එයයි මායි මාර ෆිට්.. ඒ ෆිට් කම මගේ හිතේ මෙව්වා එකක් විදිහට කන්වර්ට් උනා. ඒත් එක හරි ගියේ නෑ. එයා එයාගේ හිත වෙන කෙනෙක්ට දීලා තිබ්බේ. කෝම හරි මායි මගෙ යාලුවා හිත දීපු එක්කෙනයි පොඩි වචන හුවමාරුවක් උනා. කෝම හරි යාලුවට මල පැනලද කොහෙද. මම දන්නේ නෑ ඒ වැඩේ කලේ මගේ දයාබර මිත්රයද නැත්තම් එයාගේ සහකරුද කියලා. කොහොම හරි එයා මාව බුකියෙ අන්ෆ්රෙන්ඩ් කරලා බ්ලොක් කරලා. එයාගේ අන්තිම මැසේජ් එක මෙන්න මේක......
"එයා ඔයාව තඹ සත පහකට ගනන් ගත්තේ නැ. ඔයා තමා මෙතන සුපර් මෑන් වෙන්න යන්නේ....."
මේ වචන සෙට් එක කියෙව්වම නිකන් මට අකුනක් ගැහුවා වගේ. මාත් එක්ක මෙච්චර ෆිට් එකේ හිටපු යාලුවා මට මෙහෙම කිව්වද කියල හිතෙද්දිත් මට නිකන් මොකක්ද වගෙ.. කොහොම හරි ඕක දැක්කම මට මෙන්න මෙහෙම හිතුනා.
තොගේ දුක ඇහුවට
හොදයි මට ගැහුවට
හැබයි තඹ නොදිරන
බවත් ගනු මතකෙට
හොදයි මට ගැහුවට
හැබයි තඹ නොදිරන
බවත් ගනු මතකෙට
ෆේස් බුකියේ මාව
අන්ෆ්රෙන්ඩ් කලත් ඔබ
ඔහු හො ඔබම බව
මම දනි සොයුරිය
අන්ෆ්රෙන්ඩ් කලත් ඔබ
ඔහු හො ඔබම බව
මම දනි සොයුරිය
ඔහුගේ බෙර පදයට
පා තබා නටන ඔබ
වැරදි අඩි තැබු විට
ලිස්සා වැටෙයි ඔබ
පා තබා නටන ඔබ
වැරදි අඩි තැබු විට
ලිස්සා වැටෙයි ඔබ
නොවෙමි මම සුපර් මෑන්
ඔබ කිව්ව බොරු හෑල්
ඔබ වේ ජරා මෑන්
ඔහු වේ චන්ඩි මෑන්
ඔබ කිව්ව බොරු හෑල්
ඔබ වේ ජරා මෑන්
ඔහු වේ චන්ඩි මෑන්
ඕනි නැත වන්නට
බොරු කාඩ්බෝඩ් චරිතය
සුපිරි බල නැතුවට
මමයි ඔබේ මිත්රය
බොරු කාඩ්බෝඩ් චරිතය
සුපිරි බල නැතුවට
මමයි ඔබේ මිත්රය
ඔබට වැරදුනු විට
කියූ දේ අසන්නට
සිටියේ හිත හොඳැති මම මිස
ඔබේ සුපිරි මිනිසා නොව
අපි කෙල්ලන්ට හොඳයි..උන් කියන හැම මලදානෙම අහන් ඉන්නකම්,කරනකම් අනෙ ඉතින් අපිට වඩා දෙයියෙක් නෑ වගෙයි කතාව..ඒත් වෙන මොකෙක් හරි වයර් මාරු වෙච්ච ගෝතයෙක් සෙට් උන දවසට අපි නිකම් අවලංගු කාසියක් විතරක් වෙනව..ඒත් මතක තියාගනින්..ඔය කෙල්ලො උඩ දාගෙන යනව වගේම කවදහරි ආයෙ උන්ට අපි ගාවටම එන්න වෙනව..ඒ එන්නෙනම් උඩ පැන පැන නෙමෙයි...සල්ලං උනාට පස්සෙ පස්ස බිම ඇද ඇද...මේක කට කහනවට කියන එකක් නෙමෙයි...අත්දැකීමෙන් කියන්නේ..දන්නවනේ අත්දැකීමත්? හෙහෙ
ReplyDeleteඅනිවා කොලුවෝ !!!
Delete