Friday, March 2, 2012

ට්‍රකින්ග් අර්බුදයට පසුවදනක්....


ඕන් ඊයෙ පෙරේද දවසක කොල්ලො කට්ටියක් කෙල්ලන්ගෙ ඉස්කෝලෙකට පැන්නයි කියල පොලීසියේ මහත්තුරුන්ට නැට්ටටම තද වෙලා..මේ ඉතින් ඒ සිද්දිය ගැන මගේ අදහස...

සමාජ සම්මතයට පිටින් බවනම් මමත් පිළිගන්නව..ඒත් මට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා..දැන් මේ උදවිය කියන විදියට ඒ සිද්දිය මෙහෙමයි වෙලා තියෙන්නෙ... "....මෙම ශිෂ්‍යයන් බාලිකා පාසල්වලට කඩා වැදී ඉතාම අශෝභන ආකාරයට හැසිරීම නිසා ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක මහතා පැවසීය".... මම අහන්න කැමතියි ඒගොල්ලන්ගෙන් දැන් ඔය බාලික පාසල්වල එක කෙල්ලෙක්වත් බඩදරු වෙලා එහෙම තියෙනවද?කිසිම ශාරීරික හිංසනයකට ලක් වෙලා තියෙනවද?අසභ්‍ය විදියට හැසිරිලා තියෙනවද?අනේ සර්..මෙච්චරකල් ට්‍රකින්ග් ගිය ඔක්කොම වුන් එතකොට සර්ගෙ විදියට වල් වැඩ කරපු උන්ද?උන් ට්‍රකින්ග් ගියා තමයි...ඒත් උන් පැන්නෙ කෙල්ලන්ගේ ඉස්කෝලවලට...ඒක ජීව විද්‍යාත්මකව සාදාරණීකරනය කරන්න පුළුවන්...ඒත් සර් සමහරවිට දන්නෙ නැතුව ඇති ලංකාවෙ තවත් ප්‍රසිද්ද පාසලක් ගිය වසරෙ පිරිමි පාසල්වලටත් පැන්න බව..ටිකක් හිතන්න...ප්‍රශ්නෙ තියෙන්න ඕනෙ කොල්ලො කෙල්ලො හොයාගෙන යද්දිද එහෙමත් නැත්තම් කොල්ලො කොල්ලොම හොයාගෙන යද්දිද?

කොල්ලො කෙල්ලන්ව හොයාගෙන යන්නෙ කොලුකමට.."වනචරකමට" නෙමෙයි..සර්ල වැරදියට තේරුම් අරන් ඉන්න නිසයි මේක ගැන මහ ලොකුවට කියවන්නෙ...ඔය "ට්‍රකින්ග්" යනව කියන්නෙ එක්තරා සම්ප්‍රදායක් පාසල් ක්‍රිකට් තරඟ ආභාශයෙන් ගොඩ නැගිච්ච..ඒක මේ අද ඊයෙ පටන් ගත්ත දෙයක් නෙමෙයි..හැබැයි එච්චර කාලයක් ඒ දේ සිද්ද උනයි කියල කිසිම අපචාරයක් සිද්ද උනේ නෑ...අන්න ඒකත් මතක තියා ගත්තොත් හොඳයි...


අනික ඔය කියන විදිහටම කොල්ලෝ බලහත්කාරෙන් ඔය කෙල්ලොන්ගේ පාසල් වලට රිංගුවද ??? මේ ගැන මම ටිකක් වැඩිදුර විස්තර හොයනකොට ඔය සිද්දියට සම්බන්ද පුද්ගලයෙක්ගෙන් ඇත්තම කතාව අහගන්න පුලුවන් උනා. ඔය කියන විදිහට ඒ පිරිස බලහත්කාරයෙන් ඇතුල් වෙලා නැ..... ඔය කියන කොළඹ ප්‍රසිද්ද බාලිකා පාසල් වල විදුහල්පතිනියන්ගේද අවසරය ඇතුව තමා ඇතුල් වෙලා තියෙන්නේ.. ඒ කියන්නේ ඒ පාසල් වලට ඇතුල් වෙන්න ගේට්ටු ඇරල දීලා. ට්‍රකින්ග් යනකොට පාසල් වල ගේට්ටු මුරකරුවන්, ගුරුවරුන් හා ලමයින්ම ඇවිත් ගේට්ටු විවර කරල ඉඩ දෙනව තමන්ගෙ පාසලට ඇතුලු වෙන්න..ඒක කඩා වැදීමක් නෙමෙයි...එහෙම කියනවනම් ඒ කියන අයගෙ අධ්‍යාපන මට්ටම හා මානසික තත්වය ගැන පොඩ්ඩක් හොයල බලන්න වටිනව..

පොඩ්ඩක් හිතන්න...ඔයා කැමතිද තමන්ගෙ ගෙදරට පිට උන් බලෙන් ඇතුලු වෙනවට?පාසල් ලමයෙක්ට පාසල කියන්නෙ තමන්ගෙ ගෙදර වගේ තමයි...තමන්ගෙ පාසලට බලහත්කාරයෙන් කඩා පනින්න එන උන්ටනම් එහෙම ගේට්ටු ඇරල තියයිද??ඒ අය දන්නව මේ කරන දෙයින් ඒගොල්ලන්ට කිසිම හානියක් වෙන්නෙ නැහැයි කියල...ඉතින් දෙයියනේ ඒක උන්ටත් තේරෙනවනම් ඇයි මේ ලොකු ලොකු උදවියට තේරෙන්නෙ නැත්තෙ?

ට්‍රකින්ග් යන එකෙන් ඔය කියන විදියෙ කිසිම හානියක් වෙන්නෙ නෑ...එහෙම වෙනවයි කියන්නෙ ගෑනු ලමයින්ව පිරිමි පුළුටක් දකින්න නැතුව උන්මාද චිත්‍රාවො වගේ හදන්න ඕනෙය කියන මතයෙ ඉන්න අය..හැබැයි එයාල ඒ කාලෙ පුදුම අන්‍යොන්‍ය සම්බන්දතාවයන් සහිතව හිටපු අය..මතක තියාගත්තොත් හොඳයි...එහෙම හිර කරල හදන ගෑනු ලමයි තමයි රට ලෝකෙ ගැන කිසිම දැනීමක් නැතුව ඉඳල අවස්ථාවක් ලැබුනු සැනින් තමන්ගෙ අනාගතේ පවා නැති වෙන තරම් අවදානම් ගන්නෙ...

ඒකෙ නියම අගය දන්නෙ ට්‍රකින්ග් ගිය කෙනෙක් තමයි..එහෙම නොදැන කෑ ගහන්න එපා කියලයි අපිනම් ඉල්ලන්නෙ...අනික ඕක එක ඉස්කෝලෙකින් විතරක් කෙරෙන දෙයකුත් නෙමෙයි...ඉස්කෝලවට මඩ ගහන්න බලාගෙන ඉන්න උන්ටනම් ඔහොම චාන්ස් එකක් ආවම රජ මගුල්...ඒත් මටනම් කියන්න තියෙන්නෙ දන්නෝ දනිති කියල තමයි...බිග් මැච් කාලෙට දැනෙන සතුට විඳින්න තරම් පින් නොකරපු උන්ගෙ කුනු කතා අහල නැවතුනානම් රටේ ප්‍රමුඛ පෙලේ අන්තර් පාසල් ක්‍රිකට් තරඟ දශක ගානක අතීතයක් පුරා විහිදෙන්න කිසිම විදියක් නෑ...නොදන්න අයට දැනගන්නත් එක්ක කියන්නම්..දැනට ලෝකෙ එකදිගට වැඩිම අවුරුදු ගානක් සෙල්ලම් කරපු මැච් වලින් මුලු ලෝකෙන්ම දෙවෙනියට තියෙන මැච් එක හා දීර්ඝතම අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිය ලංකාවේ .....ඒව මෙච්චරකල් පැවතුනේ යථෝක්ත සම්ප්‍රදායනුත් එක්ක...මෙන්න මේ වාක්‍ය ඛන්ඩය ගැන ටිකක් හිතන්න...අනුන්ට දෙහි කපන්න වියදම් වෙන කාලයෙන් ටිකක් ඒකට මිඩංගු කරන්න....මොලේ තියෙන උන්ට තේරෙයි...නැත්තම් ඉතින් සොරිම තමයි...

                      "සෑම කලු වළාවකම එක් රිදී රේඛාවක් හෝ ඇත..."

7 comments:

  1. yh so true...all those bloody buggers don't know a single thing about the reality..irisiyakarayo balan inne apita mada gahanna tamai....moko unta koheda apita wage big match.unta tienna natuwa atine..api wage big match gahana trucking tradition ekak tiena iskolekata gihin jeewete vidinna un pin karala nane...harak...

    ReplyDelete
  2. සිරා කතාව....!!

    ReplyDelete
  3. fattama kathawak. elaz. so true

    ReplyDelete
  4. සම්පූර්ණ ඇත්ත සහෝ.......... බොක්කෙන්ම​...................

    ReplyDelete
  5. ඇත්තම ඇත්ත....
    ඔලුවක් නැතිව තොප්පි දාන උන්ට ඕව තේරෙන්නෑ!

    ReplyDelete
  6. සහතික ඇත්ත.. මම ඉස්කෝල වලට පැන්නේ මීට අවරුදු 5 කට විතර කලින් එතකොතත් කිසිම ප්‍රශ්නයක් නැ.. බාලිකා පාසල් වල ළමයි බලන් ඉන්නේ අපි එනකං.. ළමයි විතරක් නෙවෙයි ගුරුවරුත් අපිට අත වනනවා.. හේතුව එයාලත් දන්නවා මේකෙන් කිසිම හානියක් නැ කියල... ඔයා මීඩියා වල කියන විදිහට ඒ ළමයි බඩදරු අම්මල වෙන තිය අපි අතින්වත් අල්ලන්නේ නැ

    ReplyDelete
  7. sira kathawa bn............

    ReplyDelete

නිදහස් අදහස්....