Friday, April 27, 2012

පුනරාවර්ජනය 2

             පළවෙනි කොටස මම නැවැත්තුවෙ ඔයාව මට හම්බුන තැනින්..මගෙ ඒ කවි ටික මම ඔයාට එවුවෙ ඔයා මගෙන් ඒක ඉල්ලපු හින්දා..ඔයාට එවපු ඒ කවි පංතියට පිං සිද්ද වෙන්න මට කන්න වුනු බයිට්නං අනන්තයි අප්‍රමාණයි.මගේ යාළුවංගෙනුත් නෙමෙයි.ඔයාගෙම යෙහෙළියන්ගෙන්.තවමත් මගෙ ළඟ ඒ කැලෑ පත්තර පරිස්සමට තියෙනව..ඉල්ලන ඉල්ලන හැම කෙනාටම කවි ලියන්න ගියොත් ඒවයේ වටිනාකම අඩු වෙනව කියල උන් දන්නෙ නැතුව ඇති සමහරක් විට..මට සාමාන්‍යයෙන් ඉස්සර විහිළු කරද්දි ඉක්මනට කේන්ති යනවා..ඒත් මටම පුදුමයි මම ඒ කැළෑ පත්තර සේරම හිනාවෙලා බාර ගෙන පරිස්සමෙන් අරන් තිබ්බ එක ගැන.මටත් ඒ කැළෑ පත්තරවලට ඕනෙතරම් උත්තර තිබුණා..ඒත් මම ඒව ආපහු එවුවෙ නෑ.මොකද ඒව හරි හුරතල් බොළඳ වැඩ කියල මට හිතුන.ඒ බොළඳකමට මම ආදරේ කළා.
ඔයා දන්නවද?මම ඒවට ආදරේ කරපු එක ගැන අද සතුටු වෙන තරමටම දුක් වෙනව කියලත්?සතුටු වෙන්නේ වෙන මොකුත් නිසා නෙමෙයි.ඒ මතක සැමරුම් දකිද්දි මාව ඉබේම ඒ අතීතයට ඇදිල යන නිසා.ඒත් ඒ පුනරාවර්ජනයෙ අවසානයට මම ගොඩාක් වෛර කරනව..මොකද ඒක හැමදාමත් අවසානය දකින්නෙ ඔයා තවත් මගේ ළඟ නැහැ කියන තිත්ත ඇත්ත මහ අකාරුණික විදියට මට මතක් කරල දීල නිසා.එහෙම මතක් වෙනකොට මාව ආගාධයක පතුලටම ඇද වැටෙනව වගේ තේරෙනවා.එතකොට මම ප්‍රාර්ථනා කරන්නෙ ඒ ඇද වැටෙන වේගෙන්ම දිගටම ගිහින් කොහේ හරි පතුලක වැදිල මාව මැරිල ගියදෙන් කියලා..ඒත් මම මහ පවුකාරයෙක්..ඇයි දන්නවද?මෙහෙම දුක් නොවිඳ ඒ විදියෙ දෙයක් වෙලාවත් මැරෙන්නෙත් නැති වෙන තරමටම මම පවු කරල තියෙන නිසා.. මගේ පවුකාරකමට එහෙම දෙයක්වත් වෙන්නෙ නැහැ.

              හ්ම්...මගෙන් ගොඩක් අය අහන සහ මට කියන දෙයක් තමයි මම ලියන්නෙම විරහව ගැන විතරයි කියන එක..හැබැයි තව එක්කෙනෙක් දෙන්නෙක් කිවුව මම ලියන අනික් දේවල්වලට වඩා මගේ විරහව ගැන ලියවෙන දේවල් හුඟක් හොඳයි කියලා..අනේ ඒකට හේතුවනම් මම දන්නේ නෑ..මම යමක් ලියද්දි පුළුවන් තරම් ඒකට අනුවර්තනය වෙන්න උත්සහ කරනව..විරහව කියන මාතෘකාවෙදි මට හොඳ නිර්මාන කරන්න පුළුවන් වෙන්නෙ මට ඒකට අළුතින් අනුවර්තනය වෙන්න දෙයක් නැති නිසා වෙන්න ඇති..
   
         මට ඔයාව නැති උනා..මගෙ පණ වගේ උන්නු යාළුවො නැතිවුනා..හිතේ සතුට නැතිවුනා..තවත් මොනවද දෙයියනේ මට නැතිවෙන්න තියෙන්නෙ??එහෙම තියෙද්දිත් මම හිනාවෙවී අනාගතේ ගැන හොඳ බලාපොරොත්තු තියාගෙන ඉන්නව..ඔයා දන්නවද ඒක කොච්චර අමාරු වැඩක්ද කියලා?අහනකොටනම් ලේසියි වගේ තමයි..ඒත් ඒක කරන්න ගියාම පුදුමාකාර අමාරුයි..

               මාත් එක්ක තවමත් ඉන්න එක යාලුවෙක් මට ලඟදි දවසක කිවුවා මම දැන් ඉස්සර හිටිය එකාට වඩා ගොඩාක් වෙනස් කියලා..ඌ මගෙන් ඉල්ලුවෙ ආයෙත් පරණ පිස්සාම වෙයන් කියලා..මටත් ඕනෙ ඒ පිස්සාම වෙලා ඉන්න තමයි...ඒ ඉස්සර හිටපු ජොලි පිස්සා වෙන්නම තමයි..ඒත් මචෝ උඹ අහලා තියෙනවද වෙනස්වීමෙන් තොර පැවැත්මක් නෑ කියලා?මටත් දැන් ඒ න්‍යාය පොදු වෙලා තියෙන්නෙ..ආදරේ,යාළුවො,සතුට වගේ ගොඩාක් දේවල් නැතිවුනාම මම ඇත්තටම පිස්සෙක් වෙන්න තමයි ගියෙ..ඒත් මගේ පෙර පිනකට මට හැමදේකම හොඳ පැත්තක් පේන්න ගත්තා..ඒක හින්දා හදවතින් මැරි මැරි හරි ලෝකෙට පේන්න හිනා වෙලා ඉන්න මට පුළුවන්..


(අප්පේ...මේ පාර වැල් වටාරම් වැඩි උනා...ඒ වගේමයි මේ කොටස පළකරන්න මෙච්චර පරක්කු උනු එකටත් හදවතින්ම සමාව ඉල්ලනව..)

No comments:

Post a Comment

නිදහස් අදහස්....