මෙලෝ රහක් නැති මම මෙලෝ රහක් නැති කම්මැලි කතාවක් දෙන්න හිතුවෙ සාම්ප්‍රදායෙන් පිට යන්නත් සාම්ප්‍රදාය දැනන් ඉන්න එපැයි කියලා මම විස්වාස කරන නිසා සාම්ප්‍රදායික බ්ලොග් ලියන්නන් හා රචකයන් ලිඅයනාකාරයේ එකක් මමත් ලිවිය යුතු බවක් මහ පාරෙදි හිතුනු හෙයිනි. ඔන්න එහෙනම් පටන් ගත්තා. ගන්න ලේන්සුවක් හරි පොරි පැකට් එකක් හරි අතට අරං වාඩිවෙන එකයි තියෙන්නෙ.
අපි හැමෝගෙම ජීවිතය වෙන කාටවත් සමාන කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද කියනවනම් කොච්චර අපේ කිව්වත් ඒක මගේ/ උඹගෙ ජීවිතය නිසා. ඒක ජීවත් කරන්නෙත් මම / උඹ කියන කෙනා නිසා . ගොඩක් අය අහනවා ඇයි මටම වෙන්නෙ කියලා. "ඇයි මටම වෙන්නෙ?" මම ඉස්සල්ලත් කිව්වනෙ "ගොඩක් අය අහනවා"කියලා. ඒ කියන්නෙ ඕක මටවත් තව කෙනෙක්ටවත් වෙන දෙයක් නෙමෙයි කියන එක. මිනිස්සු කොච්චර විවිධාකාර උනත් කාටවත් ලොවෙත් නැති කරදර වෙන්නෙ නෑ. සමහර විට බොහොම පොඩි දෙයක් වෙන්න පුළුවන්. නමුත් හුරතලේට හැදිච්ච අපිට, පොඩි කාලෙ බිම වැටිලා මූණ නරක් කරගත්තම අම්මා තාත්තා "හප්"කියලා පොලවට පාරක් ගහලා අපිව නලවල හැදුවම ඔහොම වෙන එක අහන්නත් දෙයක්ද?
සමහරුන්ට යාලුවො නෑලු. සමහරු කියන ඒවා කාටවත් තේරෙන්නෙ නෑලු (ඒකනම් සිංහල නොදන්න කම වෙන්නැති), සමහරු හිනාවෙන්නෙ අඩන්න බැරි කමටලු. අනේද කියන්නෙ , මට නිකම් කොයිල් වගේ. කතාවට එමුකො, මමත් නොකිව්වට හරි දුක් විඳලා තියනවා. මටත් හෙටක් ගැන බයක් තියනවා. ඔව්,මමත් යමක් කරන්න උත්සහ කරනවා! කවදහරි කරල පෙන්නන්නම්.
අයියෝ පොඩ්ඩක් තේරුම් ගන්න. අපිට අපේ සතුටට වඩා දුක මතක හිටියට ඒ කියන්නෙ සතුට වටිනාකමක් නැති දෙයක් කියන එක නෙමෙයි. ජීවිතයට සතුටක්, වෙනසක් එන්නත් පින් කරන්න ඕන. නමුත් අපිට දුක මතක හිටින්නෙ "එක පාරක් වැටුනු වලේ ආපහු නොවැටෙන්න ඕනනම් දුක මතක තියාගනින්" කියනව වගේ දෙයකට වෙන්නත් ඇති කියන එක මතක තියාගන්න. මළාට පස්සෙ ස්වර්ගෙට යන්නයි කියලා මම ජීවත් වෙද්දි දුක් විඳින්නෙ නෑ. මට මේ මොහොත තමයි ස්වර්ගය, ආපාය. ඉන් එහා දෙයක් නෑ....
දැන් ඕගොල්ලො මොනවද එහෙනම් කරන්න ඕන?
මම කිව්වනෙ මේක සාම්ප්‍රදායික ටයිප් බ්ලොග් පෝස්ට් එකක් වගේ එකක් කියලා. ඒව වගේම තමයි ඉවර වෙන්නෙත්.
දැන් දාගෙන හිතපල්ලකො කරන්න දෙයක්! හූ හූ... ලොල් ලොල්... මම මාරු!
සතුටට වඩා දුක ගැන හිත හිත කල් මරන්නෙ සතුටට වඩ දිගුකාලීනව හිතේ පවතින නිසා වෙන්න ඇති..මොකක් උනත් මරු කතාවක් බං...ඔව් ඔව් උඹ මරු!!! හෙහෙ
ReplyDelete