Saturday, March 31, 2012
Saturday, March 24, 2012
පුනරාවර්ජනය... (01)
ඇයි මේ? අමුත්තක්?
මහ පුදුම විදියට වෙනස් වෙලා.හිත විතරක් නෙමෙයි...හැමතැනක්ම.. හැමදෙයක්ම වෙනස් වෙලා.
ඔයාගෙ ඔය අහිංසක හිත මගෙන් මාවම උදුරගත්ත දවස මතකද?ඔයාටනම් අල්ප මාත්‍රයක්වත් මතක නැතුව ඇති..ඒත් එදා මගෙ ෆෝන් එකට ඔයාගෙන් ආව පළවෙනි කෙටි පණිවිඩයෙ වචනවලින් පටන්ගත්ත හැම කතාවක්ම මට හොඳට මතකයි,අදටත්..පන්තියේ සෙට් එකත් එක්ක ට්‍රින්කො ගිය ට්‍රිප් එක දවසේ මට ඔයාගෙ යාළුවෙක්ගෙන් මිස්ඩ් කෝල් එකක් ආවා.ඒක තමයි මගේ දෛවය වෙනස් වෙන්න පටන් ගත්ත දවස.
ඔව්..ඇත්තටම..එදා මට අළුත් යාළුවෙක් හම්බ වුනා.ඒ යාලුවගේ මාර්ගෙන් තමයි ඔයා මාව අඳුනගන්නෙ..මතකද දියතලාවේ ගිය ට්‍රිප් එක ඔයාල?එදා මුළු දවසම ඔයා උන්නෙ ෆෝන් එකේ එල්ලිලා..පැය ගණන් කතා කළා.කූඩුවෙන් ඇරපු කිරිල්ලියක් වගේ ඔයත් උපරිම නිදහසක් වින්දා..එහෙම නේද?
ඒ දවස මට අමරණීයයි..
big match එක බලන්න SSC එකට යන්න කලින් අපේ ඉස්කෝලෙ බාස්කට් බෝල් කෝට් එක ගාව ඉන්නකොට තමයි මට ඔයාගෙන් මුලින්ම message එක ආවෙ..එතන ඒ වෙනකොට හිටපු උන් සාක්කි කියාවි ඒකට..ඔව්..මම ඒකට reply කලා..අපි දිගට හරහට අදහස් හුවමාරු කරගත්තා..SSC එකට යන අතරමගදි මට ඔයාගේ අංකයෙන් කෝල් එකක් ආව.."hi,is this demintha?hei am naduni.."සත්තකයි මට අදහාගන්න බැරි උනා..නොකිවුවට මොකද මම ඒ වෙනකොට හිතන් උන්නේ මගේ යාළුවෙක් මාව අන්දනවා ඇති කියලා..ඒත්...ඒ ඇත්තටම ඔයා...ඒක නිකම් චිත්‍රපටියක තිර රචකයාට ඕනෙ විදියට ලියවුනු හමුවීමක් වගේ මට දැනුනේ.(ඒක නිසාම වෙන්න ඇති මම ඔයාට මේ තරමට ලෝබ වුනේ..)කොහොමින් හරි තප්පර විනාඩි වෙද්දි,විනාඩි පැය වෙද්දි,පැය දවස් වෙද්දි අපි සංසාරගත පෙමක් වගේම ළංවුනා...අන්තිමට ඒ කතාබහ නැවතුනේ ඔයා මගේම වෙන්න පොරොන්දු වෙලා...මතකද ඔයාට?
අඳුරු මායා පටල විනිවිද
මගේ ලොව වෙත පෑයු සඳ ඔබ
නෙතින් දැක හමු වී නොතිබුනද
කිමද මා සිත බැඳුනෙ ඔබ වෙත
දුරින් සිටියද ගතින් දෙදෙනම
සිතින් එක්තැන් වෙලා නොදැනිම
ආලයෙන් මා සිත උමතු කල
කින්නරාවිය ඔබයි මගෙ ලොව
තොඳොල් වදනින් මහට අමතන
දෙව්දුවේ ඔබ පමණි මගෙ ලොව
අයැද සිටිනෙමි ඔබෙන් මම අද
නොයන් හැරදා මගේ ලෝකය
මතකද මේක?ඔයා වෙනුවෙන් මම ලියපු පළවෙනි කවිය..ඒත් අන්තිම එක නෙමෙයි..මොකද ඔයා මට දුන්නු ආදරය නිසා ලියපු කවි වගේම ඔයා මට දීපු විප්පයෝග ශෘංගාරයට පිං සිද්ද වෙන්න අදටත් මගෙන් කවි ලියවෙනවා..මේ කවි පෙළ හින්දා අපි දෙන්නට විඳින්න වුනු පීඩා ගොඩයි..ඒත් අද..මම ඒ පීඩා වලට ආසයි..මොකද ඒව තමයි අද මට මතක් කර කර විඳින්න(විඳවන්න )තියෙන මතකය..ඒ මතකය සුන්දරයි..ඒ වගෙම ගොඩාක් හිත රිදවනවා..ඔව්..ඒ මතකය මට මතක උනත් ඔබට අමතක බව මම දන්නව..ඒක නිසයි ඔයා කවදාම හරි මේක දකීවි කියන හීනේ පාවෙවී මම ඒ මතකය ආයිත් ඔයාට මතක් කරල දෙන්නෙ..ඔව්..අනිවාර්යයෙන්ම ඒක මම කරනව..මොකද මම දන්නව ඔයා ආයෙත් මගේ ලඟටම එනව කියලා..එතකන් අපේ මතක සැමරුම මේ විදියටම පළවේවි...
අහෝ ඛේදයකි හුටා මෙහි කෙල්ලෙකි
මට මේ ලගදි පට්ට දුක සීන් එකක් උනා... මම ලගින්ම ආශ්‍රය කරපු පට්ට ජොලි මගෙ යාලුවෙක් මාත් එක්ක තරහ උනා. යාලුවෙක් කිව්වේ යෙහෙලියක්...
එයයි මායි මාර ෆිට්.. ඒ ෆිට් කම මගේ හිතේ මෙව්වා එකක් විදිහට කන්වර්ට් උනා. ඒත් එක හරි ගියේ නෑ. එයා එයාගේ හිත වෙන කෙනෙක්ට දීලා තිබ්බේ. කෝම හරි මායි මගෙ යාලුවා හිත දීපු එක්කෙනයි පොඩි වචන හුවමාරුවක් උනා. කෝම හරි යාලුවට මල පැනලද කොහෙද. මම දන්නේ නෑ ඒ වැඩේ කලේ මගේ දයාබර මිත්‍රයද නැත්තම් එයාගේ සහකරුද කියලා. කොහොම හරි එයා මාව බුකියෙ අන්ෆ්‍රෙන්ඩ් කරලා බ්ලොක් කරලා. එයාගේ අන්තිම මැසේජ් එක මෙන්න මේක......
"එයා ඔයාව තඹ සත පහකට ගනන් ගත්තේ නැ. ඔයා තමා මෙතන සුපර් මෑන් වෙන්න යන්නේ....."
මේ වචන සෙට් එක කියෙව්වම නිකන් මට අකුනක් ගැහුවා වගේ. මාත් එක්ක මෙච්චර ෆිට් එකේ හිටපු යාලුවා මට මෙහෙම කිව්වද කියල හිතෙද්දිත් මට නිකන් මොකක්ද වගෙ.. කොහොම හරි ඕක දැක්කම මට මෙන්න මෙහෙම හිතුනා.
ඔබට වැරදුනු විට
කියූ දේ අසන්නට
සිටියේ හිත හොඳැති මම මිස
ඔබේ සුපිරි මිනිසා නොව
එයයි මායි මාර ෆිට්.. ඒ ෆිට් කම මගේ හිතේ මෙව්වා එකක් විදිහට කන්වර්ට් උනා. ඒත් එක හරි ගියේ නෑ. එයා එයාගේ හිත වෙන කෙනෙක්ට දීලා තිබ්බේ. කෝම හරි මායි මගෙ යාලුවා හිත දීපු එක්කෙනයි පොඩි වචන හුවමාරුවක් උනා. කෝම හරි යාලුවට මල පැනලද කොහෙද. මම දන්නේ නෑ ඒ වැඩේ කලේ මගේ දයාබර මිත්‍රයද නැත්තම් එයාගේ සහකරුද කියලා. කොහොම හරි එයා මාව බුකියෙ අන්ෆ්‍රෙන්ඩ් කරලා බ්ලොක් කරලා. එයාගේ අන්තිම මැසේජ් එක මෙන්න මේක......
"එයා ඔයාව තඹ සත පහකට ගනන් ගත්තේ නැ. ඔයා තමා මෙතන සුපර් මෑන් වෙන්න යන්නේ....."
මේ වචන සෙට් එක කියෙව්වම නිකන් මට අකුනක් ගැහුවා වගේ. මාත් එක්ක මෙච්චර ෆිට් එකේ හිටපු යාලුවා මට මෙහෙම කිව්වද කියල හිතෙද්දිත් මට නිකන් මොකක්ද වගෙ.. කොහොම හරි ඕක දැක්කම මට මෙන්න මෙහෙම හිතුනා.
තොගේ දුක ඇහුවට
හොදයි මට ගැහුවට
හැබයි තඹ නොදිරන
බවත් ගනු මතකෙට
හොදයි මට ගැහුවට
හැබයි තඹ නොදිරන
බවත් ගනු මතකෙට
ෆේස් බුකියේ මාව
අන්ෆ්‍රෙන්ඩ් කලත් ඔබ
ඔහු හො ඔබම බව
මම දනි සොයුරිය
අන්ෆ්‍රෙන්ඩ් කලත් ඔබ
ඔහු හො ඔබම බව
මම දනි සොයුරිය
ඔහුගේ බෙර පදයට
පා තබා නටන ඔබ
වැරදි අඩි තැබු විට
ලිස්සා වැටෙයි ඔබ
පා තබා නටන ඔබ
වැරදි අඩි තැබු විට
ලිස්සා වැටෙයි ඔබ
නොවෙමි මම සුපර් මෑන්
ඔබ කිව්ව බොරු හෑල්
ඔබ වේ ජරා මෑන්
ඔහු වේ චන්ඩි මෑන්
ඔබ කිව්ව බොරු හෑල්
ඔබ වේ ජරා මෑන්
ඔහු වේ චන්ඩි මෑන්
ඕනි නැත වන්නට
බොරු කාඩ්බෝඩ් චරිතය
සුපිරි බල නැතුවට
මමයි ඔබේ මිත්‍රය
බොරු කාඩ්බෝඩ් චරිතය
සුපිරි බල නැතුවට
මමයි ඔබේ මිත්‍රය
ඔබට වැරදුනු විට
කියූ දේ අසන්නට
සිටියේ හිත හොඳැති මම මිස
ඔබේ සුපිරි මිනිසා නොව
Tuesday, March 20, 2012
සහෘද මිතුරනි...ඔබටයි මේ තුති මල්!
මේක මම ලිවුවෙ පහුගිය වසරෙ.ඇත්තටම මගෙ ජීවිතේ මට වැඩියෙන්ම සමීප වෙච්ච යාලුවො කාණ්ඩය දාල යන්න වෙච්ච වේදනාවට මගේ අතින් ලියවුනු පද පෙළක්.මේක විතරක්ම නෙමෙයි..තවත් එවන් කවි තියෙනව.ඒත් මේ කවි පන්තියට ලොකු ප්‍රතිචාරයක් ලැබුනා..ඒ වගේම මට දෙතුන් දෙනෙක්ම ඉල්ලීම් කලා මේක වැඩි දියුනු කරල සින්දුවක් කරන්න කියලත්..ඇත්ත..මගේ හිතෙත් ඒ අදහස තිබුනා..ඒත් පසු කාලීනව වෙච්ච සමහර දේවල් නිසා ඒ අදහස 'උපන් ගෙයි මළ' සිහිනයක් වුනා..කමක් නෑ..කොහොමින් කොහොමහරි මට ඊයෙ පොතක් අස්සෙ තිබිලා මේ කවි ටික ආයේ හම්බුනා..
අදහස් දෙන්න මට ඔබගෙත්...අතීතය එසේ වීමුත් වර්තමානය වෙනස්ව ඇත..එනමුදු මම ඒ අතීතයේ මිහිරට ඇළුම් කරමි..ඒ වෙනස් වු වර්තමානයේ නොවෙනස්ව අතීතයේ මෙන් එකට එකාවන්ව සිටින මාගේ දයාබර මිතුරු කැලට මුළු හදවතින්ම පුදමි..
අදහස් දෙන්න මට ඔබගෙත්...අතීතය එසේ වීමුත් වර්තමානය වෙනස්ව ඇත..එනමුදු මම ඒ අතීතයේ මිහිරට ඇළුම් කරමි..ඒ වෙනස් වු වර්තමානයේ නොවෙනස්ව අතීතයේ මෙන් එකට එකාවන්ව සිටින මාගේ දයාබර මිතුරු කැලට මුළු හදවතින්ම පුදමි..
ගැමුණු මහසෙන් රජුන් පැරකුම්
අත තිබූ කගපත්
කැපෙනවා තව බොහෝකල්..
එවන් උරුමැති පරපුරක් ඇති
එවන් උරුමැති රුධිරයෙන් හෙබි
රාජකීයනි එකතු වව්..
රාජකීයව හඬ නගව්..
එක යායක පිපි එක මල් පොකුරක
පෙති ගැළවී යන උඩු සුළඟේ
කෙවෙනි අගින් නෙත් වැටෙනා කඳුලැලි
මිතුරුදමේ නාමෙට ලියැවේ
කිරුළු පැළැන්දෙමු සිහසුන් රන්දා
රජුන් රැසක් වී එකම බිමේ
යාය පුරා විසිරී යන මල්පෙති
මතු දින ලොවටම සුවඳ ගෙනේ
රාජකීය විදුමව් තුරුලේ ගෙව්
සය වසරක ඒ සොඳුරු මඟේ
ගෙව් දෙවසර ඔබ හා මා මිතුරේ
දිවියේ සොඳුරුම මතකය වේ..
Friday, March 16, 2012
අනේ අපොයි !!!!!!
ඔන්න ඉතින් මේක මටමත් නෙමෙයිද මන්දා උනේ. කෝම හරි ඉතින් ඔය අපි ඒ ලෙවල් කියල එකකට පන්ති යනවනේ.ඔන්න ඉතින් පන්තියකට ගියා. කෝමත් ඉතින් පලවෙනි දවසනේ ඔන්න ඉතින් ගියා ඉස්සරහම පේලියකට. අම්මට උඩු කිව්වලු එහා පැත්තේ ඉන්නවා ගින්දර වගේ කෑල්ලක්. රම්පෙට පොරි පොකුරු පොකුරු කිව්වලු ඉතින්. සර් කාරයත් වැඩියා පන්තියට ඉතින්. ඔන්න පලවෙනි දවසේ පොඩ්ඩක් වැඩ කරලා ගනන් වගයක් හදන්න දුන්නා ඉතින්. අඩෙ අප්පා මෙන්න මේකි නිකන් විදිල්ල වගේ හදාගෙන හදාගෙන යනවා. මාත් එකි දිහා බලන් ඉන්න එක නවත්තලා දඩ බඩ ගාලා ගනන් ටික හැදුවා.ඔන්න ඔය දවස ඉතින් පොඩ්ඩ පොඩ්ඩ ගියා.
ඔන්න තව දවසක් අර අනිත් සබ්ජෙක්ට් එකකට ඔන්න තව පන්තියකට ගියා. දෙයියෝ නිකන් මගේ මූන බැලුවා වගේ මෙන්න මේකි මම යන අනිත් පන්තියටත් එනවා. පට්ට පට පට. මටද ඉතින් මාර ෆන්. ඉතින් ඕම පන්ති දෙකකට සෙට් වෙන කෙල්ලව මට ෆේස්බුකියෙත් සෙට් උනා. දැන් ඉතින් ගොඩ වගේ තමා. කොච්චර මුන බැලුවත් අනේ මන්දා මටමයි වෙන්නේ කියන්නේ මේකිට කොල්ලෙක් ඉන්නවලු ඉතින්. ඇඩෙනවනෙ !!! ඔන්න කමක් නෑ මොනා කරන්නද කියලා පොඩි ආතල් එකක් දාලා ෆුල් ෆන් එකේ ඉන්නකොට ඉතින් මෙකිත් ඔන්න මෙයාගේ දුක මාත් එක්කම ඇද බාන්න ගත්තානේ.....
මගෙ හිත කොච්චර ගල් වගේ උනත් කෙල්ලෙක්ගේ දුකක් අහනකොට ඉතින් බටර් වගේ දිය වෙනවා. ඒම තාමා ඕනම කොල්ලෙක්ගේ හිත. කෝම හරි ඉතින් මෙන්න මෙයාගෙ කොලුවා ජොලි නැලු, එයා හිතපු කොල්ලා නෙමෙයිලු. අනම් මනම් බයිලා. කාගෙවත් දුකෙදි සතුටු වෙන්න එපා කිව්වට මගේ හිතේ චුට්ටන් සතුටක් ආවා. ඇයි බොලේ මට මෙකිව සෙට් කරගන්න පුලුවන්නේ. මොකො නොකිව්වට මාත් මෙකිට හිතෙන් මෙව්වා කලා. අන්තිමට ඉවසන් ඉන්න බැරි පාර මෙකිගේ දුක නෙමෙයි මගෙ දුක නැති කරගන්න කියලා මම මගෙ මෙව්වා එක එයාට කිව්වා. අයියෝ සල්ලි කිව්වලු එයා බැ කියනවනේ. ඒ උනාට කෙල්ලගේ හිතේ කොනක පොඩි මෙව්වා එකක් අනිවා තියෙනවා. ඒක ඉතින් කොල්ලගෙ මේ ටිකිරි මොලේට තේරුනා.
එ හින්දා මාත් දත කාගෙන ට්‍රයි කලා කලා ඒත් මෙකි බයයි වැඩෙට. මොකො අර කොල්ලා මොන හරි කරයි කියලා. මොනා කරන්නද. අනුන්ගේ කුඩු කඩන්න ඔනේ නෑනේ.. මාත් ඉතින් කෙල්ලගේ කැමැත්තනේ මොනා කරන්නද කියලා දුකින් උනත් එකිගේ දුක අහගෙන හිටියා. තාමත් අහනවා. හපොයි කිව්වලු නේ........ එකි කොල්ලා එක්ක දුකේ මම එකි නැතුව දුකේ..... දැන් ඉතින් හිත ගිය කෙල්ලත් වෙන තැනකනේ. හිත යන කෙල්ලෙක් එනකම් මාත් ඉතින් ඔහේ ඩොටේට වෙලා ඉන්නවා.
ඩොටේ කියන්නේ කොහෙදැයි අනම් මනං බහු භුත හිතන්නේ නැතුව ඉක්මනට ඔය උඹලගේ හිතවල් වල මෙව්ව උන කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි ඉන්නවනම් ගිහින් ඔය මෙව්වා එක ටක් ගාලා කියපන්. නැත්තම් ඉතින් සොරි ඩොට් කොම්ම තමා.
දැනටමත් සේම් ස්ටොරියනම් ඉතින් හූල්ල හූල්ල ඉන්නේ නැතුව මෙන්න මේ සින්දුව වත් කියලා ෆන් එකේ ඉන්න. නැතුව වෙන මොනවා කියල කරන්නද ? මම නම් ඉතින් මේ දවස් වල ඕකම තමා කියන්නේ...... හෙහෙහෙ......
ඔන්න එහෙනම් ඒකත් අහගෙනම යන්නකො කස්ටිය......
Monday, March 12, 2012
අතීතකාමී දුක්ඛන්ධකාරය...
වසරක් ඉක්ම ගොස්...
දැනුනාද ඔය හිතට?
කාලයේ රුදුරු බව...
අල්ප මාත්‍රයකින්වත්?
ළහිරු කිරණක් වී හිඳින්නෙමි
සදා ආදර ඔබේ සිත ලඟ
කියා බොලඳැති වදන් තෙපලා
මා අතැර ගියෙ නොසිතු විලසක
නොසිතු මොහොතක එළිය වී මට
සදා රැඳෙනට පිළින දී සිට
සදා අඳුරම උරුම කොට මට
වෙන්ව ගිය රන්සිලිය ඔබමය...
දොලොස් මසකුත් ගෙවුනු මොහොතේ
වීත් තවමත් කඳුලු වෑහේ
සිත දරන්නට නොහැකි වේගේ
කඳුලු වී නෙත් අගින් බේරේ...
Sunday, March 11, 2012
මෙලෝ රහක් නැති මගෙන් මෙලෝ රහක් නැති කම්මැලි කතාවක්.
මෙලෝ රහක් නැති මම මෙලෝ රහක් නැති කම්මැලි කතාවක් දෙන්න හිතුවෙ සාම්ප්‍රදායෙන් පිට යන්නත් සාම්ප්‍රදාය දැනන් ඉන්න එපැයි කියලා මම විස්වාස කරන නිසා සාම්ප්‍රදායික බ්ලොග් ලියන්නන් හා රචකයන් ලිඅයනාකාරයේ එකක් මමත් ලිවිය යුතු බවක් මහ පාරෙදි හිතුනු හෙයිනි. ඔන්න එහෙනම් පටන් ගත්තා. ගන්න ලේන්සුවක් හරි පොරි පැකට් එකක් හරි අතට අරං වාඩිවෙන එකයි තියෙන්නෙ.
අපි හැමෝගෙම ජීවිතය වෙන කාටවත් සමාන කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද කියනවනම් කොච්චර අපේ කිව්වත් ඒක මගේ/ උඹගෙ ජීවිතය නිසා. ඒක ජීවත් කරන්නෙත් මම / උඹ කියන කෙනා නිසා . ගොඩක් අය අහනවා ඇයි මටම වෙන්නෙ කියලා. "ඇයි මටම වෙන්නෙ?" මම ඉස්සල්ලත් කිව්වනෙ "ගොඩක් අය අහනවා"කියලා. ඒ කියන්නෙ ඕක මටවත් තව කෙනෙක්ටවත් වෙන දෙයක් නෙමෙයි කියන එක. මිනිස්සු කොච්චර විවිධාකාර උනත් කාටවත් ලොවෙත් නැති කරදර වෙන්නෙ නෑ. සමහර විට බොහොම පොඩි දෙයක් වෙන්න පුළුවන්. නමුත් හුරතලේට හැදිච්ච අපිට, පොඩි කාලෙ බිම වැටිලා මූණ නරක් කරගත්තම අම්මා තාත්තා "හප්"කියලා පොලවට පාරක් ගහලා අපිව නලවල හැදුවම ඔහොම වෙන එක අහන්නත් දෙයක්ද?
සමහරුන්ට යාලුවො නෑලු. සමහරු කියන ඒවා කාටවත් තේරෙන්නෙ නෑලු (ඒකනම් සිංහල නොදන්න කම වෙන්නැති), සමහරු හිනාවෙන්නෙ අඩන්න බැරි කමටලු. අනේද කියන්නෙ , මට නිකම් කොයිල් වගේ. කතාවට එමුකො, මමත් නොකිව්වට හරි දුක් විඳලා තියනවා. මටත් හෙටක් ගැන බයක් තියනවා. ඔව්,මමත් යමක් කරන්න උත්සහ කරනවා! කවදහරි කරල පෙන්නන්නම්.
අයියෝ පොඩ්ඩක් තේරුම් ගන්න. අපිට අපේ සතුටට වඩා දුක මතක හිටියට ඒ කියන්නෙ සතුට වටිනාකමක් නැති දෙයක් කියන එක නෙමෙයි. ජීවිතයට සතුටක්, වෙනසක් එන්නත් පින් කරන්න ඕන. නමුත් අපිට දුක මතක හිටින්නෙ "එක පාරක් වැටුනු වලේ ආපහු නොවැටෙන්න ඕනනම් දුක මතක තියාගනින්" කියනව වගේ දෙයකට වෙන්නත් ඇති කියන එක මතක තියාගන්න. මළාට පස්සෙ ස්වර්ගෙට යන්නයි කියලා මම ජීවත් වෙද්දි දුක් විඳින්නෙ නෑ. මට මේ මොහොත තමයි ස්වර්ගය, ආපාය. ඉන් එහා දෙයක් නෑ....
දැන් ඕගොල්ලො මොනවද එහෙනම් කරන්න ඕන?
මම කිව්වනෙ මේක සාම්ප්‍රදායික ටයිප් බ්ලොග් පෝස්ට් එකක් වගේ එකක් කියලා. ඒව වගේම තමයි ඉවර වෙන්නෙත්.
දැන් දාගෙන හිතපල්ලකො කරන්න දෙයක්! හූ හූ... ලොල් ලොල්... මම මාරු!
Monday, March 5, 2012
දින සටහන......
පාන්දර 3ට ඒලාර්ම් එක වදිද්දි ගිය ආත්මෙ කරපු පව් මතක් වෙනවා.මොනවා කරන්නද?.කොහොම කොහොම හරි විනඩි 5න් නෑගිටිනව කියල ඈස් දෙක පියා ගත්තහම හරි කෙලියයි නෑගිට්ටෙද්දි හොන්දටම පරක්කුයි.දඩි බිඩි ගලා ලෙස්තිවෙල බොඩ්මෙ ඈන්ටිගෙ 5%ට හදන තෙකත් බීල බස් හොල්ට් එකට එද්දි එකෙ ඉන්න හෑමොම මගෙ දිහ අමුතු සතෙක් දෑක්කා වගේ බලන් ඉන්නවා.ඊට පස්සෙ ඉතින් කාන්තා පාසල් බස් ටික වන්දනවෙ යෙදේනව.බස් ක්රෲ මෙම්බර්ස්ලා ආවට පස්සෙ කට්ටියම ගිහින් හුන්ගක් වේගෙන් යන බස් එකකට නගිනවා.සමහර දවසට බස් එක අතුලෙ මල් පිරිලා.අනේ ඉතින් මලක් හිටියොත් අපි මුකුත් කියන්නෙ නෑ.එක හින්දමද කොහෙද,දෑන් අපිව දෑක්කහම ගෑනු ලමයි එ බස් එකට නගින්නෙ නෑ.අපි අපේ පඩුවෙ යන හින්දා ලන්ගදිම දවසක හොන්ද උදෙ කෑම වෙලක් නම් සෙට් වෙනවා හොන්දටම ශුවර්.
කොහොම කොහොම හරි යන්තමින් ස්කොලෙ ගාවට 7.40 වෙද්දි යනවා.නොදන්න එකා වගෙ පොඩි එඋන්ගෙ ගේට් එකෙන් යන්න හදද්දි සිකිය්යුරිටි මාමා ඈවිත් වඩේ දෙල් කරනවා.
"කොහෙද යන්නෙ?"
කොහොම කොහොම හරි යන්තමින් ස්කොලෙ ගාවට 7.40 වෙද්දි යනවා.නොදන්න එකා වගෙ පොඩි එඋන්ගෙ ගේට් එකෙන් යන්න හදද්දි සිකිය්යුරිටි මාමා ඈවිත් වඩේ දෙල් කරනවා.
"කොහෙද යන්නෙ?"
එක තම්යි මේ මාත් බැලුවෙ කොහෙද යන්නෙ කියළ...
"දන්නෙ නැද්ද මෙහෙන් ලොකු ළමයින්ට යන්න බෑ.."
දන්නෙ නෑ නෙ...
එකත් හරි කෙලිය තමයි අපෙ ඉස්කොලෙ අපිට ඕන තැනින් යන්න බෑ.දැන් ස්කූල් ඔෆ් අවර් ෆාදර්ස් නෙවෙයි,ස්කූල් ඔෆ් අවර් සෙකිය්යුරිටි....ඊට පස්සෙ ඉතින් මේන් ගෙට්ම තමයි.අනේ මාව පිලිගන්න කඩ්බෝඩ් බලකාය පෙල සැදිලා ඉන්නවා,දැක්කහම දුකේ බෑ..
"ඕයි මෙහෙ එනවා..."
ඇයි අයියේ?
"මොකද පරක්කු"
බස් එක කැඩුන අයියෙ...(මූණ ඇඹුල් කරගෙන )
"යකෝ මාර විදියටනෙ ලන්කවේ බස් කැඩෙන්නෙ..."
අම්මට සිරි එතකොට තමයි දැක්කෙ තව හතලිහක් විතර පිටිපස්සෙ ඉන්නවා කියල...
(එතකොටම පස්චාත් පැත්තෙ අමාරුව තියෙන එකෙක් අවිත් 'මචන් මූ ඊයෙත් පරක්කුයි')
"ගන්නව තමුසෙගෙ එස්.අර්.බී එක.."
ආ....
"කෝ ඔයි තමුසෙගෙ පොටො එක"
අලවන්න බැරි උන අයියෙ...(හරි දැන් ඉතින් මුගෙ සමරු අත්සන ගහනව පොටො එක උඩ )
"ලබන සතියෙ අලොගෙන එනවා...දැන් අතනට ගිහිහින් හිට ගන්නවා...."
කොන්ඩෙ,රැවුල්,වැවිල තිබ්බෙ නැත්තන් නියපොතු වැවිලා කියල හරි බනිනවා...එතනින් ලිස්සලා පන්තියට එද්දි අනෙ අපේ සර් ගිහිල්ලා.සර්ගෙ මූණ දැක්ක කාලයක් මතක නෑ...ඊට පස්සෙ ඉතින් මම මගෙ ශරීර සෞඛය්‍ය ගැන තමයි.(නිදා ගැනීම යහපත් ශරීර සෞඛ්ය්යක් උරුම කර දේ).යන්තමින් ස්කොලෙ ඇරෙන වෙලාවට නැගිටගෙන අමාරුවෙන් පසල් ගීය යනකල් හිටගෙන ඉන්නවා...
දැන් ඉතින් ක්ලාස්...
කොහොමත් ඉතින් මුල් පැය 2ක 3ම ඉතින් නිදි තමයි...ඊට පස්සෙ දැන්නම් ඉගෙනගන්නවා කියලා හිතලා නගිටිනවා එතකොට කියලා දෙන එවා ග්රීක් වගේ...ඉතින් ඉතුරු පැය 2ක 3ත් නිදා ගන්නවා...සල්ලි දීලා ඇවිත් නිදා ගන්නෙ ඇයි කියලා හිතෙනවා...මොනවා කරන්නද? ගෙදර එ/සී නැ නේ...
අන්තිමට නගිටලා "මෙ රට ගොඩ ගන්නා මේ රටේ දුප්පත් කම නැති කරනා ගෞරවනීය පුරවැසියෙක් වෙනවාමයි කියළා ගෙදර ඇවිත් හෙට උදේ 3ට නගිටිනව කියලා හිතගෙන එලර්ම් එක තියලා නිදා ගන්නවා....
Subscribe to:
Posts (Atom)