Saturday, March 24, 2012

පුනරාවර්ජනය... (01)


ඇයි මේ? අමුත්තක්?
මහ පුදුම විදියට වෙනස් වෙලා.හිත විතරක් නෙමෙයි...හැමතැනක්ම.. හැමදෙයක්ම වෙනස් වෙලා.
ඔයාගෙ ඔය අහිංසක හිත මගෙන් මාවම උදුරගත්ත දවස මතකද?ඔයාටනම් අල්ප මාත්‍රයක්වත් මතක නැතුව ඇති..ඒත් එදා මගෙ ෆෝන් එකට ඔයාගෙන් ආව පළවෙනි කෙටි පණිවිඩයෙ වචනවලින් පටන්ගත්ත හැම කතාවක්ම මට හොඳට මතකයි,අදටත්..
පන්තියේ සෙට් එකත් එක්ක ට්‍රින්කො ගිය ට්‍රිප් එක දවසේ මට ඔයාගෙ යාළුවෙක්ගෙන් මිස්ඩ් කෝල් එකක් ආවා.ඒක තමයි මගේ දෛවය වෙනස් වෙන්න පටන් ගත්ත දවස.
ඔව්..ඇත්තටම..එදා මට අළුත් යාළුවෙක් හම්බ වුනා.ඒ යාලුවගේ මාර්ගෙන් තමයි ඔයා මාව අඳුනගන්නෙ..මතකද දියතලාවේ ගිය ට්‍රිප් එක ඔයාල?එදා මුළු දවසම ඔයා උන්නෙ ෆෝන් එකේ එල්ලිලා..පැය ගණන් කතා කළා.කූඩුවෙන් ඇරපු කිරිල්ලියක් වගේ ඔයත් උපරිම නිදහසක් වින්දා..එහෙම නේද?

ඒ දවස මට අමරණීයයි..
big match එක බලන්න SSC එකට යන්න කලින් අපේ ඉස්කෝලෙ බාස්කට් බෝල් කෝට් එක ගාව ඉන්නකොට තමයි මට ඔයාගෙන් මුලින්ම message එක ආවෙ..එතන ඒ වෙනකොට හිටපු උන් සාක්කි කියාවි ඒකට..ඔව්..මම ඒකට reply කලා..අපි දිගට හරහට අදහස් හුවමාරු කරගත්තා..SSC එකට යන අතරමගදි මට ඔයාගේ අංකයෙන් කෝල් එකක් ආව.."hi,is this demintha?hei am naduni.."සත්තකයි මට අදහාගන්න බැරි උනා..නොකිවුවට මොකද මම ඒ වෙනකොට හිතන් උන්නේ මගේ යාළුවෙක් මාව අන්දනවා ඇති කියලා..ඒත්...ඒ ඇත්තටම ඔයා...ඒක නිකම් චිත්‍රපටියක තිර රචකයාට ඕනෙ විදියට ලියවුනු හමුවීමක් වගේ මට දැනුනේ.(ඒක නිසාම වෙන්න ඇති මම ඔයාට මේ තරමට ලෝබ වුනේ..)කොහොමින් හරි තප්පර විනාඩි වෙද්දි,විනාඩි පැය වෙද්දි,පැය දවස් වෙද්දි අපි සංසාරගත පෙමක් වගේම ළංවුනා...අන්තිමට ඒ කතාබහ නැවතුනේ ඔයා මගේම වෙන්න පොරොන්දු වෙලා...මතකද ඔයාට?
                                 
  අඳුරු මායා පටල  විනිවිද
මගේ ලොව වෙත පෑයු සඳ ඔබ
නෙතින් දැක හමු වී නොතිබුනද
කිමද මා සිත බැඳුනෙ ඔබ වෙත

දුරින් සිටියද ගතින් දෙදෙනම
සිතින් එක්තැන් වෙලා නොදැනිම
ආලයෙන් මා සිත උමතු  කල
කින්නරාවිය ඔබයි මගෙ ලොව

තොඳොල් වදනින් මහට අමතන
දෙව්දුවේ ඔබ පමණි මගෙ ලොව
අයැද සිටිනෙමි ඔබෙන් මම  අද
නොයන් හැරදා මගේ  ලෝකය

මතකද මේක?ඔයා වෙනුවෙන් මම ලියපු පළවෙනි කවිය..ඒත් අන්තිම එක නෙමෙයි..මොකද ඔයා මට දුන්නු ආදරය නිසා ලියපු කවි වගේම ඔයා මට දීපු විප්පයෝග ශෘංගාරයට පිං සිද්ද වෙන්න අදටත් මගෙන් කවි ලියවෙනවා..මේ කවි පෙළ හින්දා අපි දෙන්නට විඳින්න වුනු පීඩා ගොඩයි..ඒත් අද..මම ඒ පීඩා වලට ආසයි..මොකද ඒව තමයි අද මට මතක් කර කර විඳින්න(විඳවන්න )තියෙන මතකය..ඒ මතකය සුන්දරයි..ඒ වගෙම ගොඩාක් හිත රිදවනවා..ඔව්..ඒ මතකය මට මතක උනත් ඔබට අමතක බව මම දන්නව..ඒක නිසයි ඔයා කවදාම හරි මේක දකීවි කියන හීනේ පාවෙවී මම ඒ මතකය ආයිත් ඔයාට මතක් කරල දෙන්නෙ..ඔව්..අනිවාර්යයෙන්ම ඒක මම කරනව..මොකද මම දන්නව ඔයා ආයෙත් මගේ ලඟටම එනව කියලා..එතකන් අපේ මතක සැමරුම මේ විදියටම පළවේවි...


6 comments:

  1. මතකයි සොයුර උබ ඈ හා මල් කැඩුවා
    පෙම් ලෝකේ රස විදිමින් ෆන් ගත්තා
    නොකියම ඈ ඔබ තනිකර පලා ගියා
    ගැයුවා විරහා ගී ඔබ මම තාල දමා........

    ReplyDelete
    Replies
    1. පෙම් ලෝකේ රස වින්දෙමු බයිට් කකා
      සිහින මාලිගා තැනුවෙමු අපෙම වෙලා
      මා පිය දෙදෙනගේ අවසර නොමැති නිසා
      ඈ මා හැර ගියේ දැන් අමතකත් වෙලා!!!

      Delete
  2. සියල්ල වෙනස් වී ඇත....:)
    කතාවනම් සුපිරි

    ReplyDelete
  3. ya man ube katha mehema hari pala karapu eka patta...

    ReplyDelete

නිදහස් අදහස්....