කවිකම් කෙරුම මෙන් සිතකට සුවය දෙන
වෙනයම් දෙයක් වෙද මේ ලොව කිසිම තැන
සිතට නැගෙන කවි සිතිවිලි පදට ගෙන
කවියක් කර ලියමි සැනසුම ලබා ගෙන
අයා දෙනෙත ලෝකය දැකුමෙහී රිසින්
පියා සලා යන විහඟෙකුගේ විලසින්
සොයා නිදහසේ අරුණළු යමි රහසින්
ලියා තබමි ගමනක ඇරඹුම මෙලෙසින්
පද ගැට ගසා කරනා විට මම කවිකම්
සිතිවිලි ගලා එයි බිඳිමින් සීමා ඉම්
පන්හිඳ තුළට කවනෙමි ඒ සියළු හැඟුම්
කඩදහි කෑල්ලක රඳවමි මතක කුසුම්!

සිතට නැගෙන කවි සිතිවිලි පදට ගෙන
කවියක් කර ලියමි සැනසුම ලබා ගෙන
අයා දෙනෙත ලෝකය දැකුමෙහී රිසින්
පියා සලා යන විහඟෙකුගේ විලසින්
සොයා නිදහසේ අරුණළු යමි රහසින්
ලියා තබමි ගමනක ඇරඹුම මෙලෙසින්
පද ගැට ගසා කරනා විට මම කවිකම්
සිතිවිලි ගලා එයි බිඳිමින් සීමා ඉම්
පන්හිඳ තුළට කවනෙමි ඒ සියළු හැඟුම්
කඩදහි කෑල්ලක රඳවමි මතක කුසුම්!