Friday, May 11, 2012

මොහොතකට සුපර්මෑන් වුනෙමි!!


මැයි පළවෙනිදා..
මම ගෙදරින් එලියට බැස්සෙ තාත්තට පොඩි උදවුවක් දෙන්න හිතාගෙන කඩේට යන්න..හැමදාම පාගන සයිකල් පැඩල් දෙක එදත් මගේ සෙරෙප්පු දෙකට යටින් තිබුනා..විසිල් පාරකුත් ගහගෙන මමත් කඩේ පැත්තට ආවයි කියමුකෝ..අඳුනන දෙතුන් දෙනෙකුත් හම්බුනා..උන්ටත් පනාව දාගෙන එනකොට සයිකල් රේස් එකක් හන්දිය පහු කරගෙන යනව..යකෝ මුන්ට කම්කරු දිනේ දවසෙත් අවුරුදුනේ..
ඔහේ සුපුරුදු ප්‍රවේගයෙන්ම හන්දියට ලඟා වෙනකොට සයිකල් රේස් එක ගිහින් ඉවරයි..මමත් වැඩර් වගේ කඩේ පැත්තට හරෝල පාගන්න ගත්තා..හුටා..මෙන්න පිටිපස්සෙන් මහා ජන ගංගාවක් ගලනව!!පස්සෙ බැලින්නම් සයිකල් රේස් එකේ දෙවෙනි කාණ්ඩය ඇවිල්ලා..
නයි කයිද ට්‍රැෆික් පොලිස් කිවුවලු..මම පාර මැද්දෙ හිරවෙලා දැන් දැඩි අර්බුදයක..වම් පැත්තෙ කෙරෝලට බයික් එක ගන්න ගියානම් බයිසිකල් රේස් එකම යන්නෙ මගේ ඇඟ උඩින්..වෙන විකල්පයක් නොමැති වූ කල්හි මමත් පිටිපස්ස බලුවා..එතකොට මම ලාවට වගේ දැක්ක කුලප්පු වෙච්ච මී හරකෙක් මෝටර් සයිකලයක් උඩ නැගල එනවා.එවෙලෙ පරිසර වාතාවරණයත් එක්ක ඒ පින්වතා ගැන මනස යොමු කරන්න හැකියාවක් තිබුනේ නෑ..ඉතින් මට මූණ දාල ඒ වෙලාවෙ වාහන තිබුනේ නැති නිසා මම දෙයියනේ කියල අර පාරෙ මැද්දෙ තියෙන සුදු ඉරත් තරණය කරලා කඩේ පැත්තට හැරෙවුවා..
එකපාරටම හෝ හෝ ගල මොකෙද්ද එකෙක් කෑ ගහනව ඇහුනා..කණ ගාව තුන් හුලස් බට්ටෙක් පිපිරුව වගේ සුමිහිරි නාදයක්....යකෝ මම පාවෙනවා!!
අම්මටහුඩු..සුපර්මෑන් ෆිල්ම් එක බලල තිබුනට උඩින් යනකොට මෙච්චර ආතල් කියල මම දැනන් උන්නෙ නෑනෙ!!

හැමදේම අනිත්‍යයි කිවුවලුනේ..
ඔන්න වැටුනා ගෙම්බා ගැහුවා වගේ..වෙලාවට පාර කාපට් කරල තිබුනේ..ඒ හින්දා ඇබින්දක්වත් රිදුනෙ එහෙම නෑ..
මම කොච්චර වාසනාවන්තද..මීටර් 4ක් උඩිනුයි මීටර් 3ක් විතර බිම දිගෙයි විස්ථාපනය වෙලා එක පාරට නැවතුනේ ආදරණීය පියාණන් හා සරල රේඛීයව මගේ මූණත් තහඩුව පිහිටන විදියට..
අම්මප..මට එවෙලෙ මතකෙ තිබුනෙ ඒ මූණ විතරයි..

මම දැක්ක තාත්ත කඩෙන් එලියට එනවා..එයා හිතල තියෙන්නෙ සයිකල් රේස් එක පස්සෙන් ගිය මෝටර් සයිකල් දෙකක් හැප්පුනා කියලා..මම දන්නව තාත්ත කොච්චර අකමැතිද කියලා එහෙම යනවට..ඒත් තාත්තෙ මම එවෙලෙ හැප්පුනු එක හොඳයි..ඒ මොකද මම එදා තමයි ඔයාගේ හිතේ මං ගැන තියෙන ආදර කැක්කුම දැක්කෙ..

"ලොක්කො මට නිදාගන්න ඇස් වහගත්තට නින්ද යන්නෙත් නෑ බං..පේන්නෙම තමුසෙව හැප්පෙන හැටි.."

තාත්තෙ මම ඔයාව හොඳටම අඳුනගත්තෙ මාව එහෙම හැප්පිච්ච නිසා..ඔයාට මාව හැප්පෙන විදිය පේනව වගේම මටත් තවමත් ඇස් ඉස්සරහ දිග ඇරෙන්නෙ ඔයාගේ මූනේ හැඟීම් වෙනස් වෙච්ච හැටි..ඒ තප්පරයක් තුළදි මම ඔයාගේ මූනෙන් අසීමිත ආදරයක් දැක්කා..කම්පනය,බය,ආදරය වගේ හැඟීම් ගොඩක් ඒ මොහොත තුල ඔයාගේ මූනේ අකුණු ගැහුවා..

මම හිටියේ අන්දෝසංසාර වෙලා..එවෙලෙ උනු මෙලෝ දෙයක් මට තේරුනේ නෑ..අහ්..ටිකක්...හෙල්මට් එකක් විසිවුනා..එකෙක්ට අම්මව මතක් වෙලා කෑගහුවා..මට නැගිටගන්න බැරිඋනා..
අඳුනන නාඳුනන මූනු ගොඩයි!!
ඔහෙන් අල්ලපන්..උස්සල අයිනට ගනින්කො..
මල්ලි උඹට අමාරුද?(මූ මේ මගුලක් කතා කරනව..)
ඇති යන්තම්..තාත්තයි බාප්පයි...
පුතේ උඹට අමාරුද?
(කතා කරන්න හැදුවට වචන එන්නෙ නෑනෙ..)
මොකද මට උනේ?අප්පටසිරි මාව හැප්පිලා..
තුවාලද?අන්න බාප්ප ටිකක් වැදගත් ප්‍රශ්නයක් ඇහුවා..අතක් ලෙලිගිහින්..කකුලත් එහෙමයි..යකෝ අතින් ලේ ගලනව...යන්තම් බාප්පලගෙ ගෙදරට බඩගාගත්තා..
අම්මව එක්කගෙන එන්නද?
එපෝ...
ඊලඟට අම්මට බෙහෙත් කරන්න වෙයි..
දැන් ටිකක් හරි..වෙලාවට විසිවෙලා ගිහින් වැටුනේ..
නැත්තම් මගේ හිත මිත්‍ර සියලු දෙනාට අප නිවසේ මළබතක් සෙට් වෙනවා..
ඔන්න පටන් ගත්තා දේශනාව..හත් ඉළවුවයි!! දැන්නම් මට මෝටර්සයිකලේ හෝදන්නවත් එලියට ගන්න දෙන එකක් නෑ..
ඒකට මොකද බොලවු!!! මමත් දැන් එක පාරක් හැප්පුනු මිනිහෙක්!! හිකි හිකි..

ප:ලි: 
මා හා ඝට්ඨනය වූ අනික් සහෝදරයාද ලයිසන් නොමැත්තෙකුය..ඔහුගේනම් සරුවාන්ගයම ලෙලිගොස් ඇති බව දැනගන්නට ලැබුනි..
ඒත් සමඟම මගේ දුක සැප බෙදාගන්නට පැමිණි,මා ඇමතූ සියළු දෙනාට මගේ හද පිරි තුතිමල් පුදමි..
එසේම මළබත කෑමට මග බලන් සිටි අය සිටීනම් ඔවුන්ට මාගේ බලවත් කනගාටුව පුද දෙමි... :පි