Monday, February 6, 2012

ගුරු පූජා...දෙවැනි පද සිත්තම...


මේ කවි පන්තිය මගෙ අතින් හදිස්සියෙ ලියවුනු එකක්..ගිය අවුරුද්දෙ මගේ සා/පෙ පන්තියෙ අන්තිම දවස්වලින් එකක මගෙ පන්තියෙ සගයෙක් අවිල්ල මගෙන් පුංචි ඉල්ලීමක් කලා එයාගෙ ඉතිහාසය අමතර පන්තියෙ අන්තිම දවස එදා නිසා ඒ සර්ට දෙන්න කවියක් ලියල දෙන්න කියලා..ඔන්න ඔය විදියට තමයි මේ කවි පන්තිය ලියවුනේ..

                   ඉදින් අවසරයි සමුගන්නට....

මතුලොවක රජවරු තනන්නට
දිසාපාමොක් ඇදුරු වූ නුඹ
පෙර විකුම් කල රජුන්ගේ කග
ලෙසට පන්හිඳ අපට හුරු කළ

              ශිල්ප සයුරේ ගැඹුරු තැන් වෙත
              පාව යන්නට නැවක් වූ නුඹ
              වෙන්ව යන්නට කාලයයි මේ
              ගෙවූ දෙවසර නිමා වී ඇත..

රජුන් පරපුර නිමා වී මුත්
රාජකීයව ඔටුනු ලන්නට
ශිල්ප මනු දම් කියා දුන් ඔබ
සැබෑ ගුරු තරුවකී දිදුලන..

             සිතේ ගැඹුරුම තැනින් මතුවෙන
             සෙනේ දම් හා භක්ති මල් ගෙන
             නෙතේ කඳුලැලි තුළින් බොඳවුන
             ඔබේ පා වැඳ සමුගනිමි අද..        










No comments:

Post a Comment

නිදහස් අදහස්....