
ඒත් දැන්..මම ඕනෙවටත් වඩා සාපේක්ශ චලිතය දකිනවා.මගේ ජීවිතයට පුංචි හරි ත්වරණයක් ඕනෙම කාලෙ මගේ ත්වරණකාරකය වෙච්ච ඔයා මගෙ මුළු ජීවිතේම සීඝ්‍ර මන්දනයකට ඇදල දාලා මගේ ජීවිතෙන් ඌර්ධෝවපාතනය වුනා මතකයේ පුංචි අවක්ෂේපයක් විතරක් ශේෂ කරලා.මගේ ජීවිත ප්‍රස්තාරය දැන් විචලනය වෙන්න ශ්‍රිතයක් නැතුව ඔහේ බලන් ඉන්නවා.එකක් කියන්න ඕනෙ.උඹ නයිට්‍රස් දාල මගෙ ජීවිතේ එකසිය ගාණට ත්වරණය කරනවා කිවුවත් වඳින්නං ආයෙනම් මගෙ දෑහට පේන්න එන්න එපා.දැන් මට සාපේක්ශ චලිතය අත්දැකලා තිත්ත වෙලා..අනෙක් අයගේ ජීවිත ඒ අයගේ ත්වරණකාරකත් එක්ක අධික ප්‍රවේගෙකින් ජීවිතේ හොයාගෙන මගෙන් ඈතට විස්ථාපනය වෙද්දි මම නිශ්චලතාවයේ ඉඳන් උන් දිහා බලන් ඉන්නවා.සමහර අයනම් කියන්නෙ බන්ධන තිබුණමයි, ඒ බන්ධනේ ස්ථාවර වෙන්න වෙන්නයි අස්ථායි බව වැඩිළු!!ඒ නිසා දිගටම ස්ථායි විදියට තනි පරමාණුවක් විදියටම ඉන්නළු..එක එක මූලද්‍රව්‍යවල ගුණ විවිධාකාරයිනෙ.මම ලෝහ ගුණය වැඩි කාණ්ඩෙක මූලද්‍රව්‍යයක් වෙන්න ඇති..මට මගේ ජීවිත ඉලෙක්ට්‍රෝන බෙදා ගන්න බන්ධනයක් ඕන..වැඩේ කියන්නෙ මට ගැළපෙන සංයුජතා සහිත පරමාණු නැති එක!!
මගෙ ජීවිතේට දැන් තියෙන්නෙ තත්පර ගණන්වල පුංචි ත්වරණයන් විතරයි.ප්‍රවේග කාල ප්‍රස්තාරයක් ඇන්දොත් පෙනෙයි අනුක්‍රමණයක්වත් නැති මෙලෝ රහක් නැති ජීවිතයක් දැන් මට තියෙන්නෙ කියලා.මට ඕනෙ මගෙ ජීවිතේට ඍජු ත්වරණයක් දීල මාව ඒකාකාර ප්‍රවේගෙන්ම ගෙනියන්න පුළුවන් බාහිර බලයක්..ඒ බලය කවදහරි මගේ සංතුලනය බිඳිනකං,නිවුටන් දෙවෙනි නියමෙන් කිවුව වගේ මම නිශ්චලවම නිශ්චල වස්තුවල ගුරුත්ව කේන්ද්‍ර ගැන හිත හිත ඉන්නං...