Saturday, June 8, 2013

chit එකක් - 3! (නොකියවූ! ) :p

අහසම ගුගුරුවාගෙන වැටෙනා වැස්ස
කම්මැළිකමෙන් පුරවයි හිත් හැම අස්ස
ගෙදර ඉන්න හැදුවත් හින්දා වැස්ස
මගෙ බුදු පියා දැම්මනෙ ඒකට කොස්ස!

වැහි පිට වැහි වැටී ගං දිය ගොඩ ගැලුවත්
සැඩ සුළි සුළං කුණාටු ගම් බිම් නැසුවත්
ලෝක විනාසෙට මොහොතක් පෙර තිබ්බත්
පන්ති යාම නවතනු බෑ මොකකටවත්!

තෙතබරි වෙලා සියොළඟ සමහර උන්ගේ
සමහරු ගෙදර ඇති පොරවන් රෙදි උන්ගේ
අද මේ කටු නොකෑවොත් සර් කියනවා වාගේ
හැමදා වෙන්නෙ තෙමෙන්න කඩපිල් ගානේ!
 

2 comments:

  1. වැස්සට තෙමුනම අදහස් තෙතබරිත වෙලා ඔහොම කවි ලියැවෙනවා.. හිහී

    ReplyDelete
    Replies
    1. ඇයි බං වැස්සට තෙතබරි වුනු ගෑල්ලමයි දැක්කමත් ඔහොම ඒව ලියවෙනවනෙ! ;)

      Delete

නිදහස් අදහස්....