Wednesday, February 1, 2012

මිතුදමේ අවදානම....



මම බොහොම ළඟ දවසක හුඟක් ලොකු ඇනගැනිල්ලක් ඇනගත්තා...එත් ඉතින් දෙයියන්ගෙ පිහිටෙන් කාටවත් කරදරයක් උනෙ නැහැ..වෙච්ච තරමක් කරදර සේරම උනේ මට...ඒත් දරුණුම දේ තමයි මට වෙච්ච තුවාල කිසිම එකක් බාහිරයට පේන ඒව නොවීම...ඒ තුවාල එකක්වත් අපහු සනීප කරන්න පුලුවන් මට්ටමෙ ඒවත් නෙමෙයි...බුදු බණේ හැටියට මගෙ ඒ තුවාල ටිකෙන් ටික සනීප වේවි..ඒත් ඒ තුවාලෙ ඇදුම් කන තරමට මගෙ පපු කැවුත්තෙ ගන්න දෙයක් ඉතුරු වෙලා නැතුව ඇති කියලයි මට නම් දැනෙන්නෙ....වට කතන්දර ඕනෙ නැහැ..මම මේක පෝස්ට් කරන්න හිතුවෙ එකම එක කාරණාවක් උඩ...මේ සිදුවීමෙන් මම ගොඩාක් දේවල් ඉගෙනගත්තා..ඒ දේවල් මේ බ්ලොග් එක අහම්බෙන් හරි දකින කෙනෙක්ට මහා දුකකින් මිදෙන්න උදවුවක් වේවියී  කියල මට හිතෙන හින්දා...
කාරණාව මේකයි...අපි හැමෝටම යාලු මිත්‍රයො ඉන්නව නේද?ඒ යාලු මිත්‍රයන්ව ආශ්‍රය නිශ්‍රය කරන කොට අපෙන් මහ පුදුමාකර විදියෙ වැරදි සිද්ද වෙනව...ඒව එයාලගෙ ජීවිතවලට ලොකුවට බලපාන්නත් පුලුවන්..ඒකෙත් දෙයාකාරයක් තියෙනව...සමහර යාලු මිත්‍රයො ඉන්නව තමන්ගෙ හැම ප්‍රශ්නයක් ගැනම කතා බහ කරලා දෙන්නට දෙන්න හුඟක් හොඳ අවබෝදයක් තියෙන අය....එයාලත් එක්ක ප්‍රශ්නයක්
ඇතිවුනත් කතා බහ කරල විසඳ ගන්න පුලුවන්...ඒ විදියෙ යාලුවෙක්ව ලබන්නත් පූරුවෙ කරපු පින් ඕනෙයි කියන යථාර්තය මම තේරුම් ගත්තෙත් මගෙම යාලුවො විදියට හිටපු අයගෙන්ම තමයි..ඒක තේරුම් කරල දුන්නට මම හැමදාමත් උන්ට පින් දෙනවා...නැත්තම් මම තාමත් උන්ට වදයක් වෙවී උන්ගෙන් අවලම් කතා අහ අහ ඉන්න එපැයි...එතනින්ම මම දෙවෙනි යාලු මිත්‍රයො කොට්ඨාසය ගැනත් වචනයක් දෙකක් කතා කරන්නම්...අවාසනාවට මට අති බහුතරයක් උන්නෙ මෙන්න මේ කාණ්ඩයෙ හිතවතුන්...මේ අය අපේ භාශාවෙන් කිවුවොත් කොන්දක් කියල නාමයක් නැති උන්.. උන් උඩින් දත් තිස් දෙකම පෙන්නලා හිනා වෙලා හිත යටින් වෛර කරන උන්...මම තමුසෙට කැමති නෑ කියල මූනටම කෙලින්ම කිවුවනම් ප්‍රශ්නයක් නැහැනෙ...ඒත් මුන්ට එහෙම කියන්න කොන්දක් නැහැ...
කොහොමින් කොහොම හරි මට සත්‍යාවබෝධය ලබා දුන් ඒ සුපින්වතුන්ට මම ප්‍රාර්ථනා කරන්නෙ මේ කරගත්තාවු කුසල බලයෙන් දෙවු මිනිස් සැප කෙලවර සුවහසක් දෙනා වහන්සේලා නිවී සැනහී වැඩියා වූ අමා මහ නිර්වාණ ශාන්තියම ලබත්වා කියන එක විතරයි....
ගඟේ වතුර ගලන්නෙ හැමතිස්සෙම පහත් තැනින්ළුනෙ...ඒක හින්දා මැදිහත් සිතින් සියළු අපවාද චෝදනා ඉවසා දරාගෙන ඉන්න මම තීරනය කලා....අන්තිමට බැලින්නම් ඔක්කොම බයිලා විතරයි....ඒක අහවරයි කියමුකෝ...හැම කලු වලාකුලකම එක රිදී ඉරක් හරි තියෙනව කියනව කිවුව එකත් ඇත්ත බලන් ගියාම....මෙන්න මේ පද ගෙත්තම කොහොමැයි කියල පොඩ්ඩක් බැලුවනම්..


    


                                            අහවරයි..වස්සාන කාලය !




   ඉඩෝරෙන් පැළුනු බිම
කර්කශද කොයිතරම්
මගෙ හිතත් පුපුරනවා
   ඉඩෝරෙම පිලිඅරන්... 

මිතුදමේ වැසි බිංදු 
      යළිත් නොවැටෙයි ඉතින්
හද කෙතට එකතු වී
සාර කරනා අටින්... 

 එදැන මෙන් මගෙ හිතත්
පුපුරු ගසමින් තදින්
දරනවා බොහෝ වෙර 
  මිදෙන්නට ඉඩෝරෙන්...

   නොඅඩු වැසි බිඳු වැටුනු මේ බිම
සාරවත් ලෙස ඵල දරන විට
කිමද නොමසිතුනේ මා හට
ඉඩෝරය ලඟ හඹා එන බව?

එදා සිහිලස ලබා දුන්
වැහි බින්දු අද දැඩි සිතින්
 පෙලන්නේ මේ මගේ හද බිම
නොකල වරදක මතින්..

මං මුලාවූ සියල් වැහි බිඳු
ඇත්ත වටහාගත් සැනින්..
හැරී ආවද පලක් නෑ දැන්
     පැළුනු බිම නැසිලා ගොසින්...


   

7 comments:

  1. maxxa mchn maxxa ......eth magen mona hari waradk unanm dahas warayk sryyyyyyy.......dahas dahas waraykk

    ReplyDelete
  2. අමූලික ඇත්ත. උඹේ කටට මසුරං දාලා ගිහින් රෑට ඇවිල්ල බෙල්ලත් එක්කම කපං යන්න වටිනවා!

    ReplyDelete
  3. උඹ මේක දාල තියෙන්නේ උඹෙන් කිසිම වැරද්දක් නොවිච්ච ගානට..!! උඹේ වැරදි පිලි අරගෙන ඒවා හද ගනින් එතකොට උඹට හිටිය හොඳ යාලුවෝ ආයෙත් උඹත් එක්ක ඉඳීවි.!!!! තමන්ගේ වැරදි පිලි ගන්ඩ තරම් කොන්දක් උඹට නෑ.!!!! යාළුකම් පවා දීලා මිත්‍රද්‍රෝහියෙක් උනේ උඹ.උඹේ යාලුවෝ නෙවෙයි.!!!!!!!

    ReplyDelete
    Replies
    1. හෙහෙ...කෙනෙක් පාරෙ යන ජීවිතේට දැකලවත් නැති මිනිහෙක්ව පෙන්නල කිවුවොත් අරූ මිනීමරුවෙක්,මහ භයානක අපරාධකාරයෙක් කියලා කොච්චර නෑ කිවුවත් ඔයා ඒ මනුස්සය දිහා බලන්නෙත් ඒ කෝණෙන්ම තමයි.අනික දැන් ඔය හැමෝම සාන්තුවරු කියලා හිතන් ඉන්න උන් ගහපු ගේම් එළි වෙන්නෙත් දැන්..හොඳ හොඳ සෙල්ලම් එළි වෙන ජාමෙටළුනෙ..ඒ සේරම වගේත් දැන් එළි වෙලා තියෙන්නෙ..ඒත් ඒව එළියට දාන්න යන්නෙ නැත්තෙ එවුන් කලා වගේ එකෙක් කපලා පොර වෙන්න තරම් කුහකකමක් නැති හින්දා..අනික ඉතින් අපේ මිනිස්සු තැලෙන යකඩෙ දැක්කම උඩ පැන පැන තලන උන්නෙ.. :) ඒ නිසයි මම ඕනෙ තරම් බැනහල්ල කියල පැත්තකට උනේ..මට දුක ඒ එකා දෙන්නගේ කතා අහලා මට නැති වෙච්ච හොඳ යාලුවො ටික ගැන..මිත්‍රද්‍රෝහියො කවුද කියන එක කාලය විසින්ම පෙන්නල දේවි....සමාවෙන්න මෙහෙම කිවුවට...පිට කොන්දක් නැතිකම කියල ඔයා අදහස් කරන්නෙ නොකර වැරැද්දකට සමාව ගන්න එකනම් ඔයාට වැරදිලා..මොකද මටත් කියලා ආත්ම ගෞරවයක් තියෙනවා..එක එකාට ජන්ගි හින්දා යාලුකම බල්ලට දාන්න පුලුවන්නම් ඇයි නොකල වැරැද්දකට මං මගෙ ආත්ම ගෞරවය බල්ලට දාන්නෙ??

      Delete
  4. තමන්ගේ වලියට බැහැපු තමන්ගේම යාළුවව හතුරට පාවල,දීල තමන්ගේම යාලුවන්ගේ කෙල්ලෝ talk කරපු කාලකන්නිය හලන්නේ නැතුව ඔලුව උඩ තියාගන්ඩ පුලුවන්ද..??? උඹ සාහිත්‍ය කෑලි වලින් මොන වැඩ දාල ලිව්වත් උඹේ ඇත්ත ස්වරූපේ හැමෝම දැනගත්තා..!!! උඹ post කරලා තියන හැම දෙයක්ම කොටින්ම උඹේ මේ blog එකම තමන්ගේ වැරදි වහගන්ඩ, තමන්ටම සුදු හුණු ගාගන්ඩ හදපු එකක් විතරයි..!!!මම කියන්නේ තමන්ගේ යාළුවන්ට කරපු බලු වැඩ වලට උන්ගෙන් සමාව ගනින් කියල..!! එහෙම සමාව ගන්ඩ බැරි නම් උඹට පිට කොන්දක් නැහැ.!! එහෙම කොන්දක් නැති උන් එක්ක සම්බන්දකම් තියාගන්න මෝඩයෝ අපේ පන්තියෙත් ඉන්න එක ගැන මම දුක් වෙනවා..!!!

    ReplyDelete
    Replies
    1. හෙහෙ..උඹලට කොච්චර පැහැදිලි කොලත් ඔය ටිකම තමයි බං..මම උඹලව විස්වාස කොරලා මගෙ හැම බඩකඩිත්තුවම කියපු එකයි වැරැද්ද උනේ..හෙහෙ..උඹල ඔය මම ටෝක් කරා කියන කෙල්ලම අද කියනවා එහෙම කිසිම සම්බන්ධයක් අර කියපු එකා එක්ක තිබ්බෙ නැතිය,ඌ පස්සෙන් ආවට කැමති උනේ නැතිය කියලා..උන් කරපු අසමජ්ජාති වැඩත් එළි වෙලා ඉවරයි පුතෝ..අනික දැනගන්..මම ඉස්සරහ පන්තියත් එක්ක වලියට ගියෙත් යාලුවෙක් හින්දා තමයි..අනික තොපිට උන් ඒ වෙලේ කියපුවා එවෙලෙ මට නොකිය ඉඳල දැන් කියල හරියනවද බොල?මොකද මට පරචිත්තවිචාරනේ තියෙනවද??තොපිට කොච්චර පැහැදිලි කරත් පිළිගත්තෙ නැහැනෙ?ඒකම තමයි මම තොපෙන් අයින් උනෙත්..මම සමාව ගන්නෙ නෑ..මොකද මම කිසිම වැරැද්දක් නොකල නිසා..මගෙ පිටකොන්ද ගැන ප්‍රශ්න කරන්න කලින් හොයපිය තොපි අතර ඉන්න ගේම්කාරයො ගැන..හෙහෙ..මාවනම් ඔලුව උඩ තියානොගත්තට කමක් නෑ පුතෝ..මට එහෙම ඉන්න ඔනෙකමකුත් නෑ..හැබැයි උඹල ඔය ඔලුව උඩ තියන් ඉන්න උන් සමහරක් උඹල හිතනවට වඩා ගොඩක් අන්තයි..අන්න ඒක මතක තියාගනින්..මගෙ පිටකොන්ද ගැන ප්‍රශ්න කරන්නෙ උඹත් ඇනියෙක්විදියට කමෙන්ට් කර කරනෙ?හරි නමෙන් ඇවිත් කමෙන්ට් කරහං යකෝ..තොපෙ වගේ හැංගි හොරා සෙල්ලම් මගෙ තිබ්බෙ නෑ..තිබ්බ හැම බඩවැලම චාටර් වෙන්න හරි තොපි එක්ක කිවුවා...ඒකයි තොපිට දිරෙවුවෙ නැත්තෙත්..

      Delete
    2. අනික මම මේ බ්ලොග් එක හැදුවෙ මම සාහිත්‍යයට ආස හින්දා,ආදරේ හින්දා...මම මේකෙන් ලොකු වින්දනයක් ලබන හින්දා..

      Delete

නිදහස් අදහස්....