Friday, April 13, 2012

හැමෝම දකින අවුරුද්ද කවුරුත් නොදකින විදිහට......

"පේන්ට්. බුරුසු. තීන්ත ගාමු. තීන්ත නෑවා. අයියෝ සල්ලි. දුන්නා තීන්ත පාර. මල්ලි.. #$%@^&. බුරුසු. රෙදි. වතුර. මකුළු දැල්. දැල් කඩනවා. පව්. පිහිදානවා. හොදටම දූවිලි.  වතුර බකට්. මොප් එක. හොදට අතුල්ලන්න. ඔන්න හේදුවා. බලාගෙන ලිස්සයි. හූ ඇද්ද වැටුනා. හෝව් හෝව්. අන්න අම්මා කතා කරනවා. මුං කැවුම්. ශා...කොකිස්. හරිම රසයි. කන්න එපා. කැවුම් සුවදයි. බලාගෙන පිච්චෙයි. අන්න තාත්තා. කෝ නිලා. අරන් තියන්න. හෙට නේද.
ඉක්මනට කන්න. වෙලාව ලගයි. නොනැගතේ. එන්න. පන්සල් යමු. වැන්දා. පිඟන් යැව්වා. කෑම නාලා. මෙන්න හලලා. රතිඤ්ඤා. මාර සද්දේ. සුබ අළුත් අවුරුද්දක්. දිගට හරහට කෝල්. අක්කා රිසෙප්ශන්. අම්මා උයනවා. කෝ අක්කා. දුව කැම මේසේ හදන්න. ඔන්න වෙලාව ලගයි. පොතක් පාඩම් කරන්න. තාත්තා ගහක් ඉන්දුවා. මෙන්න කන්න. අක්කා ගානේ කිරිබත්. මෝඩයා. ඌ දයියා. වදින්න. අක්කට වදින්න. අපෝ.... ගනුදෙනු. අක්කට සතයයි. හූ හූ.  යමු යමු.
අන්න නැන්දලා. අක්කේ.ශෝක්. අවුරුදු උත්සවේ. අම්මට මුට්ටිය දාමු.(අයිඩියා) කොට්ට පොර. ගැහුවා කුනු වෙන්න. අම්මෝ. ලිස්සනවා. ලෙල්ලටම ගියා. අන්න ගැහුවා මුට්ටියට. කඹේ අල්ලගන්න. යමු ගමේ. ආච්චිට වදින්න. ඔන්න මාමලා. කට්ටියම ඉන්නේ. කැට ගහමු. අනේ බැ. පංච.එන්න. එන්න. කෝ බොන්න. කන්න කන්න අනේ. අන්න. වැනෙනවා. තාලයක් අල්ලමු. දැම්මා කබරයා. හික්ස්. ඔන්න වැටෙයි. අල්ලගන්න. එන්න වදින්න. යනවා. තෙල් ගාමු. තෙල් මුට්ටිය ඔලුවේ(නැ ලිපේ). තෙල් බේරෙනවා. නාන්න. බාප්පා. මල්ලිත් ඇවිත්. සන්තෝසයි. ගෙදර. මෙන්න. නිලා. බමර චක්‍ර. අහස් කූරු. බලගෙන හොදේ. ආව්. කෝ.
මම යනවා. පරිස්සමින් ගිහින් එන්න. වැඩ ඉවර වෙද්දි හවස් වෙයි."
 

එන්න අළුත් විදිහට දකින්න.
උදාවන මේ නව වසර,
ඔබ සැමට....
හිතේ තියෙන පැතුම් ඉටුවෙන....
කෙල්ලො නැති කොල්ලන්ට, කෙල්ලො සෙට් වෙන....
කොල්ලො නැති කෙල්ලන්ට, කොල්ලො සෙට් වෙන....
අතේ මිටේ වැඩිපුර සල්ලි ගැවසෙන....
කරන කියන රැකී රක්ෂා දිනෙන් දිනම දියුණුවන....
දුක් කරදර වලින් තොර....
කිරියෙන් පැණියෙන් ඉතිරෙන....
මැසි මදුරු කරදරවලින් තොර....
සාමය, සතුට, සෞභාග්‍යය සපිරි....
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....!!





4 comments:

  1. ලකල් පංකජApril 13, 2012 at 5:55 PM

    තුන් හෙලයටම සියලු යහපත් වූ සිතුම් පැතුම් ඉටු වන්නාවූ, අකල් විපත් වලින් තොර වූද, රටේ ආර්ථිකය ගොඩ නගා මානූෂීයත්වය රජ කරවන්නට පිලිවන්නාවූ කිරියෙන් පැනියෙන් බත බුලතින් ඉතිරෙන්නාවූ සෞභාග්‍යමත් ර්‍ශ්‍ර සුභ නව වසරක් වේවා මල්ලියේ!!! තව හොදට ලියන්න ශක්තිය ධෙර්යය ලැබේවා

    ReplyDelete
    Replies
    1. අයියටත් එසේම වේවා. තැන්ක්ස් වේවා

      Delete

නිදහස් අදහස්....