්කාරය හැමවිටම අනික් මිනිස්සුන්ට පහළින් ඉන්නයි උත්සාහ කරන්නෙ..ගංගා ඇළ දොළ මොන තරම් කුණු,මඩ මහ මුහුදට දුන්නත් මහ මුහුදෙ ලස්සනට ඒවයින් හානි කරන්න බෑ..ඒ වගේම තමයි අනික් අයගෙන් කොච්චර අපවාද චෝදනා ආවත් තමන් නිර්දෝශි බව දන්න කෙනා සියළු අපවාද මැදිහත් සිතින් දරාගන්නව..ඒ ඇයි කිවුවොත් සිංහල ගැමියාට අනුවනම් වඳින්න වඳින්න ගහන මිනිහත් මෝඩයා ගහන්න ගහන්න වඳින මිනිහත් මෝඩයා හින්ද..වඩාත් උචිතම දේ තමයි ගහන මෝඩයට ගහගන්න කියලා වඳින්න යන එක නවත්තන එක..අන්තිමට ගහන එකත් එපා වෙච්ච දවසට ඒ මිනිස්සුන්ටම තේරේවි කාගෙ රෙදිද ඇත්තටම ගැලවුනේ කියලා..එතකොට ඉතින් ඒ උන්නැහෙලා පරක්කු වැඩිවෙයි මයෙ හිතේ..!! 

Wednesday, February 1, 2012

මිතුදමේ අවදානම....



මම බොහොම ළඟ දවසක හුඟක් ලොකු ඇනගැනිල්ලක් ඇනගත්තා...එත් ඉතින් දෙයියන්ගෙ පිහිටෙන් කාටවත් කරදරයක් උනෙ නැහැ..වෙච්ච තරමක් කරදර සේරම උනේ මට...ඒත් දරුණුම දේ තමයි මට වෙච්ච තුවාල කිසිම එකක් බාහිරයට පේන ඒව නොවීම...ඒ තුවාල එකක්වත් අපහු සනීප කරන්න පුලුවන් මට්ටමෙ ඒවත් නෙමෙයි...බුදු බණේ හැටියට මගෙ ඒ තුවාල ටිකෙන් ටික සනීප වේවි..ඒත් ඒ තුවාලෙ ඇදුම් කන තරමට මගෙ පපු කැවුත්තෙ ගන්න දෙයක් ඉතුරු වෙලා නැතුව ඇති කියලයි මට නම් දැනෙන්නෙ....වට කතන්දර ඕනෙ නැහැ..මම මේක පෝස්ට් කරන්න හිතුවෙ එකම එක කාරණාවක් උඩ...මේ සිදුවීමෙන් මම ගොඩාක් දේවල් ඉගෙනගත්තා..ඒ දේවල් මේ බ්ලොග් එක අහම්බෙන් හරි දකින කෙනෙක්ට මහා දුකකින් මිදෙන්න උදවුවක් වේවියී  කියල මට හිතෙන හින්දා...
කාරණාව මේකයි...අපි හැමෝටම යාලු මිත්‍රයො ඉන්නව නේද?ඒ යාලු මිත්‍රයන්ව ආශ්‍රය නිශ්‍රය කරන කොට අපෙන් මහ පුදුමාකර විදියෙ වැරදි සිද්ද වෙනව...ඒව එයාලගෙ ජීවිතවලට ලොකුවට බලපාන්නත් පුලුවන්..ඒකෙත් දෙයාකාරයක් තියෙනව...සමහර යාලු මිත්‍රයො ඉන්නව තමන්ගෙ හැම ප්‍රශ්නයක් ගැනම කතා බහ කරලා දෙන්නට දෙන්න හුඟක් හොඳ අවබෝදයක් තියෙන අය....එයාලත් එක්ක ප්‍රශ්නයක්
ඇතිවුනත් කතා බහ කරල විසඳ ගන්න පුලුවන්...ඒ විදියෙ යාලුවෙක්ව ලබන්නත් පූරුවෙ කරපු පින් ඕනෙයි කියන යථාර්තය මම තේරුම් ගත්තෙත් මගෙම යාලුවො විදියට හිටපු අයගෙන්ම තමයි..ඒක තේරුම් කරල දුන්නට මම හැමදාමත් උන්ට පින් දෙනවා...නැත්තම් මම තාමත් උන්ට වදයක් වෙවී උන්ගෙන් අවලම් කතා අහ අහ ඉන්න එපැයි...එතනින්ම මම දෙවෙනි යාලු මිත්‍රයො කොට්ඨාසය ගැනත් වචනයක් දෙකක් කතා කරන්නම්...අවාසනාවට මට අති බහුතරයක් උන්නෙ මෙන්න මේ කාණ්ඩයෙ හිතවතුන්...මේ අය අපේ භාශාවෙන් කිවුවොත් කොන්දක් කියල නාමයක් නැති උන්.. උන් උඩින් දත් තිස් දෙකම පෙන්නලා හිනා වෙලා හිත යටින් වෛර කරන උන්...මම තමුසෙට කැමති නෑ කියල මූනටම කෙලින්ම කිවුවනම් ප්‍රශ්නයක් නැහැනෙ...ඒත් මුන්ට එහෙම කියන්න කොන්දක් නැහැ...
කොහොමින් කොහොම හරි මට සත්‍යාවබෝධය ලබා දුන් ඒ සුපින්වතුන්ට මම ප්‍රාර්ථනා කරන්නෙ මේ කරගත්තාවු කුසල බලයෙන් දෙවු මිනිස් සැප කෙලවර සුවහසක් දෙනා වහන්සේලා නිවී සැනහී වැඩියා වූ අමා මහ නිර්වාණ ශාන්තියම ලබත්වා කියන එක විතරයි....
ගඟේ වතුර ගලන්නෙ හැමතිස්සෙම පහත් තැනින්ළුනෙ...ඒක හින්දා මැදිහත් සිතින් සියළු අපවාද චෝදනා ඉවසා දරාගෙන ඉන්න මම තීරනය කලා....අන්තිමට බැලින්නම් ඔක්කොම බයිලා විතරයි....ඒක අහවරයි කියමුකෝ...හැම කලු වලාකුලකම එක රිදී ඉරක් හරි තියෙනව කියනව කිවුව එකත් ඇත්ත බලන් ගියාම....මෙන්න මේ පද ගෙත්තම කොහොමැයි කියල පොඩ්ඩක් බැලුවනම්..


    


                                            අහවරයි..වස්සාන කාලය !




   ඉඩෝරෙන් පැළුනු බිම
කර්කශද කොයිතරම්
මගෙ හිතත් පුපුරනවා
   ඉඩෝරෙම පිලිඅරන්... 

මිතුදමේ වැසි බිංදු 
      යළිත් නොවැටෙයි ඉතින්
හද කෙතට එකතු වී
සාර කරනා අටින්... 

 එදැන මෙන් මගෙ හිතත්
පුපුරු ගසමින් තදින්
දරනවා බොහෝ වෙර 
  මිදෙන්නට ඉඩෝරෙන්...

   නොඅඩු වැසි බිඳු වැටුනු මේ බිම
සාරවත් ලෙස ඵල දරන විට
කිමද නොමසිතුනේ මා හට
ඉඩෝරය ලඟ හඹා එන බව?

එදා සිහිලස ලබා දුන්
වැහි බින්දු අද දැඩි සිතින්
 පෙලන්නේ මේ මගේ හද බිම
නොකල වරදක මතින්..

මං මුලාවූ සියල් වැහි බිඳු
ඇත්ත වටහාගත් සැනින්..
හැරී ආවද පලක් නෑ දැන්
     පැළුනු බිම නැසිලා ගොසින්...